පොදුරදමඬුලු බිමේ දී ගයන්තිකා ජාතික වාර්තාවක් අලුත් කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

198

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 මූලික තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ තමන්ගේම ජාතික වාර්තාව අලුත් කිරීමට අද (02) සමත් වුනා.

ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගය සඳහා සහභාගී වූ ගයන්තිකා එම තරගය මිනිත්තු 2:01.20ක කාලයකින් පස්වැන්නා ලෙස අවසන් කරමින් අලුත් කළේ, ඇය විසින් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:01.44ක කාලයකින් අවසන් කරමින් පිහිටුවා තිබූ ජාතික වාර්තාවයි.

ඇයට කාන්තා මීටර් 800 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට මෙම දස්කම් ප්‍රමාණවත් නොවුනත් තිස්පස් හැවිරිදි ගයන්තිකා මෙම තරගය තුළ දැක්වූ දස්කම් කැපී පෙනුණා.

ගයන්තිකා අබේරත්න මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ඉසව්වට ද සහභාගී වීමට නියමිත අතර එම තරගය අගෝස්තු 05 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 03.45ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ගයන්තිකාගේ තරගයත් සමඟින් අද දිනයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉසව් අවසන් වූ අතර හෙට දිනයේ දී මීටර් 400 මූලික වටය නියෝජනය කරමින් කාලිංග කුමාරගේ සහ මීටර් 100 අවසන් පූර්ව තරග නියෝජනය කරමින් යුපුන් අබේකෝන් තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කාලසටහන

තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<