මංජුල කුමාර උස පැනීමෙන් අවසන් වටයට

367
Manjula Kumara

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ වඩාත්ම අවධානය යොමු වන ප‍්‍රධානතම ක්‍රීඩා ඉසව්ව ලෙසින් සැලකෙන ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය අද (09) සිට ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ගෝල්ඩ් කෝස්ට් තරගාවලිය ක්‍රියාත්මක ප්‍රධාන ක්‍රීඩාංගණය වන කරාරා ක්‍රීඩාංගණයේ (මැරතන් ඉසව්ව හැර) එම තරග ඉසව් පැවැත්වෙන අතර නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දැක බලා ගැනීම සඳහා 35,000කට අධික ක්‍රීඩාලෝලීන්ට අසුන් ගැනීමට හැක.

ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තුවක් වූ චින්තන 5 වන තැනට

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ පසුගිය 4 වැනිදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි…

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ගෝල්ඩ් කෝස්ට් නගරයට ගොස් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 දෙනෙකුගෙන් සමන්විත නඩයෙන්  ක්‍රීඩකයන් 7 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙකු මලල ක්‍රීඩා ඉසව් 09ක් සඳහා සූදානමින් සිටිති. උස පැනීම (පිරිමි), දුර පැනීම (පිරිමි), මීටර 200 (කාන්තා), හෙල්ලය විසි කිරීම (කාන්තා), මීටර 800 (කාන්තා), හෙල්ලය විසි කිරීම (පිරිමි) සහ සහාය දිවීම 4X100 (පිරිමි) යන තරග ඉසව් යටතේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වැදීමට නියමිතව සිටිති.

මේ අතුරින් උස පැනීමේ ඉසව්ව නියෝජනය සඳහා මංජුල කුමාර ප‍්‍රථමයෙන්ම තරග වදින මලල ක්‍රීඩකයා වන අතර ඔහු අද (09) තරග බිමට පිවිසියේය. පදක්කම් බලාපොරොත්තුවක් වන ඔහු සුදුසුකම් ලැබීමේ වටය ජය ගනිමින් මේ වන විටත් ලබන 11 වැනි දින පැවැත්වෙන අවසන් වටයේ තරගය සඳහා සුදුසුකම් ලබා සිටියි. ඔහු මීටර 2.21ක පරිසාධන මට්ටම ඉක්මවාලමින් අවසන් මහ තරග වරම් උදාකර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකාවට පදක්කමක් හිමි වනු ඇතැයි අපේක්ෂිත ක්‍රීඩා අතරට මීටර 800 කාන්තා ඉසව්ව ද ඇතුළත් වන අතර එ් සඳහා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම තරග වැදීම එම බලාපොරොත්තු තවත් ඉහළ නංවන්නක් බවට පත්ව තිබේ. නිමාලී ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න එම ඉසව්ව නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් වන අතර ඔවුහු ඉකුත් වසරේ පැවති ආසියානු ග්‍රොන් ප‍්‍රී සහ ආසියානු ගෘහස්ථ  තරගාවලියේ දී දක්වන ලද දක්ෂතා එම බලාපොරොත්තු ඉහළ යෑමට හේතු වී තිබේ.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <

දිනය වේලාව ඉසව්ව තරග මට්ටම තරගකරු
අප්‍රේල් 09 05.50 උස පැනීම (පිරිමි) සුදුසුකම් ලැබීමේ වටය මංජුල කුමාර
අප්‍රේල් 10 05.50 දුර පැනීම (පිරිමි) සුදුසුකම් ලැබීමේ වටය ජනක විමලසිරි
05.50 මීටර 200 (කාන්තා) පළමු වටයේ තරග රුමේෂිකා රත්නායක
අප්‍රේල් 11 14.30 දුර පැනීම (පිරිමි) අවසන් වටයේ තරග ජනක විමලසිරි
14.55 හෙල්ලය (කාන්තා) අවසන් වටයේ තරග ඩිල්හානි ලේකම්ගේ
15.05 මීටර 200 (කාන්තා) අර්ධ අවසන් තරග රුමේෂිකා රත්නායක
20.00 උස පැනීම (පිරිමි) අවසන් වටයේ තරග මංජුල කුමාර
අප්‍රේල් 12 07.50 මීටර 800 (කාන්තා) පළමු වටයේ තරග නිමාලි ලියනාරච්චි
ගයන්තිකා අබේරත්න
අප්‍රේල් 13 05.30 හෙල්ලය (පිරිමි) සුදුසුකම් ලැබීමේ තරග සම්පත් රණසිංහ
07.35 4×100 (පිරිමි) පළමු වටයේ තරග හිමාෂ එ්ෂාන්
ෂෙහාන් අඹේපිටිය
මොහොමඞ් අශ්රෆු
විනෝජ් ද සිල්වා
සුමේෂ් වික‍්‍රමසිංහ
16.10 මීටර 800 (කාන්තා) අවසන් තරග
අප්‍රේල් 14 09.25 4×100 (පිරිමි) අවසන් වටයේ තරග
අප්‍රේල් 15 02.50 මැරතන් (කාන්තා) හිරුණි විජේරත්න