මේරියන්ස් ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති

238

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් සිව්දින සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර පැවති තරගය දිනකුත් කාර්තුවක් අවසානයේ ඉනිමකින් සහ ලකුණු 6කින් ජය ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

දඟපන්දු යවන්නන්ට පිටිය ලියැවෙද්දී තරිඳු කෞෂාල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් සුපිරි 8 තරගාවලියේ අද (06) ඇරඹි තරගවල දී දඟපන්දු යවන්නන් සුපිරි දක්ෂතා දක්වමින් පිතිකරුවෝ අභිබවා ගියහ. දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක්වූවන් අතුරින් ඉදිරියෙන් පසු වූයේ ෂෙහාන් ජයසූරිය ය. ඔහු රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 7ක් දවා ගත්තේය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ දී දෙපිළේම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම් නිමා කළ අතර දෙවැනි දිනයේ දෙවැනි ඉනිමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 154ක් පිටුපසින් සිට පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. නමුත් අද (07) දිනයේ පළමු කාර්තුව වත් අවසන් කර ගැනීමට අපහසු වූ රාගම ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම ලකුණු 148කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී සචිත්‍ර සේරසිංහ කඩුලු 4ක් දවා ගත් අතර ෂෙහාන් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 57 (29.2) ආක්ෂු ප්‍රනාන්දු 20, ෂෙහාන් ජයසූරිය 7/22, මාලින්ද පුෂ්පකුමාර 2/08

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (52.3) ෂෙහාන් ජයසූරිය 80, සචිත්‍ර සේරසිංහ 24,  කසුන් විදුර 23, රෝහිට් දමෝදරන් 21, නිශාන් පීරිස්  4/79, සහන් නානායක්කාර 3/64, ආක්ෂු ප්‍රනාන්දු 3/24

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 148 (40.4) ජනිත්ලියනගේ 31, ලහිරු තිරිමාන්න 39, ඉෂාන් ජයරත්න 38, ‍‍ෂෙහාන් ජයසූරිය 3/66, සචිත්‍ර සේරසිංහ 4/33, මාලින්ද පුෂ්පකුමාර 3/49

කෝල්ට්ස් සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී දෙවැනි දිනයට නිමා වූ මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 318ක් පිටුපස යන කෝල්ට්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටියහ.

ඔවුන් පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 249ක් ලබා ගත යුතු ය.

කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 92ට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 410ක් රැස් කළේය. එම ඉනිමේ දී නික් කෙම්ප්ටන්, ඉෂාර රංගන සහ ගයාන් මනීෂාන් අර්ධ ශතක රැස් කළහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (26.3) හෂාන් දුමිඳු 19, සහන් ආරච්චිගේ 19, මධුක ලියනපතිරණගේ 4/44, චානක කොමසාරු 5/38

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවි (113.5) යොහාන් ද සිල්වා 40, නිසල් රන්දික 42, නික් කොම්ප්ටන් 98, ඉෂාර රංගන 67, ගයාන් මනීෂාන් නොදැවී 54, ගිහාන් රූපසිංහ 33, නිසල තාරක 2/73, ප්‍රභාත් ජයසූරිය 3/115, ප්‍රියමාල් පෙරේරා 2/34

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය;  දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 69 (28.0) පසිඳු  ඉසිර නොදැවී 30, විශාද් රන්දික නොදැවී 27,  මධුක ලියනපතිරණගේ 2/11

ජීවන් මෙන්ඩිස්ට විස්සයි විස්ස වරම් හිමි වේ

පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් බංග්ලාදේශය සමඟ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා ජාතික පන්දුවාර 20 ක්‍රිකට් සංචිතයට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තරග දෙකකින් සමන්විත මෙම පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 15 වැනිදා පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 18 වැනිදා යි.

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය

කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් ලබා සිටිය හ. ඒ අනුව ඔවුන් සැරසන්ස් ක්‍රීඩකයන්ට වඩා මේ වන විට ලකුණු 356ක් ඉදිරියෙන් සිටී. ඒ තවත් කඩුලු 6ක් අතැතිවය.

එන්. සී. සී. කණ්ඩායම පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 284ට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයන්ට පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණි.

එන්. සී. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 284 (83.0) චතුරංග ද සිල්වා 59, තරිඳු කෞෂාල් 131, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මොහොමඩ් ඩිල්ශාඩ් 3/38, රනිත ලියනාරච්චි 2/45, සචිත්‍ර පෙරේරා 3/72

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 132 (43.5) රනිත ලියනාරච්චි 37, ලසිත් ඇඹුලදෙණිය 3/19, පීරිස් 3/41, චාමික කරුණාරත්න 4/38

එන්. සී. සී; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 204 (47.0) ලහිරු උදාර 26, නිමේෂ් ගුණසිංහ නොදැවී 58, ඇන්ජලෝ පෙරේරා 44, රොෂේන්  ජයතිස්ස 3/49

එස්. එස්. සී. සහ බී. ආර්. සී. අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ රැස් කළ ලකුණු 200ට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 199ක් පමණි.

එම ඉනිමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන හෂේන් රාමනායක ලකුණු 18කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. දිනය නිමා වන දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන බී. ආර්. සී. කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබා සිටියේය.

බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (63.4) හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, ටී. එන්. සම්පත් 42, සචිත්‍ර සේනානායක 2/49, ආකාශ් සේනාරත්න 5/52

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (62.4)  මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, චරිත් අසලංක 29, චාමර කපුගෙදර 33, ටී. එන්. සම්පත් 2/54, චාමිකර එදිරිසිංහ 2/40, හෂේන් රාමනායක 6/18

බී. ආර්. සී; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 149 (60.0) රුමේෂ් බුද්ධික 23, හෂේන් රාමනායක නොදැවී 29, කසුන් මධුශංක 3/40, ආකශ් සේනාරත්න 3/25

හතුරුසිංහ මහත්තය වසන්තය ගෙනාවද? – Sports මසාලා 020

2017 කියන වසර පහුකරපු අපට ක්‍රිකට් අවාසනාව කියන්නේ තවදුරටත් අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන අහන්න අපි පාරට බැස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 තුන්කොන් තරගාවලිය ජයගත් පසුබිමකදියි. මේ රටේ තරුණ වැඩිහිටි අය ඒ ගැන හිතන්නෙ මොනවද?

පළඟ ශූරතාව

බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩයම රැස් කළ ලකුණු 173ට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වන විට බදුරලිය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 118ක් ලබා සිටියේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (51.0) නිසල් ෆ්‍රැන්සිස්කෝ 35, කොෂාන් ධනුශ්ක 31, නිපුන් හග්ගල්ල 20, ලහිරු ප්‍රනාන්දු 32, ඩිලේශ් ගුණරත්න 2/25, මධුක ලක්මාල් 2/25, සවිත් ප්‍රියාන් 4/69

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 118 (41.0) සාලින්ද උෂාන් 24, පැතුම් නිශ්ශංක නොදැවී 65, ඩිල්හාන් කුරේ 20

ටැමිල් යූනියන් සහ සී. සී. සී

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ඇරඹි මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම රැස් කළ ලකුණු 197ට පිළිතුරු ලෙසින් සි. සී. සී. කණ්ඩායම දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 71ක් ලබා සිටියේය.

ටැමිල් යූනියන්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (65.1) සිතාර ගිම්හාන් 42, දිනෙත් තිමෝද්‍ය 24, තරංග පරණවිතාන 69, රමිත රඹුක්වැල්ල 28, දිනුක් හෙට්ටිආරච්චි 6/46, සචිත් පතිරණ 2/05

සී. සී. සී; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 71 (23.0) මලිඳු මධුරංග නොදැවී 34, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 35

ලකුණු වැඩි වුණු චිතගොං තණ තීරුවේ ලකුණු කැපේ

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණු චිතගොං ක්‍රීඩාංගණයේ තණ තීරුව ක්‍රීඩා කිරීම සඳහා සුදුසු තත්ත්වයට වඩා පහත මට්ටමක පැවති බවට ජගත් ක්‍රිකට් කවුන්සිල තරග තීරක ඩේවිඩ් බූන් මහතා තීරණය කර ඇත. විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම …

මුවර්ස් සහ යුද හමුදාව අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩා සමාජය කිසිවෙක් නොදැවී ලකුණක් ලබා සිටියේ ය. ඔවුන් පළමු ඉනිමට රැස් කළේ ලකුණු 90ක් පමණි.

යුද හමුදා ක්‍රීඩකයෝ පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 211ක් රැස් කළහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (29.2) ප්‍රිමෝෂ් පෙරේරා 39, තරිඳු රත්නායක 21, යසෝද මෙන්ඩිස් 4/32, දුශාන් විමුක්ති 3/18, සීකුගේ ප්‍රසන්න 2/29

යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 211 (55.4) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 58, ඩිල්ශාන් ද සොයිසා 27, අජන්ත මෙන්ඩිස් 37, යසෝද මෙන්ඩිස් 29, කෝසල කුලසේකර 2/36, තරිඳු රත්නායක 2/36, එච්. ආර්. සී. ඩිල්ශාන් 5/75

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 01 (2.0)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<