Home Sinhala කොළඹින් ගාල්ලට අනපේක්ෂිත  ප්‍රහාරයක්!

කොළඹින් ගාල්ලට අනපේක්ෂිත  ප්‍රහාරයක්!

LPL 2023

236
LPL 2023

2023 LPL තරගාවලියේ තවත් තියුණු තරගයක නිමාව සනිටුහන් කරමින් Galle Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම විසින් අද (07) සමත් වුනා.

මෙවර තරගාවලියේ 10 වැනි තරගය ලෙස අද සවස පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය පළමු පන්දුවාරයේ පටන් ම මෙය පිතිකරුවන්ගේ තරගයක් වනු ඇති බවට ඉඟි පළ කළා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Strikers නායක නිරෝශන් දික්වැල්ල විසින් සමත් වූ අතර ඔහුගේ ආරාධනයෙන් Galle Titans කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට සිදු වුනා.

ශෙවෝන් සහ කෲස්පුල්ලේගෙන් වේගවත් ආරම්භයක්

Naseem Shah ප්‍රමුඛ Strikers පන්දු යැවීමේ බළඇණිය තඹයකට හෝ මායිම් නොකළ Titans යොවුන් ආරම්භක පිතිකරු යුගලය වූ ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ විසින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7 පන්දු 5ක් පමණක් වැය කරමින් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී කෲස්පුල්ලේ විසින් Titans ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 19කින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වීමෙන් පසු දැවී ගියා. පසුව ඔහුගේ පිතිකරණ සගයා වූ ශෙවෝන් ද සිය අර්ධ ශතකය පෙනී නොපෙනී තිබිය දී ලකුණු 49කට දවා ගැනීමට රමේශ් මෙන්ඩිස් විසින් සමත් වුනා.

ශෙවෝන් සිය ඉනිම වෙනුවෙන් වැය කලේ පන්දු 31ක් පමණයි.

භානුක මන්දගාමී වෙයි

Titans ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම දැවී යාමෙන් අනතුරුව පිටියේ එක් වූ Tim Seifert සහ භානුක රාජපක්ෂ විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Seifert විසින් වේගවත් පිතිකරණ රටාවක් දියත් කළ ද, භානුකගේ පිත්ත නොසිතූ ලෙස මන්දගාමී වීම නිසා ගාල්ල ඉනිමට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වුනා.

භානුක විසින් පන්දු 31ක් වැය කරමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 30ක් පමණයි. කෙසේ වෙතත් ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ Seifert විසින් තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය රැස් කර ගැනීමට සමත් වෙමින් පන්දු 35කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Galle Titans ඉනිම කඩුලු 3කට ලකුණු 188ක් ලෙස සටහන් වුනා.

මෙහි දී Strikers වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වීමට ලක්ශාන් සඳකැන් සමත් වුනේ සිය පන්දුවාර 4 තුළ ලකුණු 29කට එක් කඩුල්ලක් දවා ගනිමිනුයි.

පැතුම් + Babarගෙන් විශිෂ්ට ආරම්භයක්

මෙතෙක් කල් Strikers වෙනුවෙන් Babar Azam සමඟ ඉනිම ආරම්භ කළ නායක නිරෝශන් දික්වැල්ල වෙනුවට පැතුම් නිස්සංක මෙවර Titans ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය භාර ගත්තා.

ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 12 පන්දු 3ක් තුළ Strikers ඉනිමට විශිෂ්ට ආරම්භයක් ලබා දෙමින් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගූ අතර පැතුම්ගේ ඉනිම ලකුණු 54කින් නිමා වීමත් සමඟ එම සබඳතාව නිමා වුනා.

කෙසේ වෙතත් පැතුම්ගේ වෙන් වීම සමඟින් තවත් ශක්තිමත් වූ Babar Azam තනිවම Strikers ඉනිම ඇද ගෙන යාමේ වගකීම බාර ගත්තා.

පැතුම්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසුණු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 13ක් වැය කරමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 8ක් පමණයි. එමෙන්ම ඔහු ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 166ක් වන විට දැවී ගියා. නුවනිඳුගෙන් පසුව පිටියට පිවිසි චාමික කරුණාරත්නට ද පන්දු 3ක් තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 2ක් පමණයි.

මේ කාල සීමාව පුරාවට පිතිකරණයේ යෙදුණු Babar Azam ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 175ක් වන විට තරගයේ අවසන් පන්දුවාරය යොමු කළ කසුන් රාජිතගේ පළමු පන්දුවට Shakib Al Hassan අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියා.

ඒ වන විට Babar විසින් පන්දු 59ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 8 සමඟින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

176.27ක් වැනි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සමඟින් Babar විසින් ලබා ගත් මෙම ශතකය ඔහුගේ 10 වැනි විස්සයි විස්ස ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුනේ. එමෙන්ම මෙම ශතකයත් සමඟ ලොව වැඩිම විස්සයි විස්ස ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වීමට ද (පළමු තැන ශතක 22ක් සමඟින් Chris Gayle හට හිමි වී තිබෙනවා.) Babar විසින් අද සමත් වුනා.

Nawazගෙන් විශිෂ්ට අවසානයක්

කසුන් රාජිත විසින් තරගයේ අවසන් පන්දුවාරය ආරම්භ වන විට ජයග්‍රහණය සඳහා Strikers විසින් තවත් ලකුණු 14ක් ලබා ගත යුතුව තිබුණා. නමුත් එම පන්දුවාරයේ පළමු පන්දුවෙන් ම Babarගේ ඉනිම නිමා වීමත් සමඟ එය තරමක් අසීරු ඉලක්කයක් විය හැකි බව පෙනී ගියත්, පසුව පිටියට පිවිසි Mohammad Nawaz විසින් පන්දු 4ක් තුළ එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් අදාළ ඉලක්කය සපුරාලීමට සමත් වුනේ මෙවර තරගාවලියේ Colombo Strikers කණ්ඩායම ලබා ගත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කරවමිනුයි.

මෙහි දී Galle Titans වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වීමට සමත් වුනේ Tabraiz Shamsi පමණයි. ඔහු විසින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 27කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • Galle Titans– 188/3 (20) Tim Seifert 54, ශෙවෝන් ඩැනියෙල් 49, ලසිත් කෲස්පුල්ලේ 36, ලක්ශාන් සඳකැන් 1/29
  • Colombo Strikers– 189/3 (19.5) Babar Azam 104, පැතුම් නිස්සංක 54, Tabraiz Shamsi 2/27, කසුන් රාජිත 1/42

තරගයේ වීරයා සම්මාන ජයග්‍රාහී ශතකයක් වාර්තා කළ Babar Azam හට හිමි වුනා.

මේ අනුව මෙම තරගය Colombo Strikers කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලියේ සෑම කණ්ඩායමක් ම තමන් ක්‍රීඩා කළ තරග දෙක බැගින් සම සමව ජයග්‍රහණය කර සහ පරාජය වී තිබෙනවා.

එම නිසා මේ වන විට තරගාවලියේ ලකුණු සටහන සම්පූර්ණයෙන්ම දළ ලකුණු වේගය මත පමණක් පදනම් කර ගනිමින් පෙළ ගැසී ඇති බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ නිසාම තරගාවලියේ ඉදිරි තරග තවත් තීරණාත්මක මුහුණුවරක් ගනු ඇති බව ද විශ්වාස කළ හැකියි.

එම තීරණාත්මක තරග ගොන්නෙන් තවත් තරගයක් මේ වන විට Dambulla Aura සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එම තරගය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Result


Colombo Strikers
189/3 (19.5)

Galle Titans
188/3 (20)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle b Lakshan Sandakan 36 19 4 2 189.47
Shevon Daniel lbw b Ramesh Mendis 49 31 5 2 158.06
Bhanuka Rajapaksa b Naseem Shah 30 31 2 0 96.77
Tim Seifert not out 54 35 4 3 154.29
Dasun Shanaka not out 6 4 1 0 150.00


Extras 13 (b 7 , lb 1 , nb 0, w 5, pen 0)
Total 188/3 (20 Overs, RR: 9.4)
Bowling O M R W Econ
Naseem Shah 4 0 36 1 9.00
Ramesh Mendis 4 0 33 1 8.25
Mohammad Nawaz 2 0 21 0 10.50
Matheesha Pathirana 4 0 41 0 10.25
Chamika Karunaratne 2 0 20 0 10.00
Lakshan Sandakan 4 0 19 1 4.75


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shevon Daniel b Tabraiz Shamsi 54 40 5 1 135.00
Babar Azam c Shakib Al Hasan b Kasun Rajitha 104 59 8 5 176.27
Nuwanidu Fernando c Dasun Shanaka b Tabraiz Shamsi 8 13 0 0 61.54
Chamika Karunaratne not out 2 3 0 0 66.67
Mohammad Nawaz not out 14 4 1 1 350.00


Extras 7 (b 0 , lb 0 , nb 0, w 7, pen 0)
Total 189/3 (19.5 Overs, RR: 9.53)
Bowling O M R W Econ
Kasun Rajitha 2.5 0 42 1 16.80
Shakib Al Hasan 4 0 30 0 7.50
Richard Ngarava 4 0 40 0 10.00
Tabraiz Shamsi 4 0 27 2 6.75
Dasun Shanaka 2 0 15 0 7.50
Akila Dananjaya 3 0 35 0 11.67



>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<