සුභානු, සුදාර සහ ශෙහාදගෙන් කැපී පෙනෙන පන්දු යැවීමක්

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

280

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක දෙවැනි දිනයන් අද (26) නිමාවට පත්වුනා.

අද දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ Tamil Union ක්‍රීඩක රන්මිත් ජයසේන වාර්තා කළ අගනා ලකුණු 129 නිසා පළමු ඉනිම සඳහා ලකුණු 527ක විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට Tamil Union ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඔහුට අමතරව අද දිනයේ දෙවැනි ශතක ලාභියා වූ Moors ක්‍රීඩක දිනුක ඩිල්ෂාන් පෙර ඉනිමේ තමන්ට අහිමි වූ ශතකය වාර්තා කරගනිමින් ලකුණු 111ක් රැස් කළා.

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් වූ සුභානු රාජපක්ෂ, සුදාර දක්ෂිණ සහ ශෙහාද සොයිසා කඩුලු 7 බැගින් දවා ගන්නා විට ගාල්ල ක්‍රීඩක සඳුන් දක්ෂිණ කඩුලු 6ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

දිනයේ ලකුණු සටහන්, 

Saracens Sports Club සහ Negombo Cricket Club

  • කාසියේ වාසිය – Negombo CC
  • ක්‍රීඩාංගණය – Bloomfield Ground, Colombo

Saracens Sports Club – 353 (88.4): තවීෂ කහදූවආරච්චී 107, සඳුන් මෙන්ඩිස් 60, සසන්ක නිර්මාල් 45, ඔමාල් පිලපිටිය 35, කවික ඩිල්ෂාන් 35, චමල්ක ප්‍රනාන්දු 21, පසිඳු උස්හෙට්ටිගේ 6/154, රශ්මික මෙවන් 3/61.

Negombo Cricket Club – 322/7 (90): පසිඳු ලක්ශංක 75, උමේෂ් ලක්ෂාන් 71, සඳරුවන් චින්තක 68*, කවික ඩිල්ෂාන් 4/124.

Tamil Union C&A සහ Nugegoda Sports & Welfare Club

  • කාසියේ වාසිය – Nugegoda Sports & Welfare Club
  • ක්‍රීඩාංගණය – P Sara Oval, Colombo

Tamil Union C&A – 527/9 (122.1): සුපුන් කාවින්ද 173, රන්මිත් ජයසේන 127, දමිත පෙරේරා 47, මධුෂික සඳරුවන් 3/92, රහල් ගුණසේකර 2/162.

Nugegoda Sports & Welfare Club – 177/5 (78): කෙවින් පෙරේරා 52*, භාග්‍ය දිසානායක 26, අභිෂේක් ලියනආරච්චි 31, මිරංග වික්‍රමසිංහ 2/36.

Colombo Colts Cricket Club සහ Army Cricket Club

  • කාසියේ වාසිය – Colts Cricket Club
  • ක්‍රීඩාංගණය – Army Ground, Panagoda

Colombo Colts Cricket Club – 331 (76.5): ශෙරෝන් ෆොන්සේකා 80, හර්ෂ රාජපක්ෂ 85, ජෙහාන් ඩැනියල් 55, කෞමාල් නානයක්කාර 7/111, ශෙහාද සොයිසා 2/96.

Colombo Colts Cricket Club – 104 (46.3): අවිශ්ක පෙරේරා 21, මුදිත ලක්ෂාන් 20, ශෙහාද සොයිසා 7/43.

Army Cricket Club – 221 (44.5): හිමාෂ ලියනගේ 58, අශේන් ඩිල්හාර 53*, රොහාන් සංජය 3/47, ජෙහාන් ඩැනියල් 3/57.

Army Cricket Club – 20/1 (05)

Sebastianites C & A සහ Lankan Cricket Club

  • කාසියේ වාසිය – Sebastianites C & A
  • ක්‍රීඩාංගණය – De Soysa International Cricket Stadium

Sebastianites C & A – 228 (58.4): විශාල් සිල්වා 87, මනෙල්කර් ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු 33, විනුද ලියනගේ 3/39, එස්. සංකල්ප 3/47.

Sebastianites C & A – 245/6 (66.3): විශාල් සිල්වා 68, මනෙල්කර් ද සිල්වා 43, තරූෂ ප්‍රනාන්දු 45, යොහාන් පෙරේරා 31, එස්. සංකල්ප 2/44.

Lankan Cricket Club: 179 (55.5): මෙත්සිත් ජයමාන්න 56, ළහිරු ඩිල්ෂාන් 20, තරිඳු රත්නායක 5/95, තරූෂ ප්‍රනාන්දු 4/47.

Navy Sports Club සහ Air Force Sports Club

  • කාසියේ වාසිය – Air Force Sports Club
  • ක්‍රීඩාංගණය – Navy Ground, Welisara

Navy Sports Club – 189 (70.2): සහන් කෝසල 61, පුෂ්පිත ඩිල්ෂාන් 36, ජමිත් ඩිල්ෂාන් 29, මොවීන් සුභසිංහ 5/46, මතීෂ මධුෂාන් 2/35.

Navy Sports Club – 113/9 (63): සුපුන් නයනජිත් 51, මොවීන් සුභසිංහ 4/45, නදීර ඉශාන් 2/20.

Air Force Sports Club – 153 (45.2): කළිඳු සිරිවර්ධන 54, කෙමිර විජේනායක 39, සුදාර දක්ෂිණ 6/58. 

Moors Sports Club සහ Sinhalese Sports Club

  • කාසියේ වාසිය – Moors Sports Club
  • ක්‍රීඩාංගණය – Moors Ground, Colombo

Moors Sports Club – 292 (64.5): අදීෂ තිලංචන 128, දිනුක ඩිල්ෂාන් 99, කවිඳු නදීෂාන් 5/75, කවිෂ්ක සේනාධීර 2/50.

Moors Sports Club – 258/4 (48): දිනුක ඩිල්ෂාන් 111, පසිඳු සූරියබණ්ඩාර 50*, කවිශ්ක සේනාධීර 3/66.

Sinhalese Sports Club – 175 (43.5): ශෙවෝන් ඩැනියල් 58, කවිඳු නදීෂාන් 38*, කළණ පෙරේරා 22, ඔමේෂ් මෙන්ඩිස් 20, අයන සිරිවර්ධන 4/60.

Sinhalese Sports Club – 30/6 (16.3): තීසන් විතූසන් 3/08, අයන සිරිවර්ධන 2/19.

Kalutara Town Club සහ Kandy Customs Sports Club

  • කාසියේ වාසිය – Kalutara Town Club
  • ක්‍රීඩාංගණය – Panadura Esplanade

Kalutara Town Club – 283 (87.5): කෞෂාන් කුලසූරිය 88, රොමේෂ් නල්ලප්පෙරුම 32, පසන් පෙතන්ගොඩ 3/62, අයේෂ් හර්ෂණ 2/94.

Kandy Customs Sports Club – 300 (86.4): කවිඳු ලක්ෂාන් 77, රශ්මික මධුශංක 57, සසිත් මධුරංග 48, කනිශ්ක මධුවන්ත 4/58. 

මෙම තරග සියල්ලම හෙට (27) තෙවැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<