St. Mary’s ක්‍රීඩකයින්ට ජයග්‍රාහී සතියක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

181

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී අද (23) පැවති ශූරයින්ගේ ලීගයේ 10 වැනි සතියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට St. Mary’s ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධයේ දී ම තරගයට අවතීර්ණ වූ St. Mary’s ක්‍රීඩකයින් සිය පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 15 වැනි මිනිත්තුවේ දීයි.

Ponuththurai Abinesh විසින් වාර්තා කළ එම ගෝලයෙන් අනතුරුව නැවතත් ගෝලයක් වාර්තා කරන්නට St. Mary’s ක්‍රීඩකයින් සමත් වෙන්නේ ප්‍රථම අර්ධය නිමාවට මොහොතක් තිබිය දීයි.

41 වැනි මිනිත්තුවේ දී St. Mary’s නායක Mariyathas Nitharsan සාර්ථකව පන්දුව දැල තුලට යොමු කරමින් ගෝල 2-0ක් ලෙස ප්‍රථම අර්ධයේ වැඩි ගෞරවය St. Mary’s වෙත දිනා දුන්නා.

කෙසේ නමුත් දෙවැනි අර්ධයට පිවිසි පොලිස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා නොදෙන්නට වග බලා ගනිමින් ගෝල වාර්තා කරන්නට සමත් වුනා.

පොලිසිය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි මදුක සිරිවර්ධන සමත් වුනේ 65 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව පොලිස් ක්‍රීඩකයින් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගන්නට වෑයම් කළත් කාලය ඔවුන්ට හරස් වුනා.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 2 – 1 Police SC

ගෝල ලාභීන්:

  • Mary’s – Ponuththurai Abinesh (15’), Mariyathas Nitharsan (41’)
  • පොලිස් – මදුක සිරිවර්ධන (65’)

තරගාවලියේ 11 වැනි සතිය මේ සතියේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි තරග ප්‍රතිඵල සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<