දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයත් කොරෝනා ආක්‍රමණයට නතු වේ

607
South Africa Cricket

දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව දකුණු අප්‍රිකාවට යලි ක්‍රීඩා වසන්තය උදා වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ඉතාමත් අවාසනාවන්ත පුවතක් එරටින් වාර්තා වන්නේ ඉදිරි සති කිහිපය තුල පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරගාවලින් රැසක්ම නැවත වරක් දින නියමයක් නොමැතිව කල් දැමීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදෙමිනි.

“තාම ක්‍රිකට් ගහන්න අවසර දෙන්න බැහැ!”

Covid-19 වසංගතයෙහි අවදානම සම්පූර්ණයෙන්ම පාහේ පහව යන තෙක් කිසිම ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තුල සේවයෙහි නියුතු පුද්ගලයින් හත්දෙනෙකු හට Covid-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එරට රජය තවදුරටත් ක්‍රීඩා තරග සංවිධානය කිරීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ආයතනයෙහි වැඩ බලන විධායක නිලධාරි Jacques Faul මහතා මෙම සිදුවීම පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබූ අතර ඊයේ (22) දිනයේ දී කැඳවූ සාකච්ඡාවක් අතරතුර දී ඒ මහතා සඳහන් කර සිටියේ තම ආයතනයට අනුබද්ධිතව වැඩ රාජකාරි කටයුතු සිදු කළ කාර්‍ය මණ්ඩල නිලධාරීන් සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ ක්‍රීඩකයින් ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු මේ වන විටත් PCR පරීක්ෂණයට භාජනය කර ඇති බවයි.

“දැනට අපි මෙම තත්වය පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අරගෙනයි තියෙන්නේ. ඒක නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. පරීක්ෂණවලට මුහුණ දුන් පිරිසෙන් හත්දෙනෙකුට වයිරසය ආසාදනය වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිව ඊයේ දැනුවත් කළා. ආයතනය තුල තියෙන නීති රෙගුලාසිවලට අනුව ඒ අයගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම නම් සදාචාරාත්මක නැහැයි කියලයි මම හිතන්නේ.”

ගේල් CPL හැර යයි

බටහිර ඉන්දීය ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන, විශේෂයෙන්ම එක්දින සහ විස්සයි විස්ස සංචිතයන්ට ඇතුලත්ව සිටින අතිදක්ෂ ක්‍රීඩකයින් 24දෙනෙකු එකම තරග බිමක දී මුණ ගැසෙන Solidarity 3T කුසලාන තරගාවලිය ද යලි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට කටයුතු කරන ලෙසට ඉකුත් සෙනසුරාදා දකුණු අප්‍රිකානු රජය විසින් එරට ක්‍රිකට් ආයතනය වෙත උපදෙස් ලබා දී තිබුණි. 

අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ එම තරගාවලිය දියත් කිරීමට නියමිතව තිබුණේ මේ මස 27 වැනිදා වන අතර සියලුම තරග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබුණේ සුප්‍රසිද්ධ සෙන්චූරියන් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමිනි. Solidarity කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලු රැසක් පැන නැඟී බවත් තරගාවලියේ සියලුම තරග සෙන්චූරියන් පාර්ක් ක්‍රීඩාංගණයෙහි පැවැත්වීමට සූදානම් කිරීම් තරමක් අවදානම්ස හගත බවත් Faul මහතා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නවසීලන්තය සහ බංග්ලාදේශයත් එක ස්ථාවරයකට

2020 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත ක්‍රිකට්

“ක්‍රිකට් ආයතනය විදියට අපි තරමක් කලබල වුනා කියලත් හිතෙනවා මේ තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවද්දී. මොකද සෙන්චූරියන් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශත් දැන් Covid-19 අවදානම් කලාප විදියට නම් කරලයි තියෙන්නේ. අපිට මීට වඩා කාලය අරගෙන විධිමත්ව මේ තරගාවලිය සැලසුම් කරන්න තවමත් හොඳ අවස්ථාවක් තියෙනවා.”

තරගාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවසර ලැබුණු වහාම පැවැත්වෙන දින වකාවනු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් ආයතනය දන්වා තිබුණේ ක්‍රීඩාංගණයෙ හිද යම් වෙනසක් සිදු විය හැකි බවට ඉඟියක් ද ලබා දෙමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<