Crystal Palace, මොරගස්මුල්ල, Pelicans සහ මාතරට ජයග්‍රාහි සතියක්

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

199

දිවයිනේ විසිරි ඇති ක්‍රීඩාංගණ 4ක දී අද (21) ක්‍රියාත්මක වූ ශූරයින්ගේ ලීගයේ 10 වැනි සතියේ දෙවැනි දිනයේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට Crystal Palace, මොරගස්මුල්ල, Pelicans සහ මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් Serendib, Solid, Super Sun සහ Saunders කණ්ඩායම් පරාජය වුනා.

Serendib SC සහ Matara City Club

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයෙන් ගෝල 1-0ක් ලෙස Serendib පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Matara City ක්‍රීඩකයෝ සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි (Matara City) සහ තෙවැනි (Serendib) ස්ථාන දිනා සිටින මෙම කණ්ඩායම් දෙකම ජයග්‍රහණය වෙනුවෙන් ඉතාමත් තියුණු සටනක නිරත වෙනු දක්නට ලැබුණා.

තරගයේ වාර්තා වූ එකම ‌ගෝලය 26 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ අතර ඒ සඳහා හිමිකම් කීවේ මාතර ක්‍රීඩක රෙහාන් වීරප්පුලි.

දෙවැනි අර්ධය දී ද කණ්ඩායම් දෙක කරට කර සටනක නියැළුණු අතර නියමිත කාලය අවසානයේ දී ගෝලයක් වාර්තා කරගෙන සිටි මාතර ක්‍රීඩකයින්ට ජයග්‍රහණය හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: Serendib SC 0  – 1 Matara City Club

ගෝල ලාභීන්:

  • Matara City – රෙහාන් වීරප්පුලි (26’)

Solid SC සහ Crystal Palace FC

ගෝල 3-1ක් ලෙස Crystal Palace ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කළ මෙම තරගය පැවැත්වුණේ අනුරාධපුර ක්‍රීඩා පිටියේ දීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගත වෙද්දී ලකුණු පුවරුවට පණ පොවන්නට Crystal Palace ක්‍රීඩකයින් සමත් වුනා. ඒ Zakeer Ahmed වාර්තා කළ ගෝලයේ ආධාරයෙන්.

ඉන් අනතුරුව නැවතත් වතාවත් ක්‍රියාත්මක වූ Zakeer ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනේ 30 වැනි මිනිත්තුවේ දීයි.

අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි Prem Kumar  විසින් Crystal Palace වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනේ 38 වැනි මිනිත්තුවේ දීයි.

ගෝල 3-0ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයෙන් පසුව තරගයට පිවිසෙන්නට, ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන, Solid ක්‍රීඩා සමාජය ගත් වෑයම සාර්ථක වන්නේ 56 වැනි මිනිත්තුවේ දීයි. ඒ ගෝලය සඳහා හිමිකම් කීවේ Nimaal Minron විසිනුයි.

ඉන් අනතුරුව ඔවුන් විසින් ප්‍රතිවාදීන්ට තවත් ගෝල වාර්තා කරන්නට අවස්ථාවක් නිර්මාණය නොකළ අතර Solid ක්‍රීඩකයින් හට ද ගෝල වාර්තා කරන්නට Crystal Palace ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Solid SC 1 – 3 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • Crystal Palace – Zakeer Ahmed (10’, 20’), Prem Kumar (38’)
  • Solid – Nimaal Minron (56’)

Moragasmulla SC සහ Super Sun SC

Super Sun ක්‍රීඩකයින් පරාජය කරමින් ගෝල 4-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

ගාලු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ම ලකුණු පුවරුවට ජීවය එකතු කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩක ඩිලාන් මදුශංක සමත් වුනා.

එම ගෝලයෙන් මිනිත්තු 10ක් යන්නටත් පෙර ක්‍රියාත්මක වූ ඩේවිඩ් කරුණාරත්න ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනේ මොරගස්මුල්ලට තරගයේ වැඩි ගෞරවය දිනා දෙමින්.

ඉන් අනතුරුව 23 වැනි මිනිත්තුවේ දී මොරගස්මුල්ල ලකුණු පුවරුව තවත් ඉහළ දමමින් ගෝලයක් වාර්තා කරන්නට පුබුදු සකුලද සමත් වුනේ තරගයේ පීඩනය Super Sun දෙසට යොමු කරමින්.

මෙතෙක් ගෝලයක් වාර්තා කරන්නට අවස්ථාවක් හිමි නොවූ Super Sun ක්‍රීඩකයින් ගෝල වාර්තා කිරීමට ආරම්භ කරන්නේ 30 වැනි මිනිත්තුවේ දී එන්. එන්. කසුඟ විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

පළමු අර්ධය නිමා වීමට පෙර ගෝල පරතරය 1ක් දක්වා අඩු කරගන්නට Super Sun ක්‍රීඩකයින් සමත් වුනේ 43 වැනි මිනිත්තුවේ දී Mohamed Sajan විසින් වාර්තා කළ ගෝලයත් සමඟින්. ඒ අනුව පළමු අර්ධය අවසන් වුනේ ගෝල 3-2ක් ලෙස මොරගස්මුල්ල පෙරමුණ ගනිමින්.

දෙවැනි අර්ධයේ දී ලකුණු පුවරුව එතරම් වෙනසකට ලක් නොවූ අතර Super Sun ක්‍රීඩකයින් පාලනය කළ මොරගස්මුල්ල ක්‍රීඩකයින් වෙනුවෙන් මෙම තරගයේ දී වාර්තා කළ දෙවැනි ගෝලය සාර්ථක කර ගන්නට ඩේවිඩ් සමත් වුනා.

ඒ අනුව ගෝල 4-2ක් ලෙස මෙම තරගයෙන් මොරගස්මුල්ල ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 4 – 2 Super Sun SC

ගෝල ලාභීන්:

  • Moragasmulla – ඩිලාන් මදුශංක (7’), ඩේවිඩ් කරුණාරත්න (15’, 84’), පුබුදු සකුලද (23’)
  • Super Sun – එන්. එන්. කසුඟ (30’), Mohamed Sajan (43’)

Pelicans SC සහ Saunders SC

Saunders ක්‍රීඩකයින් විසින් Pelicans ක්‍රීඩකයින් ගෝල 2-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ වාර්තා වූ ගෝල දෙකම සඳහා හිමිකම් කීවේ Pelicans ක්‍රීඩක Nafshan Mohomed විසිනුයි.

ඔහු විසින් තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟින් 1-0ක් ලෙස ප්‍රථම අර්ධය අවසන් වූ අතර නැවතත් 81 වැනි මිනිත්තුවේ දී ඔහු විසින් ගෝලයක් වාර්තා කළේ ලකුණු පුවරුව දෙගුණ කරමින්.

ඔහු තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් අතරින් තෙවැනි ස්ථානය දිනා ගෙන සිටි අතර මෙම ගෝල ද්විත්වයත් සමඟින් ඔහු මෙවර තරගාවලියේ දී වාර්තා කළ සමස්ත ගෝල ගණන 11ක් දක්වා ඉහළ යනවා.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 2 – 0 Saunders SC

ගෝල ලාභීන්:

  • Pelicans – Nafshan Mohomed (2’, 81’)

ශූරයින්ගේ ලීගයේ 10 වැනි සතියේ අවසන් තරගය එළඹෙන 23 වැනිදා (අඟහරුවාදා) St. Mary’s SC සහ ශ්‍රී ලංකා පොලිසිය අතර මාලිගාපිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<