කල් දැමූ ශූරයින්ගේ ලීගයට දින නියම වෙයි

Champions League 2022

206

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන 2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ (Champions League) ආරම්භක සතියේ තරග කාලසටහන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර තිබෙනවා.

දේශීය පාපන්දු පිටියේ සුපර් ලීග් තරගාවලියට පසුව පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන Champions League තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසර කිහිපයේ දී පැවැත්වීමට හැකි වුනේ නැහැ.

එම නිහැඬියාවෙන් පසුව තරගාවලිය මෙම වසරේ මැයි මාසයේ දී ආරම්භ කිරීමට සැලසුම් කළත් රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය නිසාවෙන් කල්දැමීමට සිදු වූ මෙම තරගාවලිය ජුනි 03 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් හෙට (03) තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, මාලිගාපිටිය ක්‍රීඩාංගණය සහ මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

පළමු සතියේ තරග කාලසටහන

මෙවර Champions League තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වීමට නියමිත නිසාවෙන් ඉතා උණුසුම් පාපන්දු තරගාවලියක් දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවනු ඇත.

Champions League තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<