Kohli සහ Shami එක්ව ඉන්දියාව කිවියන්ට කළ දේ

ICC World Cup 2023

886
India

13 වැනි ලෝක කුසලාන තරග ඉතිහාසයට වාර්තා රැසක් එක් වූ තවත් තරගයක් ලෙසින් පසුගියදා නිමා වූ ඉන්දියාව සහ නවසීලන්තයට අතර පැවැති පළමු වැනි අවසන් පූර්ව තරගය හැඳින්විය හැකියි.  

  • ඉන්දියාව සහ නවසීලන්තය

1 වැනි අවසන් පූර්ව තරගය (දිවා/රාත්‍රී) Wankhede, නොවැම්බර් 15, 2023, ICC Cricket World Cup 

  • කාසියේ වාසිය – ඉන්දියාව 
  • තරගයේ වීරයා – Mohammed Shami (ඉන්දියාව) 

ඉන්දියාව – කඩුලු 4ක් දැවී 397 (50) Rohit Sharma 47, Shubman Gill නොදැවී 80, Virat Kohli 117, Shreyas Iyer 105, KL Rahul නොදැවී 39, Tim Southee 3/100 

නවසීලන්තය – සියලුම දෙනා දැවී 327 (48.5) Kane Williamson 69, Daryl Mitchell 134, Glenn Phillips 41, Mohammed Shami 7/57 

ඉන්දියාවට ලකුණු 70ක ජයග්‍රහණයක්. 

7/57 (9.5): මෙම තරගයේ දී 33 හැවිරිදි වියේ පසුවෙන ඉන්දියාවේ දකුණතින් වේග පන්දු යවන Mohammed Shami ලකුණු 57කට කඩුලු 7ක් දවා ගන්නවා. එය ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවයි.  

ඊට පෙර එම වාර්තාව සතු කරගෙන සිටියේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Stuart Binny. ඔහු 2014 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 4කට කඩුලු 6ක් දවා ගනිමින් එම ස්ථානයේ රැදී සිටියා.  

  • Mohammed Shami ගේ මෙම දක්ෂතාව ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග 100ක හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා. ඊට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 18කට දවාගත් කඩුලු 5ක දක්ෂතාවයි.  
  • Mohammed Shami මෙම තරගයේ දී කඩුලු 5ක් දවා ගැනීමෙන් පසුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථාවන් 4ක් වාර්තා කරමින්, එවන් දක්ෂතාවන් වැඩිම ප්‍රමාණයක් වාර්තා කළ පන්දු යවන්නා බවට ද පත් වුනා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ ඕස්ට්‍රේලියාවේ Mitchell Starc හට. ඔහු අවස්ථා 3ක දී කඩුලු 5ක් බැගින් දවා ගෙන තිබෙනවා. 
  • Mohammed Shami පෑ මෙම දක්ෂතාවත් සමඟින් මෙවර ලෝක කුසලානයේ දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් ඔහු විසින් වාර්තා කරනවා. ඒ අනුව ඔහු එක් ලෝක කුසලානයක දී එවන් දක්ෂතාවක් කළ පළමු වැන්නා බවට පත් වෙනවා. 

ඊට පෙර එක් ලෝක කුසලානයක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථාවන් 2 බැගින් හිමි කර ගනිමින් එහි 6 දෙනෙක් රැදී සිටියා. ඒ ඕස්ට්‍රේලියාවේ Gary Gilmour (1975), ශ්‍රී ලංකාවේ අසන්තා ද මෙල් (1983),  බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Vasbert Drakes (2003), පාකිස්තානයේ Shahid Afridi (2011), බංග්ලාදේශයේ Mustafizur Rahman 2019) සහ ඕස්ට්‍රේලියාවේ Mitchell Starc (2019). 

  • Mohammed Shami මෙම තරගයේ දී පෑ දක්ෂතාවත් සමඟින් ඔහු ලෝක කුසලාන තරග 17ක දී කඩුලු 54ක් වාර්තා කළා. ඒ අනුව ඔහු එක්දින ලෝක කුසලාන තරගවල වේගවත් ම කඩුලු 50ක් ලබා ගත් ක්‍රීඩකයා බවට ද පත් වුනා. 

එතෙක් එම වාර්තාව සතුව තිබුණේ තරග 19ක දී එම කඩඉම පසු කළ ඕස්ට්‍රේලියාවේ Mitchell Starc වෙතයි.  

  • Mohammed Shami ගේ මෙම දක්ෂතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිළිමළුන් පිටු දැක පැවැත්වෙන වටයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා අතර 2 වැනි තැනට පත් වුනා. එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ පාකිස්තානයේ Aaqib Javed. ඔහු මෙම වාර්තාවේ රැදී සිටින්නේ ඉන්දියාවට එරෙහිව 1991 වසරේ දී ලකුණු 37කට කඩුලු 7ක් දවා ගනිමිනුයි. 
  • Mohammed Shami ගේ මෙම දක්ෂතාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා අතර 5 වැනි තැනට පත් දක්ෂතාවයයි. එම ලැයිස්තුවේ ඊට පෙර  ඕස්ට්‍රේලියාවේ Glenn McGrath (7/15), එංගලන්තයේ Andy Bichel (7/20), එංගලන්තයේ Tim Southee (7/33) සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ Winston Davis (7/51) රැදී සිටිනවා. 

50 x 100s: Virat Kohli විසින් මෙම තරගයේ දී රැස් කරන ලද්දේ ඔහුගේ 50 වැනි ශතකයයි. ඒ අනුව ඔහු ජාත්‍යන්තර එක්දින තරග පිටියේ වැඩිම ශතකලාභියා ලෙසින් ඉතිහාස ගත වුනා.  

  • එක්දින ලෝක ඉතිහාසයේ ශතකලාභී ලැයිස්තුව
Player  Team  Mat  Inns  NO  Runs  HS  Ave  100  50 
Virat Kohli  ඉන්දියාව  291  279  44  13794  183  58.69  50  71 
Sachin Tendulkar  ඉන්දියාව  463  452  41  18426  200*  44.83  49  96 
Rohit Sharma  ඉන්දියාව  261  253  36  10662  264  49.13  31  55 
Ricky Ponting  ඕස්ට්‍රේලියාව  375  365  39  13704  164  42.03  30  82 
සනත් ජයසූරිය  ශ්‍රී ලංකාව  445  433  18  13430  189  32.36  28  68 

711: Virat Kohli මෙම තරගයේ දී ලබා ගන්නා ලද ලකුණු 117ත් සමඟින් මෙවර ලෝක කුසලානයේ දී තරග 10කට සහභාගී වෙමින් ලකුණු 711ක් ලබා ගන්නවා. එය එක් ලෝක කුසලානයක දී ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර ප්‍රමුඛ ස්ථානයට පත් වෙනවා.  

Player  Year  Mat  Inns  NO  Runs  HS  Ave  100  50 
Virat Kohli (ඉන්දියාව)  2023  10  10  3  711  117  101.57  3  5 
Sachin Tendulkar 

(ඉන්දියාව) 

2003  11  11  0  673  152  61.18  1  6 
Matthew Hayden 

(ඕස්ට්‍රේලියාව) 

2007   11  10  1  659  158  73.22  3  1 
Rohit Sharma 

(ඉන්දියාව) 

2019  9  9  1  648  140  81.00  5  1 
David Warner 

(ඕස්ට්‍රේලියාව) 

2019  10  10  1  647  166  71.88  3  3 

 

8 x 50+: Virat Kohli ගේ මෙම ඉනිමත් සමඟන් මෙවර තරගාවලියේ දී ලකුණු 50කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 8ක් වාර්තා කරනවා. එය ලෝක කුසලාන, එක් තරගාවලියක දී ලකුණු 50කට වැඩි ඉනිම් වාර්තා කළ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් දක්ෂතාවයි.  

ඊට පෙර මෙම ලැයිස්තුව හා එක් ව සිටියේ 2003 වසරේ දී ඉන්දියාවේ Sachin Tendulkar සහ 2019 වසරේ දී බංග්ලාදේශයේ Shakib Al Hasan. ඔවුන් දෙදෙනා ඊට එක් ව සිටියේ අර්ධ ශතකය ඉක්ම වූ ඉනිම් 7ක් බැගින් වාර්තා කරමිනුයි.  

51 x 6s: මෙම තරගයේ දී ඉන්දියාවේ Rohit Sharma විසින් හයේ පහර 4ක් එල්ල කරන ලද අතර ඒ අනුව ඔහු එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ හයේ පහර 51ක් වාර්තා කරනවා.  

එය ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් අතර පළමු ස්ථානයට පත් දක්ෂතාවයි. මීට පෙර එහි රැදී සිටියේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle. ඔහු හයේ පහර 49ක් එල්ල කරමින් එහි පෙරමුණ ගෙන සිටියා.  

67: මෙම තරගයේ දී Shreyas Iyer විසින් ලබා ගත් ශතකය සඳහා වැය කරන්නේ පන්දු 67ක් පමණක් වන අතර එය පිළිමළුන් පිටු දැකීමේ වටයක දී පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වේගවත් ම ශතකයයි.  

ඊට පෙර එහි වාර්තාව සතුව තිබුණේ Adam Gilchrist වෙතයි. ඔහු 2007 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 72කින් ශතකය වාර්තා කරමින් එම වාර්තාවේ රැදී සිටියා.  

134: නවසීලන්තයේ Daryl Mitchell විසින් මෙම තරගයේ දී පන්දු 119කට මුහුණ දෙමින් හතරෙ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 134ක් ලබා ගන්නවා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිමයි.   

ඊට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ දෙරට අතර මීට පෙර පැවැති පළමු වටයේ තරගයේ දී ඔහු විසින් ලබා ගන්නා ලද ලකුණු 130යි.  

397/4 (50): ඉන්දියාව විසින් මෙම තරගයේ දී වාර්තා කරන ලද ලකුණු 397, ලෝක කුසලාන තරගාවලියක දී පිළිමළුන් පිටු දකින වටයක දී කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ නවසීලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2015 වසරේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 393ටයි.  

  • ඉන්දියාව විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය නවසීලන්ත තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් 2 වැනියට වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. නවසීලන්තයට එරෙහිව වාර්තා වී ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ 2015 වසරේ දී එංගලන්තය විසින් කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 408යි. 

19 x 6s: ඉන්දියාව මෙම තරගයේ දී හයේ පහර 19ක් වාර්තා කරන ලද අතර එය ඉන්දියාව විසින් එක්දින ජාත්‍යන්තර තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ සම වාර්තාවට හිමිකම් කීවා.  

ඔවුන් ඊට පෙර 2013 වසරේ දී ඕස්ට්‍රේලියාවට ද සහ මේ වසරේ දී නවසීලන්තය සමඟ පැවැති පළමු වටයේ තරගයේ දී එවැනි ම වූ දක්ෂතාවක් දැක් වූවා.   

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<