නාලන්දාවේ රවීන්ගෙන් කඩුලු 9ක දඩයමක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/2‍0

96
Raveen de Silva

නාලන්දා පිටියේ දී ඊයේ (10) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයෙන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට නාලන්දා විද්‍යාලය අද (10) සමත් විය

උමයංග, ලහිරු සහ අවිශ්ක අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු..

පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව පළමු දිනය ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාල නායක අවිශ්ක පෙරේරා පළමුව පන්දුවට පහර දීම සඳහා තම විද්‍යාලයට අවස්ථාව ලබාදෙන ලදි. 

එහි දී ඔවුන් සිය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත් අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය එම ඉනිම අවසානයෙන් පසුව නැවතත් ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

නාලන්දා ඉනිම වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ පෙරේරා ලකුණු 63ක් ලබා ගනිමින් ද, සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවීෂ දුලාංජන කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්වූහ. 

තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වූයේ සාන්ත අන්තෝනි විද්‍යාලයේ පිළිතුරු පළමු ඉනිම ද සමඟයි. ඔවුන්ගේ පළමු ඉනිම පන්දුවාර 39කුත් පන්දු 3ක් අවසානයේ නිමා කිරීමට සහයක් වූ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වා ඇතුළු නාලන්දා පන්දු යවන්නෝ ලකුණු 53ක පළමු ඉනිමේ වාසියක් හිමි කර ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වමතින් පිතිකරණයේ නිරත වන අමිත සංදීප ලකුණු 29යි.

ඒ වන විටත් තරගයේ පළමු ඉනිම ජයගෙන සිටි නාලන්දා විද්‍යාල ක්‍රීඩකයින් ඉන් ඔබ්බට ගොස් පූර්ණ ජයක් ලබා ගැනීමේ අපේක්ෂාව සහිතව සිය දෙවන ඉනිම දියත් කළ අතර එහි දී දිනය තුල ඉතිරිව තිබෙන පන්දුවාර ප්‍රමාණය, කාලය සහ කාලගුණික තත්වය පිළිබඳව සෑහීමකට පත්වූ නාලන්දා ක්‍රීඩකයින් වැඩි වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දෙන ලදි. 

පසුව කඩුලු 7ක් දැවී ලකුණු 102ක් ලබාගෙන ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට ලකුණු 156ක ඉලක්කයක් හිමිකර දෙමින් ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එම ඉනිමේ දී මහීම වීරකෝන් හා නායක පෙරේරා පිළිවෙළින් ලකුණු 30ක් හා ලකුණු 27ක් නාලන්දා දෙවන ඉනිමේ ලකුණු සටහනට එකතු කරන ලදි. 

“අනික් අයට වඩා මම වෙනස් කියන එකෙන් කියන්නේ මම නරකයි කියලා නෙමෙයි” – දනුෂ්ක ගුණතිලක

ESPN Cricinfo වෙබ් අඩවියේ පළවූ Danyal Rasoolගේ ‘My lifestyle is different to some other…

සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 156ක ඉලක්කයක් පසුපස හඹා ගිය නිසා කණ්ඩායම් දෙකටම මේ තරගය ජය ගැනීම සඳහා යම් අවකාශයක් තිබූ අතර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ද සිල්වාගේ පන්දු යැවීම නිසා නාලන්දා විද්‍යාලය දෙසට මේ තරගයේ වැඩි වාසිය හැරෙන්නට පටන් ගත්තේය. 

කෙසේ නමුත් සාන්ත අන්තෝනි විද්‍යාල දෙවැනි ඉනිම 41/6ක් ලෙස දැක්වෙද්දී තරගයේ දෙවන දිනය අවසන් කිරීමට විනිසුරුවරුන් හට සිදු වූයේ අයහපත් ආලෝක තත්වය නිසයි. පන්දු යැවීමේ දී තරගය පුරාවට දස්කම් දැක්වූ ද සිල්වා නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 43කට කඩුලු 9ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

නාලන්දා විද්‍යාලය – 180 (54.4) අවිශ්ක පෙරේරා 63, චමෝද රාජපක්ෂ 24, ජිතේෂ් වාසල 21, කවීෂ දුලාජන 5/63. සහ 102/7d (36.1): මහීම වීරකෝන් 30, අවිශ්ක පෙරේරා 27, කවීෂ දුලංජන 3/28, පැතුම් විහඟ 2/40.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 127 (39.3) අමිත සංදීප 29, රවීන් ද සිල්වා 6/30. සහ 41/6 (31): රවීන් ද සිල්වා 3/13, මහීම වීරකෝන් 3/14. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<