Big Bash ක්‍රීඩකයන්ට අමුතු තහනමක්

185
CA bans haircuts for big bash players

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට අපූරු තහනමක් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මෙම තහනම පනවා ඇත්තේ කොණ්ඩා කැපීම සහ මුහුණ ආශ්‍රිත සියලු රූපලාවණ්‍ය කටයුතු සඳහා යාම තහනම් කරමින්.

පසුගිය සතියේ දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැතිර යාම ආරම්භ වූ නව කොරෝනා වයිරසය නිසා එරට සෞඛ්‍ය නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියා රජය විසින් ගත් තීරණයට සමඟාමීව ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වන නීති පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතර ක්‍රීඩකයන්ට ද දැඩි නීති රීති පනවා තිබෙනවා. 

තවත් ක්‍රිකට් පුවත්: 

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ මෙම දැඩි නීති පිළිබඳව Sydney Morning Herald පුවත්පත වාර්තා කර තිබුණි. 

“ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය Big Bash තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන්ට ද දැඩි නීති පනවා තිබෙනවා. COVID-19 අභියෝගයන්ට මුහුණ දෙන අතරම දේශීය හා ජාත්‍යන්තර තරග රැසක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන නිසා ඔවුන්ට විශාල අභියෝගයක් තියනවා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ නිසා ඔවුන් ක්‍රීඩකයන්ගේ නීති දැඩි කරන්න පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෑතක දී සිඩ්නි නුවර පැතිරයාමට පටන්ගත් කොරෝනා වයිරසය නිසා තවත් අවදානමක් ඇතිවෙලා තියනවා. සිඩ්නි හි ඇතිවෙලා තියන තත්ත්වය නිසා තුන්වැනි ටෙස්ට් තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීමත් අවිනිශ්චිත වෙලා තියෙනවා.” 

දෙසැම්බර් 21 වැනි දින ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ Queensland Hub ක්‍රියාපටිපාටියට අනුව ක්‍රීඩකයන්ට කොණ්ඩා කැපීම වැනි පෞද්ගලික කරුණු සඳහා අවසර ලබා නොදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ද Sydney Morning Herald පුවත්පත වාර්තා කළා. 

“නව නීති දෙසැම්බර් 1 වැනිදා පැනවූ ක්‍රියාපටිපාවලට වඩා වෙනස්. කොණ්ඩා කැපීම වැනි පෞද්ගලික කරුණු සඳහා අවසර නොදීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ වගේම කණ්ඩායම එකට සිටින අවස්ථාවල දී මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කරලා තිබෙනවා.” 

නව ක්‍රියාපටිපාටියට අනුව ගෘහස්ථව හෝ එළිමහනේ ආහාර ගැනීම ද තහනම් කර ඇත. 

“ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට තම කෑම කලින් ඇණවුම් කර රැගෙන යන්න පුළුවන්. එසේ කෑම රැගෙන යාමේ දී ඔවුන් ඔවුන්ගේ කණ්ඩායම් නිල ඇඳුම හැඳ සිටීම අනිවාර්ය නැහැ” පුවත්පත් වාර්තාවේ තවදුරටත් දැක්විය.

මෙවර Big Bash තරගාවලියේ මුල් තරග ටස්මේනියාවේ සහ කැන්බරා හිදී පැවති අතර මේ සතිය මුලදී කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් හොබාර්ට් සිට බ්‍රිස්බේන් දක්වා පැමිණියා. සියලුම ක්‍රීඩකයන් මේ වන විට බ්‍රිස්බේන් සහ ගෝල්ඩ් කෝස්ට් හි ජෛව ආරක්ෂිත වටපිටාවක් තුල රැඳී සිටී.

තරග 56කින් සමන්විත Big Bash තරගාවලියේ මේ වන විට තරග 13ක් පවත්වා අවසන්. 

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<