රියාල් මැඩ්රිඩ් 14 වැනි වතාවටත් UEFA ශූරයන් වෙයි

UEFA Champions League

469
- MARCA

ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය විසින් 2021/22 UEFA ශූරයන්ගේ කුසලාන දිනා ගැනීමට ඊයේ (මෙරටින් 29 අලුයම) සමත් වුනා. මේ ඔවුන් විසින් එහි ශූරතාවය දිනා ගත් 14 වැනි අවස්ථාවයි.

ගෝල 1-0ක් ලෙස එංගලන්ත ප්‍රීමියර් ලීග් කණ්ඩායමක් වන ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම අවසන් මහා තරගයේ දී රියාල් හමුවේ පරාජය වුනා. ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ බ්‍රසීල ක්‍රීඩක විනීෂියස් ජූනියර් විසින්.

මෙම ශූරතාවය රියාල් මැඩ්රිඩ් කළමනාකරු කාලෝ ඇන්කෙලෝටිගේ සිව්වැනි ශූරයන්ගේ කුසලාන ජයග්‍රහණය බවට පත්වුනා. එය ඓතිහාසික ජයග්‍රහණයක්.

ඒත් සමඟින් Carabao Cup (කරබාඕ කුසලාන), FA Cup (එංගලන්ත පාපන්දු සමුළු කුසලාන) දිනා සිටි ලිවර්පූල් කණ්ඩායමේ සිහින බිඳ වැටුණා. එකම වසරක දී පෙර කි කුසලාන ද්විත්වය සහ UEFA Champions League (ශූරයන්ගේ කුසලාන) දිනා ගනිමින් විරල සන්ධිස්ථානයක් පසුකිරීමට ඔවුන් අදිටනින් සිටියා. ඉකුත් සතියේ දී EPL (එංගලන්ත ප්‍රීමියර් ලීග්) කුසලානය ද ඔවුන් අතින් අවසන් මොහොතේ දී ගිලිහුණා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<