ඕෂදට LPL තරග කිහිපයක් මඟ හැරෙයි!

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

229

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (28) පැවති Dambulla Viiking සහ Kandy Tuskers අතර තරගයේ දී Dambulla Viiking ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ආබාධයකට ලක්වූ අතර පසුව සිදු කළ MRI පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට අවම වශයෙන් සතියක පමණ කාලයක් තරගාවලියෙන් ඉවත්ව සිටීමට සිදු වන බවයි.

“ඕෂදගේ ආබාධය පිළිබඳව අපි MRI පරීක්ෂණයක් කළා. ඒ වාර්තාවට අනුව ඔහුට තවත් සතියක්වත් විවේක ගන්න වෙයි මේක සුවවෙන්න. ආබාධය එතරම් දරුණු මට්ටමේ නැති වුනත් ඒ වලලුකර ආශ්‍රිතව සිදු වූ මාංශ පේෂිවල ඇදීම නිසා ඔහුට විවේකය අනිවාර්ය වෙනවා” යනුවෙන් Dambulla Viiking වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

Match Highlights – Kandy Tuskers vs Dambulla Viiking | LPL 2020 – Match 3

ඊයේ (28) සවස පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව Kandy Tuskers නායක කුසල් ජනිත් පෙරේරා Dambulla Viikings කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඉන් අනතුරුව Dambulla Viikings කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු සහ නිරෝශන් දික්වැල්ල පිටියට පිවිසියේය.

තවත් ක්‍රිකට් පුවත්:

ඕෂද Dambulla Viiking ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් අතර තරගයේ තුන්වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ කවිශ්ක අංජුල හට දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඕෂද ඉන් අනතුරුව පන්දුව third man කලාපයට යොමුකර එක් ලකුණක් සඳහා පැති මාරුකර ගැනීමට උත්සාහ කළේය.

එහි දී විරුද්ධ දිශාවේ සීමා ඉර ආසන්නයේ දී ඔහු ඇදවැටීමකට ලක්වූයේ පාදය ලිස්සා යාමත් සමඟිනි. ඔහුගේ ඇදවැටීමත් සමඟින් පාදය යම් ආකාරයකින් ආබාධයකට ලක්වී තිබුණි. ඉන් අනතුරුව කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම විසින් වහාම ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගැනීමට ක්‍රියා කළේය.

කෙසේ නමුත් අවසානයේ දී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට Dambulla Viiking කණ්ඩායමට හැකි විය.

Photos – Kandy Tuskers vs Dambulla Viiking – Match 3 | LPL 2020

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතව සිටි අතර ඕෂද එම සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ද ඇතුළත්ව සිටියි. ඔහු පසුගිය වසරේ දී පැවති දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා ද සහභාගී වූ අතර එහි දී විශිෂ්ට දස්කම් දැක්වීමට ද සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ තරග දෙකෙන් තරග දෙකම ජය ගත් Colombo Kings වන අතර Kandy Tuskers සහ Galle Gladiators යන කණ්ඩායම් තවමත් ඔවුන්ගේ නමට ඉදිරියෙන් ජයග්‍රහණයක් වාර්තා කරගෙන නොමැත.

තරගාවලියේ සිව්වැනි දිනය වන 30 වැනිදා Dambulla Viiking සහ Jaffna Stallions අතර තරගය සවස 3.30 පැවැත්වෙන අතර Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය රාත්‍රි 8.00ට ආරම්භ විමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<