Home Sinhala දුනිත්ගේ දඟපන්දුව Titans පළමු පරාජය තහවුරු කරයි!

දුනිත්ගේ දඟපන්දුව Titans පළමු පරාජය තහවුරු කරයි!

Lanka Premier League 2023

809
Jaffna Kings vs Galle Titans

2023 LPL තරගාවලියේ 7 වැනි තරගය ඊයේ (04) Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වුණා. 

මෙහි දී Jaffna පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අන්ත අසරණ වූ Galle Titans පිතිකරුවන් තවත් පහසු ජයග්‍රහණයක් කරා යාමට Jaffna වෙත මාවත විවර කර දුන්නා. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගාවලියේ මුල් තරග කිහිපය පැවැත්වීමෙන් අනතුරුව නුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි තරගය ලෙසයි මෙම තරගය ආරම්භ වුනේ. 

මෙහි දී කාසියේ වාසිය දිනා ගැනීමට Titans නායක දසුන් ශානක වාසනාවන්ත වුනත්, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය එම වාසනාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළා. 

Titans ඉනිම ආරම්භ කිරීමේ වගකීම ඔවුන්ගේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ සතු වූ නමුත් එම වගකීම එතරම් හොඳින් ඉටු කිරීමට ඔවුන් දෙදෙනා සමත් වුනේ නැහැ. 

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කෲස්පුල්ලේ ලකුණු 19කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ විසින් සමත් වූ අතර ඉන්පසුව පිටියට පිවිසුණු භානුක රාජපක්ෂව පළමු පන්දුවෙන් ම දවා ගැනීමට චරිත් අසලංක සමත් වුනා. 

Titans ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 29ක් තුළ දැවී යාමෙන් අනතුරුව ශෙවෝන් සමඟ කඩුල්ලේ එක් වූ Tim Seifert විසින් Titans ඉනිමේ ලකුණු තත්වය 63ක් දක්වා ඔසවා තැබීමට සමත් වුනා. 

මීට පෙර තරගයේ දී Titans වෙනුවෙන් වේගවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ Seifertට අද දිනයේ නම් බලාපොරොත්තු වූ තරම් දෙයක් පිත්තෙන් සිදු කිරීමට හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන්ම Kings දඟපන්දුව හමුවේ Titans ඉනිම සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ගියා.  

Titans ඉනිමේ තෙවන කඩුල්ල ලෙස ශෙවෝන් ඩැනියෙල් දවා ගැනීමේ සිට හයවැනි කඩුල්ල ලෙස ලහිරු සමරකෝන්ව දවා ගැනීම තෙක් කඩුලු 4ක් බිඳ හෙළීමට දුනිත් වෙල්ලාගේ විසින් සමත් වුනා. 

මෙහි දී ඔහු සිය පන්දුවාර 4 ලකුණු 10ක් පමණක් ලබා දෙමින් නිමා කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

දුනිත් විසින් Titans මැදපෙළ බිඳ හෙළීමෙන් පසුව ඔවුන්ට නැවත නැගී සිටීමක් ගැන බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට අවකාශය හිමි වුනේ නැහැ. Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට නායක දසුන් ශානක සමත් වූ අතර ඔහු පන්දු 24කින් ලකුණු 30ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් ද සමඟිනුයි. 

මීට අමතරව දකුණු අප්‍රිකාවෙන් Kings වෙත සිදු කළ තරුණ වේගපන්දු ආයෝජනය Nandre Burger විසින් Titans කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9ක් දැවී ගිය Titans ඉනිමට එක් වී තිබුණේ ලකුණු 117ක් පමණයි. 

Jaffna Kings වෙනුවෙන් අදාළ ඉලක්කය හඹා යාම සඳහා Rahmanullah Gurbaz සහ චරිත් අසලංක යුගලය පිටියට පිවිසුණා. නමුත් අසලංක හට අද දිනයේ ද සාර්ථක වීමට ඉඩක් ලබා නොදුන් Shakib Al Hasan විසින් ඔහුගේ ඉනිම ලකුණු 5කට නිමා කළා. කෙසේ වෙතත් එතැන් පටන් Gurbaz සමඟ පිටියේ එක් වූ Towhid Hridoy විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 83ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙහි දී පන්දු 39කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ Gurbaz ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉන් පසුව Hridoy සමඟ පිටියේ එක් වු David Miller Jaffna Kings මෙවර තරගාවලියේ ලද දෙවැනි ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

මෙහි දී නොදැවී කඩුල්ලේ රැඳී සිටි Hridoy විසින් පන්දු 23ක් පමණක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වී තිබූ අතර, Miller නොදැවී ලකුණු 7ක් ලබා සිටියා. 

Result


Galle Titans
117/9 (20)

Jaffna Kings
120/2 (12.4)

Batsmen R B 4s 6s SR
Shevon Daniel c David Miller b Dunith Wellalage 25 25 2 1 100.00
Lasith Croospulle b Maheesh Theekshana 19 12 3 0 158.33
Bhanuka Rajapaksa c David Miller b Charith Asalanka 0 1 0 0 0.00
Tim Seifert lbw b Dunith Wellalage 18 23 0 1 78.26
Shakib Al Hasan c Priyamal Perera b Dunith Wellalage 6 9 0 0 66.67
Dasun Shanaka b Nandre Burger 30 24 2 2 125.00
Lahiru Samarakoon st Rahmanullah Gurbaz b Dunith Wellalage 1 9 0 0 11.11
Akila Dananjaya c Nuwan Thushara b Nandre Burger 1 8 0 0 12.50
Kasun Rajitha b Nuwan Thushara 2 4 0 0 50.00
Tabraiz Shamsi not out 2 3 0 0 66.67
Richard Ngarava not out 6 3 1 0 200.00


Extras 7 (b 0 , lb 3 , nb 1, w 3, pen 0)
Total 117/9 (20 Overs, RR: 5.85)
Bowling O M R W Econ
Thisara Perera 2 0 6 0 3.00
Nandre Burger 2 0 15 2 7.50
Maheesh Theekshana 4 0 19 1 4.75
Charith Asalanka 1 0 1 1 1.00
Vijayakanth Viyaskanth 3 0 35 0 11.67
Nuwan Thushara 4 0 28 1 7.00
Dunith Wellalage 4 0 10 4 2.50


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Shakib Al Hasan 54 39 3 5 138.46
Charith Asalanka lbw b Shakib Al Hasan 5 10 1 0 50.00
Towhid Hridoy not out 44 23 2 4 191.30
David Miller not out 7 4 0 0 175.00


Extras 10 (b 1 , lb 4 , nb 0, w 5, pen 0)
Total 120/2 (12.4 Overs, RR: 9.47)
Bowling O M R W Econ
Kasun Rajitha 1 0 9 0 9.00
Richard Ngarava 2 0 4 0 2.00
Shakib Al Hasan 4 0 31 2 7.75
Akila Dananjaya 2.4 0 45 0 18.75
Tabraiz Shamsi 3 0 26 0 8.67



මෙම තරගයේ දී සිය විස්සයි විස්ස ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම පන්දු යැවීම සිදු කළ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුනා. 

එමෙන්ම මීට පෙර Jaffna Kings සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී දඹුල්ල හමුවේ ලද දැවැන්ත පරාජය නිසා Jaffna කණ්ඩායම ලකුණු සටහනේ පහළට ඇද වැටුණේ ඔවුන්ගේ දල ලකුණු වේගය ද සෘණ අගයක් කරා යොමු කරවමිනුයි. 

නමුත් Galle Titans කණ්ඩායමට එරෙහිව ඔවුන් විසින් ඊයේ ලබා ගත් ජයග්‍රහණය නිසා නැවතත් ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට මෙන්ම සිය දළ ලකුණු වේගය ද ඉහළ නංවා ගැනීමට Jaffna Kings සමත් වුනා. 

එමෙන්ම ඊයේ දිනයේ දී තරගාවලියේ සිය ප්‍රථම පරාජය උරුම කර ගත් Galle Titans මෙම ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා. 

2023 LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද (05) Colombo Strikers සහ Dambulla Aura කණ්ඩායම් අතරත්, B-Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි. 

එම තරග පිළිබඳව විස්තර මෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<