එංගලන්තය සුපිරි ක්‍රීඩකයාට නැවතත් අවවාදයක්

483
Ben Stokes

ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදැමීම නිසා එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes නැවත වරක් නිල වශයෙන් විනිසුරුවන්ගේ අවවාදයට ලක් වුනා. ඒ අද (26) පැවැත්වෙමින් තිබෙන ඉන්දු- එංගලන්ත දෙවන එක්දින තරගය අතරතුරයි.

තරගයේ හතර වැනි පන්දුවාරය අතරතුර දී ඔහු විසින් මෙලෙස ‍ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදමා ඇති අතර එය දුටු තරග විනිසුරුවන් වූ Nitin Menon සහ Virender Sharma විසින් එංගලන්ත නායක Jos Buttler හට අවවාද කර තිබුණා.

කොරෝනා වසංගතය නිසාවෙන් පන්දුව ඛේටය භාවිතා කරමින් ඔපදැමීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කිරීමට කටයුතු කළා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම නවතම සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව පන්දුව හතරේ හෝ හයේ පහරක් ලබා ගත් විට සහ විටින් විට විෂබීජ නාශක දියර යොදා පිරිසිදු කිරීමට ද කටයුතු කරයි.

මෙලෙස ඛේටය භාවිතා කිරීම නිසාවෙන් Ben Stokes අවවාදයට ලක්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු ඉන්දියාව සමඟ පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරගයක දී ද මෙලෙස අවවාදයට ලක් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<