තමිඳු රිච්මන්ඩ් විද්‍යාලය අවසන් තරගය කරා රැගෙන යයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

133
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක් අද (02) නිමාවට පත් වුනා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම අවසන් පූර්ව තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය විසින් සමත් වූ අතර, මෙහි දී රිච්මන්ඩ් ඉනිම වෙනුවෙන් තමිඳු ප්‍රදීප්ත ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු 223ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වූ අතර ඔහුගේ ඉනිමත් සමඟින් රිච්මන්ඩ් විද්‍යාලයේ අවසන් මහා තරග බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම පාහේ සාර්ථක වුනා.

මේ අතර අද දිනයේ ආරම්භ වූ තවත් අවසන් පූර්ව තරගයක දී කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කිරි මණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 01  02)

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 330/9d (87.4) තමිඳු ප්‍රදීප්ත 191, නදීශ් ප්‍රනාන්දු 4/59, මනුජ චන්තුක 3/91
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 240/10 (82.1) විමත් දින්සර 63, නදීශ් ප්‍රනාන්දු 32, යූරි කොත්තිගොඩ 3/26

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 02  03)

  • ත්‍රිත්ව විද්‍යාලය – 228/10 (89.2) දිමන්ත මහවිතාන 68, වතිල උදාර 45, ඉනුක කරන්නාගොඩ 6/71, කූජන පෙරේරා 3/27
  • මහානාම විද්‍යාලය– 22/1 (8)

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී (අප්‍රේල් 02  03)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 128/10 (52.4) ඉශිර ආයුපාල 28, සිතුක ගුණවර්ධන 4/49
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 134/6 (46)රුචිත් රොද්‍රිගෝ 42, ශෙනන් රොද්‍රිගෝ 3/36

තරගය පළමු දිනයට නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<