දකුණු කොරියාවට පෙර ශ්‍රී ලංකාව මැලේසියාව සමඟ ගැටෙයි

140

2022 වසරේ කටාර්හි පැවැත්වීමට නියමිත 2022 FIFA පාපන්දු ලෝක කුසලානයේ දී දකුණු කොරියාව සමඟ තරගයට සහ චීනයේ පැවැත්වෙන ආසියානු කුසලානයේ H කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ තරගයට පෙර ශ්‍රී ලංකාව මැලේසියාව සමඟ සුහද තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ …….

මැලේසියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගය එළඹෙන ඔක්තෝබර් 5 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.15ට බුකිට් ජලීල්හි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සියෝල් බලා යාමට නියමිත අතර එළඹෙන ඔක්තෝබර් 10 වැනිදා දකුණු කොරියාව සමඟ තරග වැදීමට නියමිතව ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් දිවයිනට පැමිණෙන අතර ඔක්තෝබර් 15 වැනිදා ලෙබනනය සමඟින් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී මැලේසියාව සමඟ තරගවැදී ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී වන අතර එහි අවසාන භාගයේ මැලේසියාව ලබා ගත් ගෝල ඔවුන්ට 4-1ක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඉවහල් විය. 

Messi නොමැති සති අන්තයක Neymar හා Ronaldo ගෝල වාර්තා කරයි

ලා ලීගා, Bundesliga, Ligue 1 පාපන්දු පිටියත් මේ සතියේ …..

එහි දී ආදේශක ක්‍රීඩකයෙකු වශයෙන් තම මංගල තරගය ක්‍රීඩා කළ මැලේසියානු ක්‍රීඩක මො‍හමඩෝ සුමරේ තරගය වෙනස් කරනු ලැබුවේ ගෝලයක් වාර්තා කරමින් සහ තවත් ගෝලයක් ලබා ගැනීම සඳහා තම දායකත්වය ලබා දෙමිනි.

මීට පෙරාතුව 2012 අප්‍රේල් මාසයේ දී මැලේසියාව (වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම් හි අංක 158) ශ්‍රී ලංකාව (202) සමඟ තරග වැදුණු අතර එහි දී මැලේසියාව ගෝල 6-0ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය කළේය. ඊටත් වසර පහකට පෙරාතුව 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනු ලැබුවේ ගෝල 2-1ක් වශයෙනි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<