Home Sinhala Hanuma Vihari සහ Rishabh Pantගෙන් පළමු දිනයේ දී අර්ධ ශතක

Hanuma Vihari සහ Rishabh Pantගෙන් පළමු දිනයේ දී අර්ධ ශතක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

388
Sri Lanka Tour of India 2022 - 1st Test Day 01

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර අද (04) මොහාලි හී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 357ක් රැස්කරගෙන සිටියා.

මෙම ටෙස්ට් තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ 300 වැනි ටෙස්ට් තරගය මෙන්ම ඉන්දීය හිටපු නායක Virat Kolhiගේ 100 වැනි ටෙස්ට් තරගය වන නිසාවෙන් දෙපිලටම ඉතා වැදගත් තරගයක්.

එංගලන්තයේ දී සිදු වූ ජෛව ආරක්ෂිත බුබුලේ නීති කැඩීමේ සිදුවීම නිසා තරග තහනමක් ලද කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සිය තහනම අවසන් වීමෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වන අතර වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.

  • ඉන්දීය කණ්ඩායම: Rohit Sharma(c), Mayank Agarwal, Hanuma Vihari, Virat Kohli, Shreyas Iyer, Rishabh Pant(w), Ravindra Jadeja, Ravichandran Ashwin, Jayant Yadav, Mohammed Shami, Jasprit Bumrah
  • ශ්‍රී ලංකා කණ්ඩායම: Dimuth Karunaratne(c), Lahiru Thirimanne, Pathum Nissanka, Charith Asalanka, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella(w), Suranga Lakmal, Vishwa Fernando, Lasith Embuldeniya, Lahiru Kumara

තමන්ගේ තීරණයට සාධාරණයක් ඉටු කළ ඉන්දීය නායක Rohit Sharma ආරම්භ පිතිකරු Mayank Agarwal සමඟ එක්ව තරමක වේගවත් ආරම්භයක් ගනිමින් පළමු කඩුල්ල සඳහා අර්ධ ශතක සම්බන්ධතාවක් පිහිටුවේ පළමු පන්දුවාර 10 තුළයි.

නමුත් ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් ළහිරු කුමාර ඉන්දීය නායකයාව පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 53ක් වන විටයි.

ඉන්දීය ලකුණු පුවරුව 80ක් වන විට ලකුණු 33ක් ලබා සිටි ආරම්භක පිතිකරු Mayank Agarwal දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වූ අතර 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන Virat Kohli පිටියට පිවිසියේ ඉන් පසුවයි.

පළමු දින දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 109ක් රැස් කරගෙන සිටියා. නොදැවී ක්‍රීඩා කරමින් සිටි Hanuma Vihari ලකුණු 30ක් සහ Virat Kohli ලකුණු 15ක් ලබා සිටියා.

දිවා ආහාරයෙන් පසු පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් දැඩි පීඩනයක් එල්ල කළ අතර Hanuma Vihari සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වුනා.

ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli තමන්ගේ සියවැනි ටෙස්ට් තරගයේ දී තවත් සුවිශේෂී කඩඉමක් පසුකිරීමට සමත් වුනේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර යමිනුයි. එලෙස ටෙස්ට් ලකුණු 8000 පසු කළ ලොව 32 වැනි ක්‍රීඩකයා සහ හයවැනි ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකි වීම විශේෂත්වයක්.

ඉන් ටික වේලාවකට පසුව ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙණිය පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමින් Virat Kohli ලකුණු 46කට පිටියෙන් ඉවත් කළේ තෙවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 90ක සබඳතාවයට ද තිත තබමිනුයි.

ඉන්දීය ඉනිමේ මෙතෙක් සාර්ථකම පිතිකරුවා බවට පත්වෙමින් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Hanuma Vihari ද ලකුණු 58කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දුට හැකි වුනේ ඉන්දීය ලකුණු පුවරුව 175ක් වන විටයි.

දෙපිලටම සමබර වූ දෙවැනි සැසියෙන් පසුව තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි හිසරදයක් වූ Shreyas Iyer ලකුණු 27කට දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු දිනයේ අවසාන සැසියේ හොඳ ආරම්භයක් ගෙන දීමට ධනංජය සිල්වාට හැකි වුනා.

ඉන්පසු පිටියේ එක්වූ Rishabh Pant සහ Ravindra Jadeja හයවැනි කඩුල්ල සඳහා ලකුණු 104ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 97ක් තුළ ලකුණු 96ක් ලබා සිටි Rishabh Pant දවා ගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හැකි වුනා.

අද දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 357ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු , සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.


Result


Sri Lanka
174/10 (65) & 178/10 (60)

India
574/8 (129.2)

Batsmen R B 4s 6s SR
Mayank Agarwal lbw b Lasith Embuldeniya 33 49 5 0 67.35
Rohit Sharma c Suranga Lakmal b Lahiru Kumara 29 28 6 0 103.57
Hanuma Vihari b Vishwa Fernando 58 128 5 0 45.31
Virat Kohli b Lasith Embuldeniya 45 76 5 0 59.21
Rishabh Pant b Suranga Lakmal 96 97 9 4 98.97
Shreyas Iyer lbw b Dhananjaya de Silva 27 48 3 0 56.25
Ravindra Jadeja not out 175 228 17 3 76.75
Ravichandran Ashwin c Niroshan Dickwella b Suranga Lakmal 61 82 8 0 74.39
Jayant Yadav c Lahiru Thirimanne b Vishwa Fernando 2 18 0 0 11.11
Mohammed Shami not out 20 34 3 0 58.82


Extras 28 (b 4 , lb 12 , nb 12, w 0, pen 0)
Total 574/8 (129.2 Overs, RR: 4.44)
Fall of Wickets 1-52 (9.5) Rohit Sharma, 2-80 (18.3) Mayank Agarwal, 3-170 (43.3) Virat Kohli, 4-175 (46.3) Hanuma Vihari, 5-228 (61.1) Shreyas Iyer, 6-332 (80.5) Rishabh Pant, 7-462 (109.4) Ravichandran Ashwin, 8-471 (113.6) Jayant Yadav,

Bowling O M R W Econ
Suranga Lakmal 25 1 90 2 3.60
Vishwa Fernando 26 1 135 2 5.19
Lahiru Kumara 10.5 1 52 1 4.95
Lasith Embuldeniya 46 3 188 2 4.09
Dhananjaya de Silva 18.2 1 79 1 4.34
Charith Asalanka 3.1 0 14 0 4.52
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne lbw b Ravindra Jadeja 28 71 5 0 39.44
Lahiru Thirimanne lbw b Ravichandran Ashwin 17 60 1 0 28.33
Pathum Nissanka not out 61 133 11 0 45.86
Angelo Mathews lbw b Jasprit Bumrah 22 39 1 1 56.41
Dhananjaya de Silva lbw b Ravichandran Ashwin 1 8 0 0 12.50
Charith Asalanka lbw b Jasprit Bumrah 29 64 5 0 45.31
Niroshan Dickwella c Shreyas Iyer b Ravindra Jadeja 2 10 0 0 20.00
Suranga Lakmal c Ravichandran Ashwin b Ravindra Jadeja 0 2 0 0 0.00
Lasith Embuldeniya c Mayank Agarwal b Mohammed Shami 0 5 0 0 0.00
Vishwa Fernando c Rohit Sharma b Ravindra Jadeja 0 5 0 0 0.00
Lahiru Kumara b Ravindra Jadeja 0 1 0 0 0.00


Extras 14 (b 0 , lb 6 , nb 8, w 0, pen 0)
Total 174/10 (65 Overs, RR: 2.68)
Fall of Wickets 1-48 (18.2) Lahiru Thirimanne, 2-59 (24.2) Dimuth Karunaratne, 3-96 (33.6) Angelo Mathews, 4-103 (38.1) Dhananjaya de Silva, 5-161 (57.6) Charith Asalanka, 6-164 (60.4) Niroshan Dickwella, 7-164 (60.6) Suranga Lakmal, 8-173 (63.3) Lasith Embuldeniya, 9-174 (64.5) Vishwa Fernando, 10-174 (64.6) Lahiru Kumara,

Bowling O M R W Econ
Mohammed Shami 12 5 27 1 2.25
Jasprit Bumrah 14 3 36 2 2.57
Ravichandran Ashwin 20 7 49 2 2.45
Jayant Yadav 6 2 15 0 2.50
Ravindra Jadedja 13 4 41 5 3.15


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Rohit Sharma b Ravichandran Ashwin 0 9 0 0 0.00
Dimuth Karunaratne c Rishab Pant b Mohammed Shami 27 42 6 0 64.29
Pathum Nissanka c Rishab Pant b Ravichandran Ashwin 6 19 1 0 31.58
Angelo Mathews lbw b 28 75 2 1 37.33
Dhananjaya de Silva c Shreyas Iyer b Ravindra Jadeja 30 58 5 0 51.72
Charith Asalanka c Virat Kohli b Ravichandran Ashwin 20 9 2 2 222.22
Niroshan Dickwella not out 51 81 0 0 62.96
Suranga Lakmal c Jayant Yadav b Ravindra Jadedja 0 3 0 0 0.00
Lasith Embuldeniya c Rishab Pant b Ravindra Jadeja 2 42 0 0 4.76
Vishwa Fernando lbw b Mohammed Shami 0 5 0 0 0.00
Lahiru Kumara c Mohammed Shami b Ravichandran Ashwin 4 14 0 0 28.57


Extras 10 (b 4 , lb 5 , nb 1, w 0, pen 0)
Total 178/10 (60 Overs, RR: 2.97)
Fall of Wickets 1-9 (2.3) Lahiru Thirimanne, 2-19 (6.5) Pathum Nissanka, 3-45 (15.5) Dimuth Karunaratne, 4-94 (32.5) Dhananjaya de Silva, 5-121 (35.3) Charith Asalanka, 6-121 (36.2) Angelo Mathews, 7-121 (36.5) Suranga Lakmal, 8-153 (50.6) Lasith Embuldeniya, 9-170 (53.6) Vishwa Fernando, 10-178 (59.6) Lahiru Kumara,

Bowling O M R W Econ
Ravichandran Ashwin 21 5 47 4 2.24
Mohammed Shami 8 1 48 2 6.00
Ravindra Jadedja 16 5 46 4 2.88
Jayant Yadav 11 3 21 0 1.91
Jasprit Bumrah 4 1 7 0 1.75



තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<