Kent පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් පසුබසී

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

1623
Sri Lanka Emerging tour of England 2022

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත ක්‍රිකට් සංචාරය ආරම්භ කරමින් පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (06) Kent County Cricket Club සමඟ ආරම්භ වුනේ Canterbury හීදීයි.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් සත්කාර Kent කණ්ඩායමේ නායක Jack Leaning සුපුරුදු තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Kent County Cricket Club කණ්ඩායම: Marcus O’Riordan, Tawanda Muyeye, Joe Denly, Jack Leaning (c), Darren Stevens, George Linde,Billy Mead,Hamidullah Qadri,Harry Podmore,Jaskaran Singh,Max Luckett

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම: Nipun Dananjaya (c), Yasiru Rodrigo, Dilum Sudeera, Lasith Croospulle, Nishan Madushka,Nuwanidu Fernando,Ashen Bandara,Santhush Gunathilake,Dhananjaya Lakshan,Nipun Malinga,Udith Madushan

Kent නායකයාගේ තීරණයට අභියෝගයක් එල්ල කරමින් ආරම්භක පිතිකරු Tawanda Muyeye ලකුණු 5කට දවා ගැනීමට යසිරු රොද්‍රිගෝට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 9ක් වන විටයි.

දෙවැනි කඩුල්ල සඳහා Marcus O’Riordan හා එක්ව ලකුණු 54ක සම්බන්ධාතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 35ක් ලබා සිටි Joe Denly දැවී ගියේ ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියට පැමිණි නායක Jack Leaning සහ ආරම්භ පිතිකරු Marcus O’Riordan දියත් කළ ඉවසිලිවන්ත ඉනිම් නිසාවෙන් පළමු දිනයේ දිවා ආහාරයට තරගය නතර කරන විට Kent ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලෙසයි.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ ධනංජය ලක්ෂාන් Kent ආරම්භක පිතිකරු Marcus O’Riordan ලකුණු 31කට පිටියෙන් ඉවත් කරද්දී ලකුණු 22ක් ලබා සිටි Jack Leaning උදිත් මධුෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු පුවරුව දිස්වුණේ 4/95ක් ලෙසයි.

නමුත් ඉන්පසු පිටියට එක්වූ Darren Stevens සහ George Linde ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් තේ පානයට තරගය නතර කරන විට පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 147ක නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනා.

තරගයේ පළමු දිනයෙ තේ පානයට තරගය නතර කරන විට Kent පළමු ඉනිම දිස්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 242ක් ලෙසයි.

ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ලකුණු 168ක් ලබා ගත් Darren Stevens පස්වැනි කඩුල්ල සඳහා Linde සමඟ පිහිටවූ ලකුණු 264ක සම්බන්ධතාව අවසන් කරමින් දැවී ගියේ උදිත් මධුෂාන්ගේ පන්දුවක් හමුවේයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 107ක් ලබාසිටි George Linde අශේන් බණ්ඩාර යොමු කළ පන්දුවක් හමුවේ දැවී යන විට Kent ක්‍රීඩකයින් ලකුණු 392ක් ලබා ප්‍රබල තත්වයක පසුවුණා.

තරගයේ පළමු දිනය අවසානයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක Kent County Cricket Club කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 418ක් රැස් කර සිටියා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් සහ උදිත් මධුෂාන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර අශේන් බණ්ඩාර සහ යසිරු රොද්‍රිගෝ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Kent County Cricket Club – 418/6 (90): Darren Stevens 168, George Linde 107, Joe Denly 35, උදිත් මධුෂාන් 2/75, ධනංජය ලක්ෂාන් 2/92.

මෙම තරගයේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<