SAG – ශ්‍රී ලංකා – මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - පාපන්දු

96

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (02) තම පළමු තරගය සඳහා මාලදිවයින සමඟ තරග වැදුනි. එහි දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 

SAG 2019 – ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කාලසටහන නිකුත් වේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (SAG) පිරිමි හා කාන්තා පාපන්දු තරග ඉසව්වල තරග කාලසටහන…………..

මාලදිවයින් කණ්ඩායම විසින් ආරම්භ කරන ලද පළමු අර්ධයේ පළමු මිනිත්තු 08 තුළ කණ්ඩායම් දෙක අතර පන්දුව දෝලනය වූ නමුත් තරගයේ 09 වැනි මිනිත්තුවේ සිට මාලදිවයින් කණ්ඩායම දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින් කණ්ඩායමට එම මිනිත්තුවේ දී ම ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි වූ නමුත් එය අසාර්ථක විය. 

නැවතත් 11 වැනි මිනිත්තුවේ දී මාලදිවයින් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් දෙකක් හිමි වූ නමුත් එය ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සමත් විය. 

Photos: Day 02 | South Asian Games 2019

තරගයේ 20 වැනි මිනිත්තුවේ දීත් මාලදිවයින් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගැනීමට හිමි වූ අවස්ථාව අසාර්ථක විය. ප්‍රධාන විනිසුරුවරයා විසින් තරගයේ 40 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක සුන්දරරාජ් නිරේෂ් හට තරගයේ පළමු කහ කාඩ්පතක් නිකුත් කරනු ලැබුවේ අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙනි. 

ඉන්පසු තරගයේ පළමු අර්ධය අවසන් වනතුරු කණ්ඩායම් දෙකටම එකඳු ගෝලයක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 00 මාලදිවයින 

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආරම්භ කරන ලද දෙවන අර්ධය තුළ දී ද පන්දුව වැඩි වශයෙන් තමන් සතුව තබා ගැනීමට මාලදිවයින් කණ්ඩායම කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.  නමුත් ක්‍රම ක්‍රමයෙන් නැවතත් පෙර මෙන් ආක්‍රමණශීලී වෙමින් ක්‍රීඩා කළ මාලදිවයින් කණ්ඩායමට තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වූ නමුත් එය අසාර්ථක විය. 

SAG2019 – ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනුත් පදක්කම් මල්ලක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා පදක්කම් එකතුවට තවත් පදක්කම් 5ක් එක් කිරීමට ශ්‍රී ලංකා…….

නැවතත් තරගයේ 76 වැනි මිනිත්තුවේ දී මාලදිවයින් කණ්ඩායම වාර්තා කිරීමට සැරසුණු ගෝලය සාර්ථකව මැඬලීමට ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සමත් විය. 

අනාරක්ෂිත ලෙස ක්‍රීඩා කිරීම හේතුවෙන් 79 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක සුන්දරරාජ් නිරේෂ්ට නැවත වරක් කහ කාඩ්පතක් හිමි විය. දෙවන වරට හිමිවූ කහ කාඩ්පත නිසාවෙන් ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු විය.  

තරගයේ 87 වැනි මිනිත්තුවේ දී හිමි වූ පැති පහර සාර්ථකව ස්ථාන ගත කිරීමට මාලදිවයින් ක්‍රීඩකයින් සමත් වූ නමුත් එය ගෝලයකට පරිවර්තනය කරගැනීමට ඔවුන්ට නොහැකි විය. 

ප්‍රබල කණ්ඩායම් රැසකට ජයග්‍රහණ විරහිතයි

එංගලන්ත Premier League තරගාවලියේ හා ඉතාලි Serie A තරගාවලියේ 14 වැනි සතියේ සහ ස්පාඤ්ඤ La Liga…………

තරගයේ නියමිත කාලය (මිනිත්තු 90) අවසන් වන විට කණ්ඩායම් දෙකටම එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගයේ ප්‍රධාන විනිසුරුවරයා විසින් අමතර මිනිත්තු 4ක් තරගය සඳහා එකතු කරන ලදි. නමුත් එකතු කරන ලද එම අමතර කාලයේ දී ද කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවීය. 

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 00 මාලදිවයින 

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ සහ තවත් බොහෝ දෑ දැනගැනීමට රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සමඟින්ම. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<