නවසීලන්තයට එරෙහි පරාජය ගැන Kohli හේතු කියයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

197

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගය ඊයේ (30) පැවැත්වුණා. එ් නවසිලන්ත කණ්ඩායම සමඟින්.

මෙම තරගය නවසිලන්තය ජයග්‍රහණය කළේ කඩුලු අටකින්. මම පරාජය ඉන්දීය කණ්ඩායම තරගාවලිය ලැබූ දෙවැනි පරාජය ලෙස වාර්තා වුනා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන ඉන්දියාව මෙලෙස අසාර්ථක වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 110ක් පමණක් ලබා ගෙන තිබුණා. ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ සහ මැදපෙළ ක්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වීම තරගය පරාජයට හේතු වූ බව බොහෝ දෙනා සිය මතය පළ කර තිබුණා.

ඊයේ තරග පරාජයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඉන්දීය නායක Virat Kohli පවසා සිටියේ නවසිලන්ත කණ්ඩායම තරගය මුල සිටම ඔවුන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ තම පිතිකරුවන් තරගය අතරතුර අවදානම් ගැනීමට බිය වූ බවත් ඒ හේතුවෙන් ඔවුන් දවා ගැනීම පහසු වී තිබූ බවත් Virat Kohli පවසා සිටියා

අපිට මේ තරගාවලියේ තවත් තව කීපයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ තරග ගැන අවධානය යොමු කරන්න ඕනේ”, Kohli පවසා සිටියා.

ඔවුන් සහභාගි වූ තරග දෙකම පරාජයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

“ඉතා අවංකව කියනවා නම්, අපි පිතිකරණයේ හෝ පන්දු යැවීමෙන් නොබියව ක්‍රීඩා කළා කියලා මම හිතන්නේ නෑ. පන්දු යැවීම ගත්තොත් අපිට ඒ තරම් ලොකු ඉලක්කයක් තිබුණේ නැහැ. එහෙත් මම හිතන්නේ නැහැ අපේ ශරීර ලක්ෂණ සහ ක්‍රීඩා විලාසය අතින් අපි නොබියව ක්‍රීඩා කළා කියලා. නවසීලන්තය ඒක ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් පළමු පන්දුවාරයෙන්ම අපිට පීඩනය එල්ල කරන්න සමත් වුනා. ඔවුන් ඒක ඉනිම පුරාවටම තියාගෙන හිටියා.”

තරගයේ දී අපිට ලකුණු ලබා ගන්න අවස්ථාවක් ලැබෙන හැමවෙලාවකම අපේ කඩුල්ලක් දැවී ගියා. විස්සයි විස්ස තරගවල ස්වභාවය ඒක. පිතිකරුවන් පන්දුවට පහර දෙන්න පැකිළෙන හැම අවස්ථාවකම ප්‍රතිඵලය වෙන්නේ මේ වගේ දෙයක්.”

ඉන්දීය කණ්ඩායම සැලකෙන්නේ ලොව විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහිත ක්‍රිකට් කණ්ඩායම ලෙසයි. එවන් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීම විශාල පීඩනයක් එල්ල කරන බව නොරහසක්.

නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වුණු තරග දෙකම පරාජය වීමෙන් අනතුරුව විරාත් කෝලි පවසා සිටියේ තම කණ්ඩායම එම පීඩනය නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට කර ගැනීමට සමත් නොවූ බවයි.

කෙනෙක් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඔහු ගැන තියන බලාපොරොත්තු ගොඩක් වැඩියි. හැමෝම ඒක දන්නවා. ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි ක්‍රීඩකයන් පවා ඒ ගැන දන්නවා. ඉන්දීය කණ්ඩායම කොහේ ක්‍රීඩා කළත් අපි දිහා ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයන් බොහෝ ප්‍රමාණයක් අපට සහය දක්වන්න ක්‍රීඩාංගණයට එනවා. අපි කණ්ඩායමක් විදියට ඒ එන පීඩනය කළමනාකරණය කරගන්න ඕනේ. කණ්ඩායමක් විදියට පීඩනය කළමනාකරණය කරගන්න පුළුවන් නම් අපට සාර්ථක වෙන්න පුළුවන්. පසුගිය තරඟ දෙක තුළ අපිට ඒක කරන්න බැරි වුනා.”

ඉන්දීය කණ්ඩායම මේ වන විට ඔවුන් සහභාගි වූ තරග දෙකම පරාජය වී සිටින අතර ඔවුන්ට මෙම වටයේ දී තවත් තරග තුනකට ක්‍රීඩා කිරීම සිදුවනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායකයා පවසා සිටියේ ඉදිරි තරග සඳහා ධනාත්මක මනසකින් යුතුව මුහුණ දීමට තමන් සැලසුම් කරන බවයි.

විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නේ. හැමවෙලේම ධනාත්මක වෙන්න ඕනේ සහ අවදානම් ගන්න ඕනේ. මේ තරග රටාවේ මූලික දේ තමයි ඒ. අපි ඉන්දීය කණ්ඩායම කියලා සහ බලාපොරොත්තු වැඩි වුනා කියලා අපිට මේ තරගාවලිය වෙනස් විදියකට කරන්න බැහැ. මම හිතන්නේ අපි දැන් ඒ පරාජයන් අමතක කරන්න ඕනේ. ඉදිරි තරග ගැන අවධානය යොමුකරලා කණ්ඩායමක් විදිහට සාර්ථකව මුහුණ දෙන්න ඕනේ. මේ තරගාවලිය තාමත් ඉවර නැහැ. අපිට තවත් තරග කීපයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරලා කණ්ඩායමක් විදියට ධනාත්මකව ඒ තරග වලට මුහුණ දීලා ජයග්‍රහණය කරන්න ඕනේ.”

ඉන්දීය කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ඇෆ්ගනිස්ථානය සමඟ එළඹෙන 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<