ශ්‍රී ලංකා නායිකාවට ඕස්ට්‍රේලියාවෙන් ඇරයුම්

කාන්තා Big Bash ලීග් තරගාවලිය 2022

470

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2022 කාන්තා Big Bash ලීග් තරගාවලිය සඳහා සහභාගී වන, Melbourne Renegades සමඟ එකතු වී තිබෙනවා.

ඉකුත් වසරේ පැවති තරගාවලියේ දී චමරි විසින් Perth Scorchers නියෝජනය කළ අතර නැවත වරක් ඇය සිය සුපුරුදු කණ්ඩායම වන Renegades සමඟ එකතු වීම විශේෂත්වයක්. ඇය මෙම තරගාවලිය සඳහා ප්‍රථම වරට ක්‍රීඩා කළේ 2017 වසරේ දී  Renegades නියෝජනය කරමිනුයි.

වමත් පිතිකාරණියක් ලෙස ජාතික කණ්ඩායම ශක්තිමත් කරන අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් චමරි Renegades සමඟ එකතු වීම කණ්ඩායමේ ඉදිරි ගමන විශාල දායකත්වයක් දක්වනු ඇති අතර Renegades මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි තැන දිනා ගෙන සිටින්නේ මෙතෙක් පැවති තරග 3න් 1ක් පමණක් ජයග්‍රහණය කරමිනුයි.

කාන්තා Big Bash ලීග් තරගාවලියේ 8 වැනි අදියර ඉකුත් ඔක්තෝබර් 13 වැනිදා ආරම්භ වූ අතර එය නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<