චන්දිමාල්, මැතිව්ස්, ලක්මාල් හා තිසරට නව වගකීම්

2278

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “SLC T20”  ක්‍රිකට් තරගාවලියේ කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම්වල නායකත්වය පිළිවෙළින් දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් හා ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් වෙත ලබා දී ඇත. තරගාවලිය අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වේ.

>> ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියකට අත ගසයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, කොන්ත්‍රාත්ගත දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් හා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඇතුළත්ව ක්‍රීඩකයින් 84 දෙනෙකු මේ තරගාවලිය සඳහා සංචිතගත කොට තිබෙන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 21 දෙනෙක් අන්තර්ගත වේ.

ලීග් ආකාරයට පැවැත්වෙන මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලය තුළ දී ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සූදානම්ව සිටිය ද එම කටයුතු සාර්ථක නොවීය. ඒ නිසාවෙන් දේශීය ක්‍රිකට් පිටිය විවේකීව පවතින කාල සමය තුළ මෙවැනි ආකාරයක ප්‍රවේගකාරී දේශීය ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙහි දී සෑම කණ්ඩායමක්ම තරග 6 බැගින් ක්‍රීඩා කරන අතර තරගාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින කණ්ඩායම් දෙකට මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

එහි තීරණාත්මක හා සුපිරි අවසන් මහා සටන විදුලි ආලෝකය මධ්‍යයේ සැප්තැම්බර් මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරගාවලියේ අනෙකුත් තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ දී හා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී  පැවැත්වේ.

ගාලු කණ්ඩායමේ පුහුණුකාරීත්වය රෝයි ඩයස් මහතාට ලබා දී ඇති අතර කොළඹ, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් සඳහා පිළිවෙළින් අවිශ්ක ගුණවර්ධන, පියල් විජේතුංග හා සුමිත්‍ර වර්ණකුලසූරිය යන මහත්වරුන් ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පත්කර තිබේ. ඊට අමතරව ඒ ඒ කණ්ඩායම්වල කළමනාකරුවන් ලෙස ගජබා පිටිගල (කොළඹ), ප්‍රියන්ත උදයරත්න (මහනුවර), විනොතන් ජෝන් (දඹුල්ල), නලින්ද ඉලංගකෝන් (ගාල්ල) යන මහත්වරුන් නම් කර ඇත.

>> 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

මේ තරගාවලියේ සියලුම තරග ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් TV නාලිකා අංක 123 හා ඩයලොග් MyTV හරහා සජීව ලෙස විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

සංචිත

කොළඹ –  දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උප නායක), මහේල උඩවත්ත, අවිශ්ක ප්‍රනාන්දු, සචිත්‍ර සේරසිංහ, සම්මු අශාන්, ලසිත් අබේරත්න, චතුරංග ද සිල්වා,  අකිල දනංජය, අශේන් බණ්ඩාර, නුවන් ප්‍රදීප්, අසිත ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, කමිඳු මෙන්ඩිස්, රශ්මික ඩිල්ශාන් , ප්‍රියමාල් පෙරේරා, ජීවන් මෙන්ඩිස්, විශ්ව චතුරංග, ලහිරු මදුසංක, නිම්සර අත්තනගල්ල, ලසිත් ඇඹුල්දෙණිය,  ගජබා  පිටිගල (කළමනාකරු), අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු).

ගාල්ල – සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න (උප නායක) , කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, අසේල ගුණරත්න, ඕෂද ප්‍රනාන්දු, ලහිරු මිලන්ත, ජෙහාන් ඩැනියල් , ධනංජය ද සිල්වා, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පිරිස්, ලහිරු කුමාර, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, විමුක්ති පෙරේරා, කසුන් මදුසංක, නිශාන් මධුෂ්ක, මොහොමඩ් ඩිල්ශාඩ්, සහන් ආරච්චිගේ, නලින්ද ඉලංගකෝන් (කළමනාකරු), රෝයි ඩයස් (පුහුණුකරු).

මහනුවර – ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක (උප නායක), කුසල් ජනිත්, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්,  චරිත් අසලංක, ලහිරු තිරිමාන්න, සචිත් පතිරණ, නිසල තාරක, මාලින්ද පුෂ්පකුමාර, ජනක පෙරේරා, ප්‍රවීන් ජයවික්‍රම, විශ්ව ප්‍රනාන්දු, ලසිත් මාලිංග, තික්ශිල ද සිල්වා, නිපුන් රන්සික, භානුක රාජපක්ෂ, ජනිත් සිල්වා, චාමික කරුණාරත්න, ලහිරු ගමගේ, කවිෂ්ක අංජුල , ප්‍රියන්ත උදයරත්න (කළමනාකරු), පියල් විජේතුංග (පුහුණුකරු).

දඹුල්ල – තිසර පෙරේරා (නායක), දිල්රුවන් පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, රුවිඳු ගුණසේකර, අශාන් ප්‍රියන්ජන්, රමේෂ් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, නිපුන් කරුණානායක, මිනෝද් භානුක, වනිඳු හසරංග, රමිත රඹුක්වැල්ල, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, අමිල අපොන්සු, ශෙහාන් මදුසංක, දිලේෂ් ගුණරත්න, විකුම් සංජය, කේ. කේ. කෙවින්, නුවනිඳු ප්‍රනාන්දු, ඉරෝෂ් සමරසූරිය, බිනුර ප්‍රනාන්දු, විනොතන් ජෝන් (කළමනාකරු), සුමිත්‍ර වර්ණකුලසුරිය (පුහුණුකරු).

තරග කාලසටහන
  • අගෝස්තු 21 – කොළඹ හා ගාල්ල  – දහවල් 2.00 – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 21 – මහනුවර හා දඹුල්ල – රාත්‍රි 7.00 – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 22 – කොළඹ හා මහනුවර – දහවල් 2.00  – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 22  – ගාල්ල හා දඹුල්ල – රාත්‍රි 7.00  – ආර්. ප්‍රේමදාස පිටිය
  • අගෝස්තු 25 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – දඹුල්ල
  • අගෝස්තු 25 – කොළඹ හා දඹුල්ල – රාත්‍රි 7.00  – දඹුල්ල
  • අගෝස්තු 26 – කොළඹ හා ගාල්ල  – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 26 – මහනුවර හා දඹුල්ල – රාත්‍රි 7.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 29 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 29 – කොළඹ හා මහනුවර – දහවල් 7.00  – පල්ලෙකැලේ
  • අගෝස්තු 30 – ගාල්ල හා මහනුවර – දහවල් 2.00 – පල්ලෙකැලේ
  • අගෝස්තු 30 – කොළඹ හා දඹුල්ල – රාත්‍රි 7.00  – පල්ලෙකැලේ
  • සැප්තැම්බර් 2 – අවසන් මහා  තරගය – රාත්‍රි 7.00 – ආර්. ප්‍රේමදාස පිටිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<