පාලිතගෙන් ශ්‍රී ලංකාවට පොදුරදමඬුලු රිදී පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

561

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

පැරා මලල ක්‍රීඩා F42-44/61-64 කාණ්ඩයේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත එහි දී මීටර් 44.20ක දස්කමක් දක්වමින් දෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට සමත් වුනා.

එම දස්කම පාලිතගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසගත වුනා.

ඒ සමඟ මලල ක්‍රීඩාවෙන් (පැරා සහ සාමාන්‍ය) අද ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගිය අතර ඔහුට පෙර යුපුන් අබේකෝන් විසින් මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පාලිතගේ ඉසව්ව සමඟ අද (03) දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග සියල්ල අවසන් වූ අතර සිකුරාදා (05) කාන්තා මීටර් 1500 සහ කාන්තා දුර පැනීම ඉසව් නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ සාරංගි සිල්වා ක්‍රීඩා පිටියට පිවිසීමට නියමිතයි.

එම තරගවල තොරතුරු ද ඇතුළු ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<