සිව්වැනි සතිය අවසන්; ලිවර්පූල් තවමත් පෙරමුණේ

122
Image - premierleague.com

2018-19 එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන සති අන්තය නිමා වූයේ බලාපොරොත්තු වූ ප්‍රතිඵල රැසක් සමඟිනි.

ටොටන්හැම් නොසිතූ ලෙස පරාජය වෙද්දී ප්‍රබල කණ්ඩායම් සියල්ල ජය ගනී

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තය පසුගිය සෙනසුරාදා හා ඉරිදා ක්‍රියාත්මක …

ලිවර්පූල් කණ්ඩායම සිව්වැනි සතියේ ද ලකුණු සටහනේ පෙරමුණේ සිටින්නේ ලෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි. ඒ සමඟ ලෙස්ටර් කණ්ඩායමට ලකුණු සටහනේ අටවැනි ස්ථානය දක්වා පහළ වැටීමට සිදු විය.

සිව්වැනි සති අන්තය දක්වා අපරාජිත වාර්තාව රැක ගත් කණ්ඩායම් තුනෙන් දෙවන කණ්ඩායම වන චෙල්සි කණ්ඩායම බර්න්මවුත් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කළ අතර ඔවුන් දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී ගෝල පරතරයට පින්සිදු වන්නට බර්න්මවුත් කණ්ඩායමට 6 වැනි ස්ථානයේම රැඳී සිටින්නට හැකි විය.

ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30 වැනිදා…

වට්ෆොර්ඩ් කණ්ඩායම සතියේ පෙරළිය කළ අතර 1-0ක් ලෙස පසු පසින් සිටිමින් ටෝටන්හැම් කණ්ඩායම පරාජය කරමින් ගෝල 1-2ක ජයක් හිමි කර ගැනීමට ඔවුන් සමත් විය. ඒ අනුව සිය 100% ජයග්‍රහණ වාර්තාව ද රඳවා ගනිමින් වට්ෆොර්ඩ් කණ්ඩායම තුන්වන ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර ටෝටන්හැම් කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බැස්සේය.

පසුගිය තරග වාරයේ ශූරයින් වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට තියුණු තරගයක් ලබා දෙන්නට නිව්කාසල් කණ්ඩායම සමත් වූ නමුත් ඉවසීමෙන් ක්‍රීඩා කළ මැන්චෙස්ටර් ක්‍රීඩකයෝ ගෝල 2-1ක් ලෙස තරගය ජය ගන්නට සමත් විය. ඒ අනුව මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වූ අතර නිව්කාසල් කණ්ඩායමට 18 වන ස්ථානය දක්වා පල්ලම් බැස්සීමට සිදු විය.

එවර්ටන් හා හඩර්ස්ෆීල්ඩ් අතර තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඒ අනුව එවර්ටන් කණ්ඩායම 7 වන ස්ථානයේ රැඳී සිටිද්දී හඩර්ස්ෆීල්ඩ් කණ්ඩායමට 17 වන ස්ථානය දක්වා පහළට ඇද වැටීමට සිදු විය.  

ආර්සනල් මෙවර තරග වාරයේ සිය දෙවන ජය වාර්තා කළ අතර කාඩිෆ් කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරයෙන් ගැලවී ගෝල 3-2ක් ලෙස තරගය ජය ගන්නට ඔවුන් සමත් විය. සිව්වැනි සති අන්තය අවසානයේ ආර්සනල් කණ්ඩායම 9 වන ස්ථානයේම රැඳී සිටිද්දී කාඩිෆ් කණ්ඩායම 16 වන ස්ථානය දක්වා පහළට වැටුණි.  

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ස්ථාන තුනක් ඉදිරියට පැමිණ 10 වන ස්ථානයට පත්වූ අතර බර්න්ලි සමඟ තරගය ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් විය. තවත් එක් ස්ථානයක් පසුපසට ගිය බර්න්ලි කණ්ඩායමට 19 වන ස්ථානයට ඇද වැටීමට සිදු විය.  

ThePapare.com ප්‍රිමියර් ලීග් ක්‍රීඩාලෝලීන්ගේ කළමනාකරු – අගෝස්තු

ජර්ගන් ක්ලොප් (Liverpool FC) ‘Liverpool’ ක්‍රීඩා සමාජය ඔවුන් ක්‍රීඩා කළ පළමු තරග 3ම ජයග්‍රහණය…

වුල්ෆ්ස් කණ්ඩායම ගෝල 1-0 වෙස්ට්හැම් කණ්ඩායම පරාජය කිරීමට අවසන් මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළේය. ඒ අනුව වුල්ෆ්ස් කණ්ඩායම 11 වන ස්ථානයට පත්වෙද්දී තවමත් ජයග්‍රහණයක් සොයන වෙස්ට්හැම් කණ්ඩායම අවසන් ස්ථානයේ රැඳී සිටියි. ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස සවුත්හැම්ප්ටන් හමුවේ පරාජය වූ අතර ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම 15 වන ස්ථානයට ඇද වැටෙද්දී සවුත්හැම්ප්ටන් කණ්ඩායම 12 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.     

තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා ෆුල් හැම් කණ්ඩායම හා බ්‍රයිටන් යන කණ්ඩායම් දෙකම ස්ථාන දෙකක් පහළට ඇද වැටුණු අතර ෆුල්හැම් 13 වන ස්ථානයේ ද බ්‍රයිටන් 14 වන ස්ථානයේ ද රැඳී සිටියි.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<