නවසීලන්තය සහ බංග්ලාදේශයත් එක ස්ථාවරයකට

252

2020 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තුනකට කොරෝනා

“දැනට තියෙන තත්වය අනුව අපිට අපේ රටේ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඒ ඒ නීති සහ රීති වලට අනුව ක්‍රිකට් තරගාවලියක් පවත්වද්දී ලොකු අවදානමක් ගන්න වෙනවා. ඒක හරියට වුනේ නැත්නම් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් ඇතුළු මුළු සේවක මණ්ඩලයම අමාරුවේ වැටෙනවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිසමුඩීන් චෞද්‍රි මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ මේ ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුලත්ව තිබූ අතර එම ටෙස්ට් තරග දෙකම ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකි.

කෙසේ නමුත් කොරෝනා  වයිරසයෙන් නිදහස්ව සිටි රටක් බවට පත්වූ නවසීලන්තය තුල නැවතත් එම වසංගත තත්වය පැතිර යාම ද සලකා බලා නවසීලන්ත ක්‍රිකට් ආයතනය ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම සලකා බලමින් මේ තීරණය ලබා ගැනීම සඳහා ඔවුන් ද සිය කැමැත්ත පළ කර තිබේ.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඔවුන්ට එළිමහන් පුහුණුවීම් කටයුතු කිරීම සඳහා ශරේ බංග්ලා ක්‍රිකට් පිටිය ලබා දෙන මෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් පසුගිය දා ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කළේය. මේ නවසීලන්ත තරගාවලියට අමතරව ඔවුන්ට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා තරග සංචාරය ද අවලංගු වීම නිසා ඔවුන්ගේ මීළඟ ක්‍රිකට් තරගාවලිය බොහෝ විට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වනු ඇත.

Video – මේ අය හෙට අනිද්දම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එයි ද?

බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මශ්රෆි මෝටාසා ද මේ වන විට කොරෝනා වයිරසයේ ගොදුරක් බවට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම  කොරෝනා වයිරසය සඳහා ගොදුරුව තිබේ. එහි ආසන්තම සිදුවීම ඊයේ (22) පාකිස්තානයෙන් වාර්තා වූ අතර එහි දී ඔවුන්ගේ ක්‍රීඩකයින් තිදෙනෙක් හට එම වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

මේ වන විට බංග්ලාදේශය තුල පුද්ගලයින් 119,000කට අධික ප්‍රමාණයක් සඳහා කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙන අතර ඉන් 1500කට අධික ජීවිත ප්‍රමාණයක් මේ වන විට අහිමි වී තිබේ. තවද නවසීලන්තය තුල පුද්ගලයින් 1165කට අධික ප්‍රමාණයක් සඳහා කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙන අතර ඉන් 22කට අධික ජීවිත ප්‍රමාණයක් මේ වන විට අහිමි වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<