උපුල් තරංග ‘Sylhet Sixers’ දෙවන ජයග්‍රහණයටත් මෙහෙයවයි

486

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ Sylhet Sixers කණ්ඩායම සහ Comilla Victorians කණ්ඩායම අතර පැවති තරගයේ දී උණුසුම් තරගයකින් අනතුරුව කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Sylhet Sixers කණ්ඩායම සමත් විය.

ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය Sylhet Sixers කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් ආරම්භක පිතිකරුවන් යුගලය වූ උපුල් තරංග සහ අන්ඩ්‍රේ ෆ්ලෙචර් තනාදුන් අඩිතාලම හේතුවෙන් ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට හැකි විය.

ශතකයක් සමඟින් කඩුලු 4ක්; බෙනඩික්ට් ක්‍රීඩකයෙකුගෙන් විස්මිත දස්කම්!

සිංගර් ශ්‍රී ලංකා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (05) නිමාව දිටීය.

උපුල් තරංග පළමු පන්දුවාරයේ දී හතරේ පහර 2ක් සමඟින් Sylhet Sixers ඉනිම ආරම්භ කළ අතර අන්ඩ්‍රේ ෆ්ලෙචර් ඊළඟ පන්දුවාරයේ දී මොහොමඩ් නබි හමුවේ හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ඔවුන්ගේ ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගන්නට සමත් විය.

අනතුරුව අල් අමීන් හොසේන්ගේ පන්දුවාරයේ දී ද අන්ඩ්‍රේ ෆ්ලෙචර් හතරේ පහර තුනක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. අනතුරුව ‘powerplay’ පන්දුවාර අතරතුර Comilla Victorians කණ්ඩායම රෂීඩ් කාන් වෙත පන්දුව බාර කළත් ඔවුන්ගේ එම උත්සාහය ද සාර්ථක වූයේ නැත. එහි දී තරංග හතරේ පහරක් එල්ල කරමින් ආරම්භක කඩුල්ලේ ලකුණු 50 සබඳතාව වාර්තා කරන්නට සමත් වූ අතර ඉන් අනතුරුව ඔහු හමුවේ හයේ පහරක් ද එල්ල කරන්නට තරංග සමත් විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාවෙන් අඩක් ආරම්භක පිතිකරුවන් වාර්තා කරගනිද්දී ඔවුන්ගේ පළමු කඩුල්ල දවා ගන්නට ඩ්වේන් බ්‍රාවෝ සමත් විය. ඒ අනුව ඔහු වේගය අඩාල කර යැවූ පන්දුවක් හමුවේ අන්ඩ්‍රේ ෆ්ලෙචර් උඩ පන්දුවක් ලබා දෙමින් Sylhet Sixers ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට

හිටපු ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග…

ඉන් අනතුරුව Comilla Victorians පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර ඒ අනුව Sylhet Sixers ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වන්නට විය. අනතුරුව වැඩි වේලාවක් යන්නට පෙර සබීර් රෙහ්මාන් සහ උපුල් තරංග ද ක්‍රීඩාගාරයට හරවා යවන්නට Comilla Victorians පන්දු යවන්නන් සමත් වූ අතර ඒ අනුව Sylhet Sixers කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 41ක් ලබා ගැනීමට අවශ්‍ය විය.

එහි දී නැවතත් තරගයට අවතීර්ණ වූ Sylhet Sixers පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 2 කදී ලකුණු 16ක් රැගෙන එන්නට සමත් විය. ඒ අනුව ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය තහවුරු කරගනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවත් රෝස් වයිට්ලි සහ ශුවගාතා පිට පිට දැවී යාමත් සමඟ තරගය නැවතත් ප්‍රතිවාදී කණ්ඩායම දෙසට යොමු විය.

ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ ටෙස්ට් ක්‍රිකට් තරග තුන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුනා. දිනේෂ් චන්දිමාල්…

ඒ අනුව Sylhet Sixers කණ්ඩායමට අවසන් පන්දු 5 තුළ ලකුණු 10ක් ලබා ගැනීමට සිදු වූ අතර එහි දී ඩ්වේන් බ්‍රාවෝ වේගය අඩාල කර යැවූ පන්දුවකට නුරුල් හසන් ‘long on’ කලාපය හරහා හයේ පහරක් එල්ල කරමින් නැවතත් තරගය සිය කණ්ඩායම දෙසට යොමුකර ගන්නට සමත් විය.

අනතුරුව ඊළඟ පන්දුවේ දී ඔහු ඉදිරියට පැමිණ පහරක් එල්ල කළ අතර එහි දී පන්දුව පිටත දාරයේ වැදී ‘third man’ කලාපය හරහා හතරේ සීමාව කරා ඇදී ගියේ Sylhet Sixers කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමිනි.

තරගයේ පළමුවට පහර දුන් Comilla Victorians කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 145කට සීමා කරන්නට Sylhet Sixers පන්දු යවන්නන් සමත් විය. ලිටෝන් දාස් සහ ඉම්රුල් කයිස් ඔවුන්ගේ ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගන්නට සමත් වුවත්, පිට පිට පන්දුවාර 2ක් තුළ දී ඔවුන් දෙදෙනා දැවී යාම හේතුවෙන් ‘powerplay’ පන්දුවාර වල පාලනය තමන් සතුකර ගන්නට Sylhet Sixers පන්දු යවන්නන් සමත් විය.

එහි දී ජෝස් බට්ලර් ද ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අතර ඒ අනුව ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 44ක් තුළ දී දැවී යන්නට විය. අනතුරුව මාලන් සැමුවෙල්ස් සහ ආලෝක් කපාලි 4 වන කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් ගොඩනඟමින් Comilla Victorians ඉනිම ගොඩනගන්නට විය. මාලන් සැමුවෙල්ස් අර්ධ ශතකයක් වාර්තා කරගන්නට සමත් වූ අතර ආලෝක් කපාලි ලකුණු 26ක් ලබා සිටිය දී දවා ගන්නට ක්‍රිෂ්මාර් සැන්ටෝකි සමත් විය.

ඒ අනුව ඉනිමේ අවසාන භාගයේ දී තරගයක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් කරා Comilla Victorians ඉනිම රැගෙන යන්නට පිතිකරුවන් අසමත් වූ අතර අවසානයේ එය ඔවුන්ගේ පරාජයට හේතුවිය.

Comilla Victorians – පන්දුවාර 20 තුළ 145/6 (මාලන් සැමුවෙල්ස් 60, ආලෝක් කපාලි 26; ටයිජුල් ඉස්ලාම් 2/22, ක්‍රිෂ්මාර් සැන්ටෝකි 2/30)

Sylhet Sixers – පන්දුවාර 19.5 කදී 148/6 (උපුල් තරංග 51, අන්ඩ්‍රේ ෆ්ලෙචර් 36; ඩ්වේන් බ්‍රාවෝ 2/34)

කඩුලු 4කින් තරගයේ ජයග්‍රහණය Sylhet Sixers කණ්ඩායමට.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න