කොළඹ ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කරන Chennaiyin සංචිතය නම් කෙරේ

546
2019 AFC කුසලානය

දෙවතාවක් ඉන්දීය සුපර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි ක්‍රීඩා සමාජය (Chennaiyin FC ) 2019 AFC කුසලානට සුදුසුකම් ලැබීමේ playoff වටයේ දී කොළඹ ක්‍රීඩා සමාජය සමඟින් තරග වදිනු ඇත. ඒ සඳහා සහභාගී වන චෙන්නායින් සංචිතය නිවේදනය කර තිබුණි.

ආකීබ් සහ දිමිත්‍රිගේ ගෝල වර්ෂාවෙන් කොළඹට දැවැන්ත ජයක්

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ ….

චෙන්නායින් සුපිරි ක්‍රීඩක ධන්පාල් ගනේෂ් හට දණහිසේ ආබාධයක් නිසා සම්පූර්ණ ඉන්දීය සුපර් ලීග් තරගාවලියම මගහැරුණු අතර මෙම තරගය සඳහා ආබාධය සුව වූ ධන්පාල් ද නම් කර තිබීම විශේෂත්වයක්.

අදියර දෙකකින් සමන්විත තරගාවලියේ චෙන්නායින් කණ්ඩායමේ සත්කාරක අදියර තමිල්නාඩුවේ පැවැත්වීම නියමිතව තිබුනත් එහි ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කිරීම දේශපාලනික වශයෙන් ගැටලුවක් විය හැකි බවින් අහමදාබාද් හී TransStadia ක්‍රීඩාංගණයේ දී චෙන්නායින් කණ්ඩායමේ සත්කාරක අදියර පැවැත්වෙනු ඇත.

මේ 2017/18 ඉන්දීය සුපර් ලීග් ශූරයින් වන චෙන්නායින් කණ්ඩායමේ මංගල AFC කුසලානය මෙය වන අතර කොළඹ ක්‍රීඩා සමාජය මෙම තරග වටය ජය ගතහොත් 2019 AFC කුසලානයේ කණ්ඩායම් වටය දක්වා සුදුසුකම් ලබනු ඇත.  

භූතාන ප්‍රවාහන එක්සත් කණ්ඩායම මුළු ගෝල 9-2ක් ලෙස පරාජය කරමින් playoff වටයට පිවිසුණු කොළඹ ක්‍රීඩා සමාජය චෙන්නායින් කණ්ඩායමට එරෙහිව පළමු අදියරේ සත්කාරකත්වය දරනු ඇත. එම තරගය එළඹෙන මාර්තු 9 දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන අතර චෙන්නායින් කණ්ඩායමේ සත්කාරක තරගය එළඹෙන මාර්තු 13 වැනිදා අහමදාබාද් හී පැවැත්වෙනු ඇත.  

  • මාර්තු 6 – කොළඹ ක්‍රීඩා සමාජය හා චෙන්නායින් ක්‍රීඩා සමාජය – සවස 3.30 – තුරඟ තරග පිටිය.
  • මාර්තු 13 – චෙන්නායින් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය – සවස 7.30 – TransStadia ක්‍රීඩාංගණය, අහමදාබාද්.

පසුගිය ජනවාරියේ චෙන්නායින් ක්‍රීඩා සමාජය හා එක්වුණු ක්‍රිස් හර්ඩ් මෙම තරගයේ දී කණ්ඩායමට එක්වන ආසියානු කලාපයේ ක්‍රීඩකයා වන අතර බ්‍රසීල ක්‍රීඩකයින් වන මෙල්සන් අල්වෙස්, එලි සබියා හා රෆායෙල් අගුස්ටෝ කණ්ඩායමේ අනෙක් විදෙස් ක්‍රීඩකයින් තිදෙනායි.

භූතාන කණ්ඩායම අසරණ කරමින් කොළඹ මීළඟ වටයට

2019 AFC ආසියානු කුසලානයේ මූලික වටයේ දෙවන …

යොවුන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ද කණ්ඩායමට එක්ව තිබේ. ආරක්ෂක ක්‍රීඩක හෙන්ඩ්රි අන්තෝනයි (B කණ්ඩායම), මැදපෙළ ක්‍රීඩක Zonunmawia (B කණ්ඩායම), Reamsochung Aimol (B team) හා Bawlte Rohmingthanga (B team) එම ක්‍රීඩකයින් වේ.   

චෙන්නායින් කණ්ඩායම අවසානයට සහභාගී වූ තරගයේ දී ඔවුන් ගෝවා හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වූ අතර මාර්තු 4 වැනිදා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

චෙන්නායින් සංචිතය

  • ගෝල රකින්නෝ – කරන්ජිත් සිං, සන්ජිබාන් ඝෝශ්, නිකිල් බර්නාර්ඩ්
  • ආරක්ෂක ක්‍රීඩකයෝ – මෙල්සන් අල්වෙස්, එලි සැබියා, Zohmingliana Ralte, Jerry Lalrinzuala, Laldinliana Renthlei, Tondonba Singh, හෙන්ඩ්රි අන්තොනයි, Reamsochung Aimol
  • මැදපෙළ – ක්‍රිස් හර්ඩ්, අනිරුධ් තාපා,ජර්මන්ප්‍රිත් සිං, ධන්පාල් ගනේශ්, රෆායෙල් අගුස්ටෝ, තෝයි සිං, ෆ්රැන්සිස්කෝ ෆර්නෑන්ඩේස්, , Isaac Vanmalsawma, හෙල්චරන් නර්සරි, Zonunmawia    
  • ඉදිරිපෙළ ක්‍රීඩකයින් – Jeje Lalpekhlua, සී. කේ විනීත්, මොහොමඩ් රාෆි, Bawlte Rohmingthanga

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<