භූතාන කණ්ඩායම අසරණ කරමින් කොළඹ මීළඟ වටයට

576

2019 AFC ආසියානු කුසලානයේ මූලික වටයේ දෙවන අදියර අවසානයේ කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය ගෝල 9-2 ක් ලෙස භූතාන ප්‍රවාහන එක්සත් ක්‍රීඩා සමාජය (Transport United) පරාජය කරන්නට සමත් වුනා.

ඒ භූතානයේ Changlimithang හි පැවති දෙවන අදියරේ දී භූතාන කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින්.

ආකීබ් සහ දිමිත්‍රිගේ ගෝල වර්ෂාවෙන් කොළඹට දැවැන්ත ජයක්

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ පාපන්දු සමාජය සහ…

කොළඹ ක්‍රීඩා සමාජය භූතානයේ පැවති දෙවන අදියරට සහභාගී වුනේ ගෝල 6ක වාසියක් සමඟින්. ඒ අනුව දෙවන වටයත් ජයගෙන play-off වටයට පිවිසෙන්නට ඔවුන් සමත් වුනා.

තරගය ආරම්භයේ සිටම භූතාන ප්‍රවාහන කණ්ඩායම සිය භූමියේ වාසිය ලබා ගනිමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කරන්නට සමත් විය.

දැඩි ශීත කාලගුණය මධ්‍යයේ කොළඹ ක්‍රීඩා සමාජය ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර ලැබුණු අවස්ථාවල මොහොමඩ් ආකිබ් ගෝල සඳහා උත්සහ දැරුවත් ඒවා සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් පළමු අර්ධය අවසානයට මොහොතකට පෙර භූතාන කණ්ඩායම තරගයේ පළමු ගෝලය වාර්තා කළේ කොළඹ ආරක්ෂක වළල්ල බිඳිමිනි.

පළමු අර්ධය‍්: ප්‍රවාහන එක්සත් 1 – 0 කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ද භූතාන කණ්ඩායම සාර්ථකව ආක්‍රමණයේ යෙදෙන්නට සමත් වුනත් වඩා සංවිධානාත්මකව ක්‍රීඩා කළ කොළඹ ක්‍රීඩා සමාජය මෙවර ඔවුන්ට ගෝල රාමුව අසලටවත් ළඟා වීමට ඉඩ තැබුවේ නැහැ.

දැඩි ශීතල මධ්‍යයේ බෝඩ්රික් දිමිත්‍රි හා මොහොමඩ් ෆසාල් දක්ෂ ආක්‍රමණයක නිරත වුනත් දිමිත්‍රිගේ උත්සහය සාර්ථක වුනේ නැත.

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

5 වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු…

බුද්ධික පෙරේරා එල්ල කළ ප්‍රහාරයක් ආරක්ෂක ක්‍රීඩකයෙකු විසින් වැළැක්වීමෙන් පසුව 62 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් ෆසාල් ගෝල රැස් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ගෝල අටක අපහසු ඉලක්කයක් හඹා ගිය භූතාන ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන් අසරණ කරමින් Isaac Addevu කොළඹ ක්‍රීඩා සමාජයේ දෙවැනි ගෝලය වාර්තා කළේ භූතාන ගෝල රකින්නා අන්ත අසරණ කරමින්.

අවසාන ලකුණු තත්වය: ප්‍රවාහන එක්සත් 1 – 2 කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • කොළඹ ක්‍රීඩා සමාජය – මොහොමඩ් ෆසාල් 62’,  Isaac Addevu 82’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<