අහිමිවීම් මැද ඉපදුනු ඔහු – ඔස්කා පිස්ටෝරියස්

692

ලොව පුරා සිටින දෛවයට සිනාසුනු මිනිසුන් වෙනුවෙන් පවත්වන එක් ක්‍රීඩා උළෙලක් තිබෙනවා. ඒ පැරාලිම්පික් උළෙල. හිමිවීම් අතලොස්සක් පමණක් දරාගෙන අහිමිවීම් පොදි බැදගෙන පැමිණි දක්ෂ මිනිසුන් වෙනුවෙන් පවත්වන මෙම උළෙලේ පාද දෙකම නොමැති දක්ෂ ක්‍රීඩකයෙකු ලෝකයේම හිත් දිනා ගැනීමට සමත් වුනා. බ්ලේඩ් රනර්” (Blade Runner) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පාද අහිමි මිනිසා තමයි “ඔස්කා පිස්ටෝරියස්” (Oscar Leonard Carl Pistorius).

“කවුරුහරි මාව හැප්පුවා” පූරන්ගේ අනපේක්ෂිත මතකය

නිකලස් පූරන්ව නොදන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු ……


1986 නොවැම්බර් 22 වනදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී උපත ලබන ඔස්කා පිස්ටෝරියස්ගේ පළමු උපන්දිනයටත් ප්‍රථම, ඔහුගේ පාද යුගලය දණහිසට පහළින් කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ උපතින්ම පාදවල තිබූ දුර්වලතාවය හේතුවෙන්. මාස 11 වනවිට කුඩා ඔස්කාර්ට තම දෙපා අහිමි වුවද, පාසල් කාලය තුළ ඔහු රග්බි හා මල්ලවපොර කණ්ඩායම් නියෝජනය කරනවා. වර්ෂ 2003 දී රග්බි ක්‍රීඩා කරන අතරතුර බරපතල ලෙස දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු තම ක්‍රීඩාව ලෙස කෙටි දුර දිවීම තෝරා ගන්නවා. ඒ ඔහුගේ විශ්වවිද්‍යාල සමයේ දී. විශ්වවිද්‍යාල සමයේ ඔහු තම කෙටි දුර දිවීමේ හැකියාව ප්‍රගුණ කරන අතර ඒ සඳහා නියමිත ප්‍රමිතියකින් යුත් කෘත්‍රීම පාද යුගලක් නොමැති වීම ඔහු මුහුණ දීමට සිදුවූ ගැටළුව වුනා. මේ ගැටළුව විසඳා ගැනීමට ඇමරිකානු පැරාලිම්පික් ක්‍රීඩක බ්‍රයන් ෆ්‍රේෂර් (Brian Frasure) ඔහුට සහාය වන අතර ඒ හරහා හොඳ තත්ත්වයේ කෘත්‍රීම පාද යුගලක් ලබා ගැනීමට ඔහුට හැකි වෙනවා.

ශාරීරික දුබලතා තත්ත්වයන් තිබූ පමණින් ඔබ ආබාධිතයෙකු වෙන්නේ නෑ. හැකියාවන් තිබෙනවා නම් ඔබට ඕනෑ දෙයක් කළ හැකියි ඒ ඔස්කාර්ගේ ආදර්ශ පාඨය යි.

ඔහු 2004 වසරේ ඇතැන්ස් හි පැවති පැරාලිම්පික් තරගයේ T44 කාණ්ඩයේ (එක් පාදයක පමණක් දණහිසෙන් පහළ අහිමි) මීටර් 200 ධාවන තරගයෙන් රන් පදක්කම ලබා ගන්නවා. ඔහු සහභාගී විය යුත්තේ  T43 කාණ්ඩයෙන් (කකුල් දෙකම දණහිසෙන් පහළ අහිමි) වූවත් එම කාණ්ඩය යටතේ තරග නොකරන ඔහු T44 කාණ්ඩයෙන් දිගටම තරග කරනවා. රන් පදක්කමට අමතරව ඔහු විසින් මීටර් 100 ධාවන තරගයෙන් ලෝකඩ පදක්කම ද හිමිකර ගන්නවා. ඉන්පසුව දකුණු අප්‍රිකාවේ හා යුරෝපයේ පැවති ජාතික හා ජාත්‍යන්තර තරග බොහෝමයක් ජයගැනීමට ඔස්කා සමත් වෙනවා.



2007 වසරේ දී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් ඔහුගේ කෘත්‍රීම පාද දෙකෙන් ඔහුට අනවශ්‍ය ශක්තියක් ලැබෙන බව පවසමින් ක්‍රීඩා තහනමක් නිකුත් කරනවා. නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටින ඔස්කා එය එසේ නොවන බව ඔවුන්ට ඔප්පු කර එම තහනම 2008 වසරේ දී නැවත ඉවත්කර ගැනීමට සමත් වෙනවා. 2008 වසරේ බීජිං පැරාලිම්පික් උළෙලට සහභාගී වන ඔහු, ඉහත කාණ්ඩය (T44) යටතේ තරග වදින අතර එහිදී මීටර් 100, 200 හා 400 යන ධාවන ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. එම වසරේම දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් චීනයේ පැවති බීජිං ඔලිම්පික් තරගයට සහභාගී වීමට ඔහුට හැකියාව ලැබෙනවා.

2012 වසරේ ලන්ඩන් පැරාලිම්පික් තරගය සඳහා සහභාගී වන ඔහු එහිදී මීටර් 400 හා 100×4 සහාය දිවීම යන තරග ඉසව් වලින් රන් පදක්කමද මීටර් 200 ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද දිනා ගනිමින් දස්කම් දක්වනවා.

හතරලියද්දෙන්ම යකඩ තුරුළු කරගත් හැඩකාරයා – ඉන්දික දිසානායක

පොඩි පොදකුත් ආවට අද නම් කොහොම හරි වැඩේ ………


2013 වසරේ පෙබරවාරි මාසයේ පෙම්වතුන්ගේ දිනය (14) දා ඔහු තම නිවසේ දී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ව වෙඩි තබා මරා දමනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔස්කා පිස්ටෝරියස් අධිකරණය හමුවේ කියා සිටින්නේ ‘තම නිවසට රහසිගතව ඇතුළුවූ පුද්ගලයෙකු’ යැයි වරදවා වටහා ගැනීම හේතුවෙන් තමා එම වෙඩි තැබීම සිදුකළ බවයි. එය සම්පුර්ණයෙන්ම අත්වැරදීමක් බවත් රීවා මරා දැමීමට තමන්ට කිසිඳු උවමනාවක් නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඔස්කා පිස්ටෝරියස් සහ රීවා ස්ටීන්කැම්ප්

අධිකරණය හමුවේ කඳුළු සලමින් රීවා ස්ටීන්කැම්ප්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඔහු සමාව ඉල්ලා සිටීම ඉතා සංවේදී දර්ශනයක් වුනා. නඩු විභාගය අතරතුර ඔහුගේ නීතිඥයන් විසින් ඔස්කාර් කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළීම මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි යන්න තර්ක කරනවා. නමුත් අධිකරණය විසින් පත්කරන ලද මානසික වෛද්‍යවරුන් කණ්ඩායමක් මොහුට එවැනි රෝගයක් නැති බවට ප්‍රකාශ කර සිටිනවා. ටික කාලයක් තිස්සේ නඩු විභාගය ඇදී ගිය අතර එම වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔහු වැරදිකරු බවට ප්‍රකාශ කරමින් අධිකරණය විසින් වසර පහක සිර දඬුවමකට ඔහුව යටත් කරනවා.

2015 වසරේ ඔක්තෝම්බර් මසයේ දී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කර වසර හතරක් සඳහා නිවාස අඩස්සියට පත්කිරීමට එරට අධිකරණය තීරණය කරනවා. 2016 වසරේ දී ඔස්කා පිස්ටෝරියස්ට යළි දඬුවම් පැමිණ විය යුතු බවට විනිශ්චයකරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් විසින් අභියාචනාධිකරණයේ දී නිර්දේශ කරනවා. ඒ අනුව ඔහුට නැවත වරක් වසර හයක සිර දඬුවමක් අධිකරණය විසින් පනවනවා. 2017 වසරේ දී එය 2023 වසර දක්වා දීර්ඝ කිරීමට එරට අභියාචනාධිකරණය විසින් තීරණය කරනවා.

පිහි ඇනුමින් දිවි බේරා ගත් ටෙනිස් ශූරිය – පෙට්‍රා ක්විටෝවා

තම කුඩා පා පැදියෙන් ටෙනිස් පුහුණුවීම් වලට යන ඒ කුඩා ………….


කාලයක් ලෝකයේ පාද රහිත වේගවත්ම මිනිසා ලෙස කිර්තිය අත්කර ගෙන සිටි ඔස්කාර් පිස්ටෝරියස්, බන්ධනාගාරයෙන් නිදහස්ව නැවත මලල ක්‍රීඩා පිටියට පැමිණ පෙර සේ ම දස්කම් දක්වනු ඇතැයි ක්‍රීඩා ලෝලීන් බලාගෙන සිටිනවා.      

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<