Home Sinhala සිම්බාබ්වේ පිළ පෙර වැරදි හදා ගැනීමේ සූදානමක!

සිම්බාබ්වේ පිළ පෙර වැරදි හදා ගැනීමේ සූදානමක!

170
Image - AFP

හරාරේ හිදී අද (27) ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ඇරඹුනේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමිනි. ඒ මෙම පිටියේදීම පැවති පළමු ටෙස්ට් තරගය දින පහක් අවසානයේ ශ්‍රී ලංකා පිළ කඩුලු 10කින් ජයගත් බැවිනි. 

කෙසේවෙතත් අද දිනය අවසන් වනවිට සිම්බාබ්වේ පිළ පිතිකරණ අංශයෙන් ප්‍රබල ස්ථානයකට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා පිළේ තරගාවලි ජයග්‍රහණයක බලාපොරොත්තු අවදානමකට ලක් කරමිනි.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන තරගයට පෙර සංචිතය වෙනස් කරයි

සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජාර්වීස්ගේ කොඳු නාරටිය ආශ්‍රිතව යම්………..

අද දිනයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ නායක සීන් විලියම්ස් සමත් වීම නිසා නැවත වරක් ශ්‍රී ලංකාවට සිදුවූයේ මුලින් පන්දු රැකීමේ යෙදීමටයි. ඒ පසුගිය තරගයේ මුල් ඉනිමේ ලකුණු 358ක් රැස් කළ සිම්බාබ්වේ පිළ තම පිතිකරණ ශක්තිය ගැන දැඩි විශ්වාසයක් තබා තිබූ බැවිනි. නමුත් අද දිනයේ එතරම් ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන්ට නොහැකි වූ අතර ප්‍රතිවාදී පිළේ පළමු කඩුල්ල ලෙස ප්‍රින්ස් මැස්වෝරේ දවා ගැනීමට ලහිරු කුමාරට හැකිවිය.

ඉන්පසු දෙවැනි කඩුල්ල ලෙස ක්‍රේග් අර්වයින් පිටියෙන් ඉවත් කිරීමට ධනංජය ද සිල්වා සමත් වන්නේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 49ට කඩුලු 2ක් බවට පත් කරමිනි. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පළමු තරගයේ අර්ධ ශතක රැස්කළ නිසා අද මෙම කඩුලු දෙක ඉක්මනින් දවා ගැනීමත් සමඟ බොහෝ දෙනා සිතුවේ ශ්‍රී ලංකාව තම ප්‍රතිවාදීන්ව ඉක්මනින් මැඩ පවත්වනු ඇති බවයි. නමුත් දිවා විවේකය දක්වා තවත් කඩුලු බිඳ වැටෙන්නට ඉඩ නොදුන් සිම්බාබ්වේ පිළ එතැන් පටන් සෑම කඩුල්ලක් සඳහාම සබඳතා ගොඩ නගන්නේ විශාල ලකුණු පුවරුවකට ඉව අල්ලමිනි.

බට්ලර්ට අපහාස කළාට ෆිලැන්ඩර්ට දඩ

එංගලන්ත-දකුණු අප්‍රිකා සිව්වන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකානු සුපිරි……..

එහිදී පසුගිය තරගයේ දෙවැනි ඉනිමේදී මොළයේ සෙලවීමකට ලක්වීම නිසා ඉවත් වුනු කෙවින් කසූසා නැවත පැමිණ අද ලකුණු 38 ලබා ගත්තේය. බ්‍රෙන්ඩන් ටේලර් එක්දින තරගයකට උචිත අන්දමින් පන්දුවට පහර දෙමින් පන්දු 62කදී ලකුණු 62ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් එල්ල කරමිනි. එහිදී පසුගිය තරගයේ දී සපුරාගත නොහැකි වූ කඩයිමක් පසු කරමින් සිම්බාබ්වේ නායක සීන් විලියම්ස් ශතකයක් වාර්තා කර ගැනීම අද දිනයේ සිදුවූ සුවිශේෂීම සිදුවීම විය. 

එය ඔහුගේ තරග 12ක ටෙස්ට් දිවියේ වාර්තා වූ දෙවැනි ටෙස්ට් ශතකය බවට පත්විය. පන්දු 137ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 107ට දැකුම්කළු හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය. සිම්බාබ්වේ පිළේ ප්‍රධානතම පිතිකරුවන් දෙදෙනාගේ සාර්ථකත්වයත් සමඟ නැවතත් ශ්‍රී ලංකා පිළ තරමක් පසුබෑමට ලක්වූ අතර තරගයේ පාලනය ක්‍රමයෙන් සිම්බාබ්වේ කණ්ඩායම දෙසට නතුවන බව පෙනෙන්නට විය. එම ග්‍රහණය වඩාත් දැඩි වූයේ සිකන්දර් රාසා ද ලකුණු 72ක් රැස්කර ගැනීමත් සමඟයි.

මේ වනවිට සත්වැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 28ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නැගී ඇති නිසා සිම්බාබ්වේ පිළ පසුගිය තරගයටත් වඩා හොඳ සටනක් තම ප්‍රතිවාදීන්ට ලබාදෙනු ඇතැයි සිතිය හැක. අද දිනයට නියමිත පන්දුවාර 90 අවසානයේ ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 352ක් ලබා සිටින්නේ හෙට දිනය ගැන සුබ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනයි. මේ වනවිට රෙගිස් චකබ්වා නොදැවී ලකුණු 31ක් ද, නවක පිතිකරු ටිනොටෙන්ඩා මුටොම්බොසි නොදැවී ලකුණු 10ක් ද ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි. 

2020 කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 7 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක……

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් මනා පාලනයකින් පන්දු යවමින් කඩුලු 2ක් ද, ධනංජය සිල්වාගේ දඟ පන්දුකරණය හමුවේ කඩුලු 2ක් ද බිඳ වැටුණි. මීට අමතරව ලසිත් ඇඹුල්දෙණියට සහ ලහිරු කුමාරට එක් කඩුල්ල බැගින් හිමිවිය. තරගය පැවැත්වෙන හරාරේ තණතිල්ලද පෙර පරිදිම මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළේය. එබැවින් හෙට දිනයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති පළමු අභියෝගය සිම්බාබ්වේ පසුපෙළ හැකි ඉක්මනින් බිඳ දමා පිතිකරණය කරා යොමුවී ඉන් වාසි ගැනීමයි.

Result

Match drawn

Sri Lanka
293/10 (119.5) & 204/3 (87)

Zimbabwe
406/10 (115.3) & 247/7 (75)

Batsmen R B 4s 6s SR
Prince Masvaure c Niroshan Dickwella b Lahiru Kumara 9 44 1 0 20.45
Kevin Kasuza b Suranga Lakmal 38 97 4 0 39.18
Craig Ervine c Oshada Fernando b Dhananjaya de Silva 12 11 1 1 109.09
Brendan Taylor lbw b Suranga Lakmal 62 62 10 1 100.00
Sean Williams b Dhananjaya de Silva 107 137 10 3 78.10
Sikandar Raza c Angelo Mathews b Lasith Embuldeniya 72 99 4 2 72.73
Regis Chakabva c Niroshan Dickwella b Lasith Embuldeniya 31 69 3 0 44.93
Tinotenda Mutombodzi lbw b Dhananjaya de Silva 33 99 4 0 33.33
Donald Tiripano c Suranga Lakmal b Lasith Embuldeniya 13 47 1 0 27.66
Carl Mumba not out 11 19 2 0 57.89
Victor Nyauchi c Dhananjaya de Silva b Lasith Embuldeniya 6 10 1 0 60.00


Extras 12 (b 8 , lb 3 , nb 1, w 0, pen 0)
Total 406/10 (115.3 Overs, RR: 3.52)
Fall of Wickets 1-21 (13.6) Prince Masvaure, 2-49 (19.4) Craig Ervine, 3-114 (32.6) Kevin Kasuza, 4-133 (36.5) Brendan Taylor, 5-292 (71.6) Sikandar Raza, 6-324 (78.5) Sean Williams, 7-362 (95.2) Regis Chakabva, 8-386 (110.1) Tinotenda Mutombodzi, 9-394 (111.6) Donald Tiripano, 10-406 (115.3) Victor Nyauchi,

Bowling O M R W Econ
Suranga Lakmal 22 9 37 2 1.68
Vishwa Fernando 14 1 45 0 3.21
Lahiru Kumara 20 5 60 1 3.00
Lasith Embuldeniya 42.3 8 182 4 4.30
Dhananjaya de Silva 17 1 71 3 4.18
Batsmen R B 4s 6s SR
Dimuth Karunarathne lbw b Sikandar Raza 44 120 3 0 36.67
Oshada Fernando c Regis Chakabva b Donald Tiripano 44 119 4 0 36.97
Kusal Mendis c Carl Mumba b Sikandar Raza 22 73 1 1 30.14
Angelo Mathews c Regis Chakabva b Carl Mumba 64 158 3 2 40.51
Dinesh Chandimal c & b Sikandar Raza 6 9 0 1 66.67
Dhananjaya de Silva b Sikandar Raza 42 64 5 1 65.62
Niroshan Dickwella lbw b Sikandar Raza 1 6 0 0 16.67
Suranga Lakmal c Tinotenda Mutombodzi b Sikandar Raza 5 27 0 0 18.52
Lasith Embuldeniya c Brian Mudzinganyama b Sikandar Raza 5 39 0 0 12.82
Vishwa Fernando c Regis Chakabva b Victor Nyauchi 38 81 5 0 46.91
Lahiru Kumara not out 3 22 0 0 13.64


Extras 19 (b 9 , lb 10 , nb 0, w 0, pen 0)
Total 293/10 (119.5 Overs, RR: 2.45)
Fall of Wickets 1-94 (36.2) Dimuth Karunarathne, 2-104 (43.1) Oshada Fernando, 3-134 (62.5) Kusal Mendis, 4-142 (64.5) Dinesh Chandimal, 5-226 (86.3) Dhananjaya de Silva, 6-228 (88.2) Niroshan Dickwella, 7-242 (94.3) Suranga Lakmal, 8-244 (97.1) Angelo Mathews, 9-268 (108.4) Lasith Embuldeniya, 10-293 (119.5) Vishwa Fernando,

Bowling O M R W Econ
Carl Mumba 18 4 43 1 2.39
Sikandar Raza 43 8 113 7 2.63
Donald Tiripano 24 12 30 1 1.25
Victor Nyauchi 22.5 7 40 1 1.78
Tinotenda Mutombodzi 12 1 48 0 4.00
Batsmen R B 4s 6s SR
Prince Masvaure run out (Dhananjaya de Silva) 35 105 3 1 33.33
Craig Ervine c Niroshan Dickwella b Vishwa Fernando 13 43 1 0 30.23
Regis Chakabva c Dhananjaya de Silva b Lasith Embuldeniya 15 39 1 0 38.46
Brendan Taylor lbw b Lahiru Kumara 67 75 7 1 89.33
Timycen Maruma st Niroshan Dickwella b Lasith Embuldeniya 0 14 0 0 0.00
Sikandar Raza lbw b Vishwa Fernando 34 74 4 0 45.95
Sean Williams not out 53 77 6 1 68.83
Tinotenda Mutombodzi b Suranga Lakmal 8 22 0 0 36.36
Donald Tiripano not out 1 2 0 0 50.00


Extras 21 (b 4 , lb 15 , nb 1, w 1, pen 0)
Total 247/7 (75 Overs, RR: 3.29)
Fall of Wickets 1-32 (11.2) Craig Ervine, 2-64 (23.3) Regis Chakabva, 3-111 (38.2) Prince Masvaure, 4-124 (42.4) Timycen Maruma, 5-151 (49.3) Brendan Taylor, 6-221 (67.5) Sikandar Raza, 7-240 (74.3) Tinotenda Mutombodzi,

Bowling O M R W Econ
Suranga Lakmal 18 5 34 1 1.89
Dhananjaya de Silva 7 2 32 0 4.57
Vishwa Fernando 20 5 43 2 2.15
Lahiru Kumara 10 2 38 0 3.80
Lasith Embuldeniya 20 0 81 2 4.05


Batsmen R B 4s 6s SR
Oshada Fernando lbw b Sikandar Raza 47 108 4 0 43.52
Dimuth Karunarathne c Regis Chakabva b Carl Mumba 12 38 0 0 31.58
Kusal Mendis not out 116 233 13 1 49.79
Angelo Mathews c Craig Ervine b Victor Nyauchi 13 69 1 0 18.84
Dinesh Chandimal not out 13 75 0 0 17.33


Extras 3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0)
Total 204/3 (87 Overs, RR: 2.34)
Fall of Wickets 1-26 (13.4) Dimuth Karunarathne, 2-107 (38.1) Oshada Fernando, 3-140 (61.2) Angelo Mathews,

Bowling O M R W Econ
Sikandar Raza 32 10 63 1 1.97
Donald Tiripano 16 10 15 0 0.94
Carl Mumba 4 1 13 1 3.25
Sean Williams 16 0 49 0 3.06
Victor Nyauchi 12 3 43 1 3.58
Tinotenda Mutombodzi 7 2 19 0 2.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<