නුවන් ප්‍රදීප්ගෙන් සුබ ආරංචියක්

494
Nuwan Pradeep

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 15 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් සැසි දෙකක් සඳහා පෙනී සිටීමට සිටි නමුත් ඒ අවස්ථාවන් දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය.

චක් දේ ඇෆ්ගනිස්තාන්

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වන පෙරළිකාරීම කණ්ඩායම ලෙස ඇෆ්ගනිස්තානය හඳුන්වන්න පුළුවන්. ඔවුන් මේ වෙද්දී ලෝකයේ බොහෝ ප්‍රබල

කෙසේ නමුත් එම පුහුණුවීම් අතරතුර නුවන් ප්‍රදීප් දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ ඔහුගේ ආබාධ තත්වයට පසුව ඔහු පුහුණුවීම් වල නිරත වන ආකාරය දෙස පිළිබඳවයි. කෙසේ නමුත් අද (13) දිනයේ දී නුවන් ප්‍රදීප් ඇතුළු කණ්ඩායම මද වර්ෂාව මධ්‍යයේ වුවත් පුහුණුවීම් වල නිරත විය.

කෙසේ නමුත් එහි දී ක්‍රීඩාංගණයේ තණනිල්ල සහිත ප්‍රදේශය තෙත බරිතව තිබූ නිසාවෙන් පන්දු රැකීමේ පුහුණුවීම් වල ශ්රී ලංකා කණ්ඩායම නිරත වූයේ නොමැත.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයට පසුව බ්‍රිස්ටල් හිදී පැවැත්වීම නියමිතව තිබූ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය හා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය යන තරග දෙකම වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අත්හැර දමන ලදි.

එසේ ආබාධයට ලක්වූ ප්‍රදීප් දකුණු අතට යම් ආධාරකයක් (splint) පැලඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  භෞතික චිකිත්සක අජන්ත වත්තේගම මහතාගේ අධීක්ෂණය යටතේ පන්දු යැවීම වෙනුවෙන් පුහුණුවීම් වල නිරත විය.

“මම හිතුවට වඩා ඉක්මනට සුවය ලබාගෙන තිබෙනවා. මම අද ආබාධයට පස්සේ පළමු වතාවට පන්දු යැවීමේ පුහුණුවීම් වල නිරත වුනා. නමුත්  වැස්ස නිසා පන්දු රැකීමේ පුහුණුවීම් වල නිරත වෙන්න බැරි වුනා. හෙට (14) දිනයේ දී අපි පන්දු රැකීමේ පුහුණුවීම් වල නිරත වෙලා බලනවා ඒ අනුව තමයි තීරණය වෙන්නේ මම ඕස්ට්‍රේලියා තරගය ක්‍රීඩා කරනවා ද නැද්ද කියලා. කොහොම වුනත් මම ඕස්ට්‍රේලියා තරගය ක්‍රීඩා කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි නුවන් ප්‍රදීප් ThePapare.com වෙත පැවසීය.

“ඉන්දීය සටනට කලින් පන්දු රැකීම හදාගන්න ඕන” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගයට පෙර තම කණ්ඩායමේ පන්දු රැකීම සංවර්ධනය කර ගත යුතු බව

නුවන් ප්‍රදීප් හෙට දිනයේ පැවැත්වෙන පන්දු රැකීමේ පුහුණු සැසියට පසුව සෙනසුරාදා (15) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනවා ද නැද්ද යන වග තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු වන අසන්ත ද මෙල්  මහතා ThePapare.com වෙත ද පවසා සිටියේය.

දකුණතින් වේගපන්දු යවන වයස අවුරුදු 33ක් වන ප්‍රදීප් පසුගිය දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් එම ජයග්‍රහණයේ එක් නියමුවෙක් බවට පත්විය.

ප්‍රදීප්ගේ දකුණු අතෙහි සුලැඟිල්ලෙහි පන්දුව වැදීම නිසාවෙන් ඔහු පසුගිය 9 වැනිදා මෙසේ ආබාධයට ලක් විය. බංග්ලාදේශ තරගය වෙනුවෙන් ප්‍රදීප් ඇතුළු කණ්ඩායම දැල තුල පුහුණුවීම් වල නිරත වෙමින් සිටිය දී පන්දුව යොමු කළ පසුව කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා විසින් නැවත පන්දුව ප්‍රදීප් වෙත ඒවා තිබෙන අතර එහි දී පන්දුව රැකගැනීමට යාමේ දී ප්‍රදීප් මෙලෙස ආබාධයට ලක්වී ඇත.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<