වනිඳු, තිසර හා ඉසුරු උදානට CPL වරම්!

140

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් සඳහා තෝරාගෙන තිබෙනවා. ඒ වනිඳු හසරංග, ඉසුරු උදාන හා තිසර පෙරේරා යි.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මාර්ගගත ක්‍රමයට අද (28) පැවැත්වුණා. කෙසේ වෙතත් ක්‍රීඩක වෙන්දේසියට පෙර CPL තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 6 තමන් සිය කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබුණා. කණ්ඩායම්වල ඉතිරි ස්ථාන පිරවීම සඳහා මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණා.

St Kitts & Nevis Patriots කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සිය කණ්ඩායමට එක් කර ගත්තා. එම කණ්ඩායමට සුපිරි ක්‍රීඩක Chris Gayle හා Dwayne Bravo ද ක්‍රීඩා කිරීම විශේෂත්වයක්. මේ වනිඳු ප්‍රමුඛ පෙළේ ලීග් තරගාවලියකට ක්‍රීඩා කරන පළමු වතාවයි.

තවත් ක්‍රිකට් පුවත්:

අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන Trinbago Knight Riders කණ්ඩායම හා එක්ව තිබෙනවා. 2020 IPL තරගාවලිය ද ක්‍රීඩා කළ ඔහු එහි දී Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. Kieron Pollardගේ නායකත්වයෙන් තරග වදින Trinbago Knight Riders කණ්ඩායමට Sunil Narine, Colin Munro හා Lendl Simmons වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද ක්‍රීඩා කරනවා.

මේ මාසය මුල දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් තිසර පෙරේරා Barbados Tridents වෙනුවෙන් ක්‍රීඩා කරන්නට සූදානමින් සිටිනවා. Chris Morris, Jason Holder, Mohammad Amir වැනි ප්‍රබල ක්‍රීඩකයින් Tridents කණ්ඩායමේ ක්‍රීඩකයින් ලැයිස්තුවේ සිටිනවා.

(Image Credit – CPL facebook page)

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 සිට සැප්තැම්බර් 19 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පවතින COVID-19 වසංගත තත්වය නිසා තරගාවලියේ තරග 33ම St Kitts & Nevis හි Warner Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. Kieron Pollardගේ නායකත්වයෙන් තරග කළ Trinbago Knight Riders කණ්ඩායම CPL තරගාවලියේ 2020 ශූරතාවය දිනා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<