භානුක රාජපක්ෂ නැවතත් ජාතික කණ්ඩායමට එන්නට සූදානමින්

806

පසුගිය කාලයේ දී බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ දින 40ක් තුළ දී  සියලුම ආකාරයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් නිල වශයෙන් සමත් වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එකතු කරමින් ඔහු සඳහන් කළේ skin fold 104 සිට 71.5 දක්වා අඩු කර ගනිමින් තමා එම පරීක්ෂණයෙන් සමත් වූ බවයි. එමෙන්ම කිලෝග්‍රෑම් 84 සිට කිලෝ ග්‍රෑම් 76.5 දක්වා තම දේහ බර ද අඩු කර ගත් බව භානුක එහි දී සඳහන් කර තිබුණා.

 

View this post on Instagram

 

A post shared by Bhanuka Rajapaksa (@bhanukarajapaksa)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.35කින් නිමා කළ යුතු අතර මෙහි දී භානුක මිනිත්තු 8.33කින් එම යෝග්‍යතා පරීක්ෂණය අවසන් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබෙනවා.

“මම මෙය කළේ ක්‍රීඩාවට ඇති ආදරය වෙනුවෙන්. ජාතිය වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මම සූදානම් බව මට දැන් හිතෙනවා” යනුවෙන් භානුක රාජපක්ෂ පවසා සිටියා.

මෙහි දී පසුගිය කාලයේ දී තමාට සහාය දැක්වූ සියලු පාර්ශවවලට ස්තූති කිරීමට ද භානුක අමතක කළේ නැහැ.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<