කාන්තා දිගුදුර ලෝක වාර්තාවක් බිඳ වැටේ

111

Monaco හී පැවති මීටර් 5000 මාර්ග (කිලෝමීටර් 5) ධාවන තරගයක් සඳහා සහභාගි වූ කෙන්යානු ක්‍රීඩිකා Beatrice Chepkoech එම ඉසව්වේ කාන්තා ලෝක වාර්තාව බිඳ හෙළීමට ඊයේ (14) සමත් වුනා.

කාන්තා මීටර් 3000 ඉසව්වේ ලෝක ශූරිය ද වන ඇය එම තරගය මිනිත්තු 14:43ක කාලයකින් අවසන් කිරීමට සමත් වෙමින් 2019 වසරේ දී නවසීලන්ත ක්‍රීඩිකා Sifan Hassan විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාව (මිනිත්තු 14.44) බිඳ හෙළීමට සමත් වුනා.

වාර්තා ගත ජයග්‍රහණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Beatrice Chepkoech ප්‍රකාශ කළේ, 

“මම කිසිවිටකත් මෙය අපේක්ෂා කළේ නැහැ, මට ඉතාමත් සතුටුයි. ඉතාමත් සීතල සහ දැඩි සුළඟක් තිබුණා. ඒත් මගේ සහයක ක්‍රීඩකයා (Luuk Maas) මට කිව්වා අපිට මේක කරන්න පුළුවන් අපි මේක කරමු කියලා. මම මගේ නිවැරදි වේගයෙන් දුවන්න සමත් වුනා වගේම හැමදේම හොඳින් සිදු වුනා.”

තවත් මලල ක්‍රීඩා පුවත්:

මේ වන විට 29 වැනි වියේ පසුවන Beatrice Chepkoech 2019 වසරේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියක දී මීටර් 3000  බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 8.44.32ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී එම ඉසව්වේ ලෝක කිරුළ දිනා ගැනීමට ද ඇය සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <