රාජකීයට දැවැන්ත ජයක්

520
u15 singer schools cricket

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු පෙළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම පසුගිය දින කිහිපයේ පැවැත්විණි.

පසුගිය ලිපි: ගුරුකුල, හෝලික්‍රොස් ජය පැන් බොති

කොළඹ රාජකීය විද්‍යාලය හා සී. ඩබ්. ඩබ් කන්නංගර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් රාජකීය විද්‍යාලය ඉණිමක හා ලකුණු 161 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම 276-6 dec (35.5) හරිදු පලිහවඩන ලකුණු 122, මතීෂ අමරසිංහ ලකුණු 51, තෙවිදු සේනාරත්න ලකුණු 44යි. පන්දු යැවීමේ දී අනිශ්ක කල්පන ලකුණු 72කට කඩුලු  3ක්  හා අශාන් වගආරච්චි ලකුණු 52කට කඩුලු  2 ක් දවාලීමට සමත් විය.

සී.ඩබ්.ඩබ් කන්නංගර විද්‍යාලය පළමු ඉණිම 71-10 (32.1) මනුල පෙරේරා ලකුණු 7 කට කඩුලු 6 යි

සී.ඩබ්.ඩබ් කන්නංගර විද්‍යාලය දෙවන ඉණිම – 44-10 (F/O) (30.4) මනුල පෙරේරා ලකුණු 20 කට කඩුලු 6 යි


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් පළමු ඉණිමක ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම 62-10 (33.2) තිතිර වීරසිංහ ලකුණු 12 කට කඩුලු 3යි

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 273-7 (60.5) ජයවිහාන් මහවිතාන ලකුණු  105, තිනෙත් ප්‍රබුද්ධ ලකුණු 38යි. විමුක්ති වරාවිට ලකුණු 72 කට කඩුලු 3 ක් දවාලන ලදි.

පසුගිය ලිපි: හෝලික්‍රොස් හා අන්තෝනි ඉණිමක ජයග්‍රහණයන් දකියි


කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා රද්දොලුව ශ්‍රී පංඥානන්ද මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරගයේ පළමු ඉණිමක ජයක් ලබාගැනීමට පීතර විද්‍යාලය සමත් විය.

ශ්‍රී පංඥානන්ද විද්‍යාලය පළමු ඉණිම – 108-10 (49.4) සසංක අභිමාන් ලකුණු 34යි. විනුද ලියනගේ ලකුණු 20 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

පීතර විද්‍යාලය පළමු ඉණිම -206-9 dec (45) සවිරු පීරිස් ලකුණු 63, රිෂිත සන්තුෂ් ලකුණු 31, කවිදු පීරිස් ලකුණු 23


කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වේලුවන මධ්‍ය විද්‍යාලය අතර තරඟය

වේලුවන විද්‍යාලය මෙම තරගයේ දී පළමු ඉණිමක ජයක් ලබාගැනීමට සමත් විය.

තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 147-10 (42.2) තරුෂ චාරුක  32*යි. රිෂිත රණසිංහ ලකුණු 46 කට කඩුලු 7 ක් දවාලන ලදි.

වේලුවන විද්‍යාලය පළමු ඉණිම – 148-9 dec (40.2) ශාමික මෙන්ඩිස් ලකුණු 42යි. මලිදු පෙරේරා ලකුණු 48 කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: 15න් පහල ක්‍රිකට් තරග කිහිපයකට වැස්සෙන් බාධා


මහරගම ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්වූ මෙම තරඟයෙන් පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට ජෝශප් වාස් විද්‍යාලය සමත් විය.

ජනාධිපති  විද්‍යාලය පළමු ඉණිම – 130-9 dec (64) හේනුක සංජුන ලකුණු 47යි. ලකුණු 33කට කඩුලු  3ක් දවාලීමට ෂලිදු ඩිල්ශාන් සමත් විය.

ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – 140-8 (35) දෙවින් දුල්කිත ලකුණු 32,පසිදු දිසානායක ලකුණු 31 ලෝචන විජේසේකර ලකුණු 26 කට කඩුලු 3 ක් දවාලන ලදි.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 303-2 dec (56.3) චකිල පෙරේරා ලකුණු 111, බිහඟ මෙන්ඩිස් ලකුණු 102*

මැසොනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 173-4 (40) සදීප නානායක්කාර ලකුණු 51 ෂෙනාල් ද මොරායස් ලකුණු 43


කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රලය අතර තරඟය

මෙම තරඟය ඩී.එස් සේනානායක විද්‍යාලය පළමු ඉණිම ජයග්‍රහණය කරන ලදි.

සේනානායක විද්‍යාලය (A) පළමු ඉණිම – 111-8 dec (50) කුමුදිත අතුකෝරළ ලකුණු 37, ඩිෂාන් ප්‍රියමාන්න ලකුණු 28* යි. එස්.ඊ. තිවංක ලකුණු 42 කට කඩුලු 3 යි.

ශාස්ත්‍රල විද්‍යාලය පළමු ඉණිම – 77-10 (37.2) බී.වී.පී.පෙරේරා ලකුණු 18 යි. 21/5 ක් ලෙස දක්ෂතා දැක්වීමට කලණ ජයවර්ධන සමත් විය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න