වොලිබෝල් ජාතික ශූරයන් නේපාලයට

217

නේපාල වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන Tiger Cup පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව යුද හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායමට හිමි වී තිබෙනවා.

පසුගිය වසරේ පැවැත්වුණු 72 වැනි ජාතික වොලිබෝල් ශූරතා සුපර්ලීග් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම විසින් සමත් වූ අතර ඒ අනුවයි ඔවුන්ට මෙම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වන්නේ.

එළඹෙන 13 සිට 22 දක්වා නේපාලයේ පොකරා නගරයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන යුද හමුදා කණ්ඩායම අද (12) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යනු ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සඳහන් කරනවා.

එමෙන්ම මෙම කණ්ඩායමේ නායකයා ලෙස නලින් කරුණාරත්න කටයුතු කරනු ඇති.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<