Home Sinhala ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

233

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලී හිදී පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඊයේ (05) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම ලබා ගත් ලකුණු 574ට පිළිතුරු ලෙස කඩුලු 4ක් දැවී ලකුණු 108ක් ලබා ගනිමින් ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 466ක් පිටුපසින් පසුවුනා.

පස්වැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සමඟ එක්ව ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 22ක් ලබා සිටි චරිත් අසලංක දැවී ගියේ Jasprit Bumrahගේ පන්දුවක් හමුවේයි.

නිරෝෂන් දික්වැල්ල හට ද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Ravindra Jadeja ඔහුව ලකුණු දෙකකට ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 164/6ක් බවට පත් කරමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි සුරංග ලක්මාල් ද ලකුණු නොලබා දවා ගැනීමට Jadejaට හැකි වුනා.

ලසිත් ඇඹුල්දෙණිය පිටියේ ස්ථාවර වීමට ප්‍රථමයෙන්ම දවා ගැනීමට Mohommad Shamiට හැකි වුනේ ශ්‍රී ලංකා ඉනිම අගාධයකට ඇද දමමිනුයි. විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබාම දවා ගනිමින් සිය සිව්වැනි කඩුල්ල දවා ගැනීමට Ravindra Jadejaට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 174/9ක් බවට පත් කරමිනි.

සිය පස්වැනි කඩුල්ල ලෙස ළහිරු කුමාර දවා ගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 174කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි වුනා. සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61ක් රැස්කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පිටුපසින් පළමු ඉනිම නිමා කළා.

ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 400ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10 දී දවා ගැනීමට Ravichandran Ashwinට හැකි වුනා.

ළහිරු තිරිමාන්න එම කඩුල්ල ලෙස ලකුණු  නොලබා පිටියෙන් ඉවත් වෙද්දී තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 6කට පිටියෙන් ඉවත් කිරීමට Ravichandran Ashwinට හැකි වුනා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 27ක් ලබා සිටිය දී දවා ගැනීමට Mohommad Shamiට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 45/3ක් බවට පත් කරමිනුයි.

හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 30ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ Jadejaගේ පන්දුවක් හමුවේයි. තෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියා.

තේ පානයෙන් පසු ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීම ආරම්භ කළ ඉන්දීය පන්දු යවන්නන් පන්දුවාර දෙකක් තුළ කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28කටත්, චරිත් අසලංක ලකුණු 20කටත් සහ සුරංග ලක්මාල් ලකුණු නොලබා දවා ගැනීමටත් Jadeja සහ Ashwinට හැකි වුනා.

ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 02ක් ලබා සිටිය දී Jadejaගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවී ගියේ Mohommad Shamiගේ පන්දුවක් හමුවේයි.

Mohommad Shamiගේ පන්දුවක් හමුවේ ළහිරු කුමාර ලකුණු 4කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 178කට සීමා වුනා. ඒ සමඟින් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජය ගනිමින් තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකි වුනා.

තරගය පුරාවට තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ Ravindra Jadeja තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.


Result


Sri Lanka
174/10 (65) & 178/10 (60)

India
574/8 (129.2)

Batsmen R B 4s 6s SR
Mayank Agarwal lbw b Lasith Embuldeniya 33 49 5 0 67.35
Rohit Sharma c Suranga Lakmal b Lahiru Kumara 29 28 6 0 103.57
Hanuma Vihari b Vishwa Fernando 58 128 5 0 45.31
Virat Kohli b Lasith Embuldeniya 45 76 5 0 59.21
Rishabh Pant b Suranga Lakmal 96 97 9 4 98.97
Shreyas Iyer lbw b Dhananjaya de Silva 27 48 3 0 56.25
Ravindra Jadeja not out 175 228 17 3 76.75
Ravichandran Ashwin c Niroshan Dickwella b Suranga Lakmal 61 82 8 0 74.39
Jayant Yadav c Lahiru Thirimanne b Vishwa Fernando 2 18 0 0 11.11
Mohammed Shami not out 20 34 3 0 58.82


Extras 28 (b 4 , lb 12 , nb 12, w 0, pen 0)
Total 574/8 (129.2 Overs, RR: 4.44)
Fall of Wickets 1-52 (9.5) Rohit Sharma, 2-80 (18.3) Mayank Agarwal, 3-170 (43.3) Virat Kohli, 4-175 (46.3) Hanuma Vihari, 5-228 (61.1) Shreyas Iyer, 6-332 (80.5) Rishabh Pant, 7-462 (109.4) Ravichandran Ashwin, 8-471 (113.6) Jayant Yadav,

Bowling O M R W Econ
Suranga Lakmal 25 1 90 2 3.60
Vishwa Fernando 26 1 135 2 5.19
Lahiru Kumara 10.5 1 52 1 4.95
Lasith Embuldeniya 46 3 188 2 4.09
Dhananjaya de Silva 18.2 1 79 1 4.34
Charith Asalanka 3.1 0 14 0 4.52
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne lbw b Ravindra Jadeja 28 71 5 0 39.44
Lahiru Thirimanne lbw b Ravichandran Ashwin 17 60 1 0 28.33
Pathum Nissanka not out 61 133 11 0 45.86
Angelo Mathews lbw b Jasprit Bumrah 22 39 1 1 56.41
Dhananjaya de Silva lbw b Ravichandran Ashwin 1 8 0 0 12.50
Charith Asalanka lbw b Jasprit Bumrah 29 64 5 0 45.31
Niroshan Dickwella c Shreyas Iyer b Ravindra Jadeja 2 10 0 0 20.00
Suranga Lakmal c Ravichandran Ashwin b Ravindra Jadeja 0 2 0 0 0.00
Lasith Embuldeniya c Mayank Agarwal b Mohammed Shami 0 5 0 0 0.00
Vishwa Fernando c Rohit Sharma b Ravindra Jadeja 0 5 0 0 0.00
Lahiru Kumara b Ravindra Jadeja 0 1 0 0 0.00


Extras 14 (b 0 , lb 6 , nb 8, w 0, pen 0)
Total 174/10 (65 Overs, RR: 2.68)
Fall of Wickets 1-48 (18.2) Lahiru Thirimanne, 2-59 (24.2) Dimuth Karunaratne, 3-96 (33.6) Angelo Mathews, 4-103 (38.1) Dhananjaya de Silva, 5-161 (57.6) Charith Asalanka, 6-164 (60.4) Niroshan Dickwella, 7-164 (60.6) Suranga Lakmal, 8-173 (63.3) Lasith Embuldeniya, 9-174 (64.5) Vishwa Fernando, 10-174 (64.6) Lahiru Kumara,

Bowling O M R W Econ
Mohammed Shami 12 5 27 1 2.25
Jasprit Bumrah 14 3 36 2 2.57
Ravichandran Ashwin 20 7 49 2 2.45
Jayant Yadav 6 2 15 0 2.50
Ravindra Jadedja 13 4 41 5 3.15


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne c Rohit Sharma b Ravichandran Ashwin 0 9 0 0 0.00
Dimuth Karunaratne c Rishab Pant b Mohammed Shami 27 42 6 0 64.29
Pathum Nissanka c Rishab Pant b Ravichandran Ashwin 6 19 1 0 31.58
Angelo Mathews lbw b 28 75 2 1 37.33
Dhananjaya de Silva c Shreyas Iyer b Ravindra Jadeja 30 58 5 0 51.72
Charith Asalanka c Virat Kohli b Ravichandran Ashwin 20 9 2 2 222.22
Niroshan Dickwella not out 51 81 0 0 62.96
Suranga Lakmal c Jayant Yadav b Ravindra Jadedja 0 3 0 0 0.00
Lasith Embuldeniya c Rishab Pant b Ravindra Jadeja 2 42 0 0 4.76
Vishwa Fernando lbw b Mohammed Shami 0 5 0 0 0.00
Lahiru Kumara c Mohammed Shami b Ravichandran Ashwin 4 14 0 0 28.57


Extras 10 (b 4 , lb 5 , nb 1, w 0, pen 0)
Total 178/10 (60 Overs, RR: 2.97)
Fall of Wickets 1-9 (2.3) Lahiru Thirimanne, 2-19 (6.5) Pathum Nissanka, 3-45 (15.5) Dimuth Karunaratne, 4-94 (32.5) Dhananjaya de Silva, 5-121 (35.3) Charith Asalanka, 6-121 (36.2) Angelo Mathews, 7-121 (36.5) Suranga Lakmal, 8-153 (50.6) Lasith Embuldeniya, 9-170 (53.6) Vishwa Fernando, 10-178 (59.6) Lahiru Kumara,

Bowling O M R W Econ
Ravichandran Ashwin 21 5 47 4 2.24
Mohammed Shami 8 1 48 2 6.00
Ravindra Jadedja 16 5 46 4 2.88
Jayant Yadav 11 3 21 0 1.91
Jasprit Bumrah 4 1 7 0 1.75



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 12 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ  සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<