“උකුසු ඇසෙන් නියම ප්‍රයෝජනය ගන්න” – ටෙන්ඩුල්කාර්ගෙන් විවේචනයක් 

1444

කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ පිතිකරුවෙකු නියත වශයෙන්ම දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමේ දී ප්‍රධාන විනිසුරු ලබා දුන් තීරණය වෙනුවට Hawkeye තාක්ෂණයෙන් ලැබෙන අවසන් ප්‍රතිඵලය සඳහා වැඩි බරක් ලබා දිය යුතු බව සචින් ටෙන්ඩුල්කාර් ඊයේ (13) දිනයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් සඳහන් කර සිටියේය. 

කෝලි සමඟ වැඩ කිරීම අසීරු ද? උපනායකයා උත්තර දෙයි

වත්මන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන සුපිරි පිතිකරු අජින්ක්‍යා රහනේ කණ්ඩායම…

DRS හෙවත් ප්‍රධාන විනිසුරුතුමන් විසින් ලබා දෙන තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමවේදයේහි දැනට පවතින අඩුපාඩුකම් නිසාවෙන් පිතිකරුවන්ට මෙන්ම පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද අසාධාරණකම් රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව ටෙන්ඩුල්කාර් මහතා මෙහිදී උදාහරණත් සමඟ පෙන්වා දී තිබුනි. එම පවතින වැරදි අඩුපාඩු සංශෝධනය කර, අපක්ෂපාතී තීරණ ලබා දිය හැකි වැඩපිළිවෙලක අවශ්‍යතාවය, නිමාව දුටු කොදෙව්-එංගලන්ත ටෙස්ට් තරගය නැරඹූ ඕනෑම අයෙකුට වටහා ගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය. 

Hawkeye තාක්ෂණය ඔස්සේ ලබා දෙන තොරතුරු සමඟ සසඳා බැලීමේ දී කඩුල්ලෙහි ගැටෙන්නේ පන්දු පෘෂ්ඨයෙන් 50%ක ප්‍රතිශතයකට වඩා අඩු අගයක් නම් එම පිතිකරුවා නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමේ අයිතිය විනිසුරුවරයා සතු වේ. යම් හෙයකින් එම තීරණය අභියෝගයට ලක් කරමින් තෙවන විනිසුරුගේ සහය පැතීමට පන්දු රකින කණ්ඩායම ක්‍රියා කළහොත් පෙර ලබා දුන් තීන්දුව හකුළා ගැනීමට, පන්දු පෘෂ්ඨයෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් කඩුල්ලේ ගැටිය යුතුය. 

ටෙන්ඩුල්කාර්ගේ පෞද්ගලික මතයට අනුව මෙම ක්‍රමවේදයේහි පවතින දුර්වලතා මඟ හරිමින් එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අන්තර්ජාතික ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉතා කඩිනමින් ඊට සරිලන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට  කාලය එළඹ තිබේ. එසේ සිදුනොවන්නේ නම් අවසානයේ දී එහි ප්‍රතිඵලය අත්විඳීමට සිදුවන්නේ ද ක්‍රීඩකයින්ට බව එහිදී ඔහු විශේෂයෙන්ම සඳහන් කර සිටියේය. 

ඉන්දීය ක්‍රිකට් සභාපති නිරෝධායන කාලය කප්පාදු කරන්නට සැරසේ

මේ වසර අවසානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ඔවුන්…

“මගේ මතයට අනුව නම් තාක්ෂණය භාවිතා කරලා වඩාත් නිරවද්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්, අපි ඒකට තැන දිය යුතුයි. පන්දුව කඩුල්ලේ ගිහින් වදිනවා නම් එච්චරයි. ආයිත් දශම ගණන් ප්‍රතිශත ගණන් ගැන කථා කරන්න අවශ්‍යතාවක් නැහැ. පන්දු යවන කණ්ඩායම හෝ පන්දුවට පහර දෙන කණ්ඩායම තුන්වෙනි විනිසුරු දිහාවට යොමු වෙන්නේ ප්‍රධාන විනිසුරුවරයා ලබා දුන්න තීරණය ගැන තෘප්තිමත් නැති නිසා. ඉතින් මේ ක්‍රමයේ දී ආයිමත් වෙන්නේ ඒ කලින් ලබා දුන්න තීරණයට හිස නමන එක.” 

“තෙවැනි විනිසුරුගේ සහය පතනවා නම් අවසන් තීරණය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්න ඕන Hawkeye තාක්ෂණයෙන් ලබා දෙන ප්‍රතිඵලයට විතරයි. ප්‍රධාන විනිසුරු ලබා දුන් තීරණයත් එක්ක ආයිත් පටලවා ගන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ටෙනිස්වල වගේ විකල්ප දෙකයි තියෙන්න පුළුවන්. එක්කෝ දැවී ගිය ක්‍රීඩකයෙක්, නැත්තන් නොදැවුනු ක්‍රීඩකයෙක්. හරිම සරලයි.” 

ටෙන්ඩුල්කාර්ගේ මෙම ප්‍රකාශය සමඟ තමන් සියයට සියයක් එකඟ වන බව හිටපු ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං තම පෞද්ගලික twitter ගිණුමට සටහනක් එක්කොට තිබුනි. 

DRS ක්‍රමවේදය කුමන හෝ හේතුවක් මත අනුමත නොකරන ස්ථාවරයේ සිටි ඉන්දීය කණ්ඩායම, ඔවුන් ක්‍රීඩා කළ තරග සඳහා එම තාක්ෂණය භාවිත කිරීමෙන් වැළකී සිටියේ ටෙන්ඩුල්කාර්ගේ බලපෑම නිසාවෙන් බව කියැවේ. කෙසේනමුත් 2016 වසරේ දී ඔවුන් තම ස්ථාවරය වෙනස් කරමින් සෙසු ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් ගමන් කළ අඩිපාරේම ගමන් කිරීමට එකඟතාව පළ කිරීමට පියවර ගත්තේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<