“තාම ක්‍රිකට් ගහන්න අවසර දෙන්න බැහැ!”

304

Covid-19 වසංගතයෙහි අවදානම සම්පූර්ණයෙන්ම පාහේ පහව යන තෙක් කිසිම ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බව සඳහන් කරමින් දකුණු අප්‍රිකානු රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළත් සමඟ මේ මස 27 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ Solidarity Cup ක්‍රිකට් තරගාවලිය තවදුරටත් කල් දමන ලෙස සංවිධායකවරුන් හට උපදෙස් ලබා දීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබේ.

ඉන්දු-චීන ගැටුමට මැදි වූ “VIVO” IPL ගැන අවසන් තීන්දුව ඉදිරියේ දී

ඉන්දු-චීන දේශ සීමා ආසන්නයේ මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය දැනටමත් දෙරට අතර රාජතාන්ත්‍රික…

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් අට දෙනෙකු බැගින් කණ්ඩායම් තුනක් එකිනෙකා සමඟ උරින් උර ගැටෙන මෙම තරගාවලිය ප්‍රේක්ෂකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගනු ඇතැයි අපේක්ෂා කළ ද උද්ගතව ඇති තත්වය හමුවේ තරගාවලිය කල් දැමීමට සිදුවීම නොවැළැක්විය කාරණාවක් බවට පත් වී ඇතැයි තරග සංවිධායක කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට සිටියේය.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ තරගාවලිය දියත් කිරීම සඳහා අවසර ලැබුණු වහාම පැවැත්වෙන දින වකාවනු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ නමුත් කලින් සැලසුම් කළ පරිදි තරගාවලිය ජුනි මස 27 වැනිදා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සියල්ල සූදානම් කර තිබූ අතර ජෛව ආරක්ෂණ නීති රීතිවලට අනුකූලව තරග සංවිධානය කිරීමට ද ඔවුන් සූදානමින් පසු වූ බව වාර්තා වේ. තරගාවලියෙහි සියලුම තරග සෙන්චූරියන් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<