Home Sinhala කඩුලු 3යි, අර්ධ ශතකයයි; වනිඳු Jaffna Kings දණ ගස්වයි!

කඩුලු 3යි, අර්ධ ශතකයයි; වනිඳු Jaffna Kings දණ ගස්වයි!

5656
B-Love Kandy vs Jaffna Kings

ආර්. ප්රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්රීඩාංගණයට සංක්රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා 

ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ (05) රාත්රියේ පැවති තරගයේ දී ඔවුන් ප්රබල Jaffna Kings කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන්ම පරාජය කර දැමුවා. නායක වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවල උපකාරය ද ඇතිවයි. 

කාසියේ වාසිය දිනා B-Love Kandy වෙනුවෙන් පන්දු යැවීම ඇරඹූ ඇන්ජලෝ මැතිව්ස් පළමු පන්දුවාරයේ දී ම Rahmanullah Gurbazගේ වටිනා කඩුල්ල දවා ගත්තා. ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිට දුෂ්මන්ත චමීර එම උඩපන්දුව රැක ගන්නා විට Gurbaz කිසිදු ලකුණක් ලබාගෙන තිබුණේ නැහැ. නැවතත් ක්රියාත්මක වූ මැතිව්ස් තුන්වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම චරිත් අසලංකව දවා ගත්තා 

ලකුණු 7 කඩුලු 2ක් දැවී ගිය Jaffna Kings ඉනිමට ඉන්පසුවත් හිස එසවීමට හැකි වුනේ නැහැ. ලකුණු අතර සිටින Towhid Hridoy ඊයේ පන්දු 22කට මුහුණ දී රැස්කර ගත්තේ ලකුණු 19ක් පමණයි. සුපිරි පිතිකරු David Miller ලකුණු 21 දී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ දැවී ගියා. තරමක් ලකුණු ලබා දුන්න ද නුවන් ප්රදීප් නැවතත් දක්ෂතා අතරට පැමිණෙමින් ප්රියමාල් පෙරේරා, තිසර පෙරේරා ඇතුළු කඩුලු 3ක් බිඳ හෙලීම විශේෂත්වයක්. 

ඊයේ Jaffna Kings මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාම 100 අඩු පන්දුවට පහර දීමේ වේගයක් රඳවා ගැනීමෙන්ම B-Love Kandy ඔවුන් වෙත එල්ල කල පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකි. දිනකට පෙරාතුව තරගයේ වීරයා ලෙස පිදුම් ලැබූ යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ ඊයේ Jaffna ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් ක්රීඩා කළ එකම ක්රීඩකයා ලෙස සැලකිය හැකි. 

දුනිත් ලකුණු 38ක් ලබා නොගන්නට Jaffna Kings ලකුණු 117ක් හෝ ලබා ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණා. ආක්රමණශීලී හතරේ පහර 6කින් සහ එක් හයේ පහරකින් හැඩවුනු ඔහුගේ ඉනිමට වැය වුනේ පන්දු 27ක් පමණයි. පන්දු යැවීමේ දී අතිවිශිෂ්ට පන්දුකරණයක යෙදුණු වනිඳු හසරංග තම පන්දුවාර 4 නිමා කළේ ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින්. 

ඉතාම සැහැල්ලු ඉලක්කයක් හිමි වුනු B-Love Kandy මුල් පන්දුවාර 4 නිසොල්මනේ සිටියත්, තිසර පෙරේරා ක්රියාත්මක කළ පස්වැනි පන්දුවාරයේ සිට තම ප්රහාරය ආරම්භ කළා. එහි දී දිනේෂ් චන්දිමාල් තනිව ලබා ගත් ලකුණු සංඛ්යාව 16ක්. ඔහු ඊයේ Fakhar Zaman සමඟ එක්වී පළමු කඩුල්ලට ලකුණු 31ක් එකතු කළා. චන්දිමාල් දැවී ගියේ දකුණු අප්රිකානු වේගපන්දු යවන ක්රීඩක Nandre Burger යැවූ පන්දුවක් කඩුල්ලේ ගැටීමෙනුයි 

තැනේ හැටියට ඉනිම ගොඩ නැගූ Fakhar Zaman ඊයේ පන්දු 39කින් ලකුණු 42ක් ලබා ගත්තා. මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ 13 වැනි පන්දුවාරයේ දී ඔහු දැවී ගිය ද, එය කණ්ඩායමට කිසිදු පීඩනයක් ගෙන ආවේ නැහැ. B-Love Kandy පිතිකරණ ලැයිස්තුවේ අංක 3 ක්රීඩකයා ලෙස උසස්වීම් ලද වනිඳු හසරංග විශිෂ්ට අයුරින් පන්දුවට පහර දෙමින් සිටි නිසයි. 

නැවතත් තම ජාත්යන්තර දිවියේ මුල් කාලයේ දැක ගන්නට ලැබුණු වනිඳු හසරංග නම් පිතිකරුවා ඊයේ පල්ලෙකැලේ ක්රීඩාංගණයේ දී දැකගන්නට ලැබුණු අතර Jaffna Kings කණ්ඩායමට ඔහු කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ. පන්දු 22කට පමණක් මුහුණ දුන් වනිඳු එහි දී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි. 

මේ අනුව හරියටම තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කර ගැනීමට B-Love Kandy කණ්ඩායමට හැකි වුනා. පන්දුවෙන් කඩුලු 3ක් සහ පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා කළ වනිඳු හසරංගට වඩා සුදුස්සෙක් තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබුණේ නැහැ 

Result


B-Love Kandy
118/2 (13)

Jaffna Kings
117/9 (20)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Dushmantha Chameera b Angelo Mathews 0 5 0 0 0.00
Charith Asalanka c Dinesh Chandimal b Angelo Mathews 5 6 1 0 83.33
Towhid Hridoy c Dushmantha Chameera b Wanindu Hasaranga 19 22 3 0 86.36
David Miller c Sahan Arachchige b Isuru Udana 21 22 3 0 95.45
Priyamal Perera c Wanindu Hasaranga b Nuwan Pradeep  22 22 1 1 100.00
Thisara Perera c Wanindu Hasaranga b Nuwan Pradeep  2 3 0 0 66.67
Dunith Wellalage not out 38 27 6 1 140.74
Vijayakanth Viyaskanth lbw b Nuwan Pradeep  0 1 0 0 0.00
Maheesh Theekshana b Wanindu Hasaranga 0 4 0 0 0.00
Nuwan Thushara lbw b Wanindu Hasaranga 0 1 0 0 0.00
Nandre Burger not out 6 7 1 0 85.71


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 117/9 (20 Overs, RR: 5.85)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 8 2 4.00
Mujeeb ur Rahman 4 0 23 0 5.75
Dushmantha Chameera 4 0 23 0 5.75
Wanindu Hasaranga 4 0 9 3 2.25
Isuru Udana 2 0 17 1 8.50
Nuwan Pradeep  4 0 36 3 9.00


Batsmen R B 4s 6s SR
Fakhar Zaman c David Miller b Maheesh Theekshana 42 39 2 2 107.69
Dinesh Chandimal b Nandre Burger 22 16 3 0 137.50
Wanindu Hasaranga not out 52 22 5 3 236.36
Sahan Arachchige not out 1 1 0 0 100.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 118/2 (13 Overs, RR: 9.08)
Bowling O M R W Econ
Thisara Perera 3 0 23 0 7.67
Maheesh Theekshana 4 0 35 1 8.75
Nuwan Thushara 2 0 12 0 6.00
Nandre Burger 2 0 17 1 8.50
Vijayakanth Viyaskanth 1 0 13 0 13.00
Dunith Wellalage 1 0 17 0 17.00



මෙම ජයග්රහණයත් සමඟින් B-Love Kandy කණ්ඩායමට ලකුණු සටහනේ අංක 4 ස්ථානය හිමි වුනේ ඔවුන්ගේ දල ලකුණු වේගය තවමත් ප්රකෘති මට්ටමට පැමිණ නැති නිසයි. ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට උණුසුම් සටනක් නිර්මාණය වී ඇති මෙම මොහොතේ ලකුණු සටහනේ මුල් කණ්ඩායම් 4 ප්රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර Colombo Strikers පමණක් ප්රසාද ලකුණු 2ක් ලබා සිටිනවා.

සති අන්ත ඉරිදා දිනයක් වන අද (06) දිනයේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ කිසිදු තරගයක් නොපැවැත්වීම කණගාටුවට කරුණක්. ඊයේ රාත්‍රි තරගය සඳහා අතිවිශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් දැක ගන්නට ලැබුණු අතර යම් හෙයකින් අද තරග පැවැත්වූවා නම් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය අතිඋත්කර්ෂවත් ලෙස ප්‍රේක්ෂකයින්ගෙන් පිරී යනු නිසැකයි. 

නැවතත් හෙට දිනයේ (07) තරග දෙකක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර Colombo Strikers සහ Galle Titans අතර තරගය සවස 3ටත්, Dambulla Aura සහ Jaffna Kings අතර තරගය රාත්රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි. එහි සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<