ඕස්ට්‍රේලියාවට නව සහය ක්‍රිකට් පුහුණුකරුවන් දෙදෙනෙක්

495

හිටපු නවසීලන්ත ක්‍රිකට් නායක Daniel Vettori සහ Andre Borovec ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවන් ලෙස තෝරා ගත් බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය අද (24) තහවුරු කර සිටියා.

Vettori සහ Borovec දෙදෙනා එරට ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වන Andrew McDonald එක්ව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් Vettori පවසා සිටියේ, “ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉතා ශක්තිමත් සහ ඒකාබද්ධ කණ්ඩායමක් වන අතර ඉදිරියේ කාලසීමාව හොඳ බලාපොරොත්තු තබා ගන්න පුළුවන් කාලසීමවක් වේවි”, යනුවෙනුයි.

මෑත කාලීනව බිහි වූ වමත් දඟපන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු වන Vettori ඔහුගේ වසර 18ක ක්‍රීඩා දිවියේ දී නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 113ක් සහ එක්දින තරග 295කට සහභාගී වී තිබෙන අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණ ක්‍රීඩකයෙක්.

“මම Daniel එකක් මීට කලින් වැඩ කරලා තියෙනවා. ඔහුගේ සුහදශීලී බව, වෘත්තීමය ගුණාංග සහ ඔහුගේ ශෛලිය ඇතුළු සියලු දේ ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා”, යැයි මෑතක දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උසස් වීමක් ලද Andrew McDonald පවසා සිටියා.

“ඔහුගේ අත්දැකීම් සහ වෘත්තීය සමබරතාවම හොඳින් පවත්වා ගෙන තිබෙන පුහුණුකරුවෙක්. ඔහු කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් හොඳ තෝරාගැනීමක් වන අතර ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අත්දැකීම් සමුදායක් තිලිණ කරාවි.”

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාර කිහිපයක දී ම කණ්ඩායම සමඟ කටයුතු කර ඇති Andre Borovec ද සහය පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායමට බඳවා ගෙන ඇති අතර ඔහු ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A සංචාරයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

Andre කණ්ඩායමට ඉතාමත් අපූරු චරිතයක්. ඔහු ඉහළ කාර්යසාධනයක් සහිත අත්දැකීම්වලින් පරිපූර්ණ පුහුණුකරුවෙක්. ඔහු අපේ කණ්ඩායම ඉහළ කාර්යසාධනයක් කරා මෙහෙය වනු ඇත”, යැයි McDonald පවසා සිටියා.

McDonald ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා Vettori සහ Andreට අමතරව පිතිකරණ පුහුණුකරු ලෙස Michael Di Venuto, දඟපන්දු පුහුණුකරු ලෙස Sri Sriram සහ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Clint McKay ඇතුළත් වනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමඟින් ද තරගාවලියකට සහභාගී වීමට නියමිත අතර එළඹෙන වසරත් මේ වන විට ඔවුන්ට ඉතාමත් කාර්යබහුල වසරක් බවට පත්ව අවසන්.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<