වසර 14කට පසු  කොළඹ සහිරා විද්‍යාලයට නැවතත් ප්‍රධාන පෙළේ පාසල් රග්බි ලීගයට ඇතුළත් වීමේ අවස්ථාවක් හිමිව තිබේ. තම කණ්ඩායමට ලීග් ශූරතා කීර්ති නාමය ගෙන ඒමේ අරමුණින් ඔවුන් තරගාවලියට අවතීර්ණ වීමක් දක්නට ලැබේ.

හිනිපෙත්තට අවසන් පියවර සොයන තෝමසුව

අනතුරුව ගෙවී ගිය තවත් අඳුරු වසර කිහිපයකින් පසු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නැවතත් පාසල් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩය වෙත ගෙන එන්නට..

තරග ඉතිහාසය

වසර 90ක ශ්‍රේෂ්ඨ තරග ඉතිහාසයකට උරුමකම් කියන සහිරා විදුහල, දිවයිනේ පාසල් රග්බි ක්‍රීඩාව ඇරඹීමට උර දුන් ප්‍රධාන පාසල් සතරෙන් එකකි. 60′ දශකය, මරදානේ පිහිටි මෙම පාසලේ ස්වර්ණමය යුගය වන අතර එම සමයේ දී සහිරා විදුහලට තම උපරිම දක්ෂතා අතරට පැමිණීමට හැකි විය. 1962 වර්ෂයේ ක්‍රීඩා කළ විදුහල් කණ්ඩායමට එවකට ප්‍රබලතම බල කණු වූ රාජකීයයන් හා පීතරයින් පරාජය කරමින් ලීග් ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

අවසන් වරට සහිරා විදුහල පෑ උපරිම දක්ෂතාවය වන්නේ 1998 වසරේ දී දිනා ගත් ජනාධිපති කුසලාන ශූරතාවයයි. නමුදු 21වන සියවසේ ආරම්භයත් සමඟ විදුහල් කණ්ඩායමේ පසුබෑමක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ට 2003 වසරේ දී B’ කාණ්ඩයෙන් තරග වැදීමට සිදු විය.

අවසන් වූ තරග සමය

අවසන් වූ තරග කාලය සහිරා කණ්ඩායමට පසුබැස්මෙන් මුදවා ගැනීමේ වසරක් වූ අතර ඔවුන්ට ඒ හේතුවෙන් ප්‍රධාන කාණ්ඩයට පැමිණීමට හැකි විය. 2016 වසරේ රම්සා අමිත් විසින් මෙහෙයවනු ලැබූ කණ්ඩායම පළඟ කාණ්ඩයෙන් පළමු සිව්දෙනා අතරට පැමිණීම හේතුවෙන් ප්‍රධාන කාණ්ඩයෙන් තරග වැදීමට ඔවුන්ට අවස්ථාවක් හිමි විය.

කැපී පෙනෙන ක්‍රීඩකයන්

Mohamed Azhar Irfan

අස්හර්  ඉර්ෆාන්: 5වන වසරේ ක්‍රීඩකයෙක් වන අතර කණ්ඩායම මෙහෙය වීම මෙවර පැවරී ඇත්තේ මොහුටයි. පාසල් කණ්ඩායමේ වසර 4ක අත්දැකීම් බහුල සෙකන්ඩ් රෝ (Second Row) හි ක්‍රීඩා කරන මොහු, තම කණ්ඩායම ප්‍රධාන කාණ්ඩයට ගෙන ඒමේ දී ප්‍රමුඛත්වය ගෙන ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

මෙම වසරේ තරග කාලයේ දී නායකත්වයේ වගකීම සමඟ තම කණ්ඩායම උපරිම තලයකට ගෙන ඒම මොහුගේ ඒකායන ප්‍රාර්ථනයයි.

Mohamed Yuzraan Lantra

යුස්රාන් ලන්ත්‍රා: සිව්වැනි වසරේ මෙම වේගවත් වින් ත්‍රී ක්‍රීඩකයා අංක #11 යටතේ වසර ගණනක් තම පාසල් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර ඉදිරි තරග කාලයේ දී තම උපරිම දක්ෂතා දැක්වීම ඔහුගේ අරමුණයි. පසුගිය වසරේ ශ්‍රී ලංකා සුපිරි සත් දෙනාගේ තරගාවලියේ දී සහිරා කණ්ඩායමට දෙවන අදියරේ තෙවැනි ස්ථානයට පත් වීමට හැකි වූයේ මොහු විසින් අතිරේක කාලයේ දී සාන්ත පීතර කණ්ඩායමට එරෙහිව වාර්තා කල උත්සාහක දිනුම හේතුවෙනි.

Hassan Razick

හසන් රසික්: පස්වැනි වසරේ අත්දැකීම් බහුල සෙන්ටර් ක්‍රීඩකයෙක් වන මොහු තම පාසල් කණ්ඩායමට විශාල මෙහෙයක් ඉටු කරන ක්‍රීඩකයෙකි. ෆ්ල්යි හාෆ් (Fly Half) ස්ථානයේ ක්‍රීඩා කරන සයිඩ් සිංහවංස හා එක්ව තම කණ්ඩායමට උපරිම මෙහෙයක් ඉටු කිරීම මොහුගේ ඒකායන අරමුණයි.

Tuan Shifaz Amath

තුආන් ශිෆාස් අමත්: සහිරා විද්‍යාලීය ස්ක්‍රම්හාෆ් ස්ථානය පසුගිය වසරේ සිට හොඹ වන ඔහු සහ සයිඩ් ගේ සංකලනයෙන් ප්‍රතිවාදීන්ට හොඳ ප්‍රහාරයක් දියත් කල හැකි බව නොඅනුමානයි. ඔහු විසින් යුස්වාන්, හසන් සහ සයිඩ්  මනාව හසුරුවා ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රභල අභියෝගයක් එල්ල කරනු ඇති.
පුහුණුකාරීත්වය

ලීග් ශූරතාවය දිනා ගත් ඉසිපතන විදුහල් පුහුණුකරු ශම්ලි නවාස්, සහිරා කණ්ඩායම ප්‍රධාන කාණ්ඩයට ගෙන ඒමට මහඟු මෙහෙයක් ඉටු කල අතර තව දුරටත් තම සේවය උපරිමයෙන් දායක කිරීමට ඔහු ඇප කැප වී සිටියි. කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ ව ඔහුට මහත් විශ්වාසයක් ඇත.

ThePapare.com සමඟ අදහස් දැක්වූ පුහුණුකරු ශම්ලි නවාස්

“අපි මෙම අභියෝගයට මුහුණ දෙන්නේ තරගයෙන් තරගය. මේ දක්වා කණ්ඩායම බොහෝ දක්ෂතා දක්වා තිබෙනවා. මම හිතනවා අපට ලීග් ශූරතාවය සඳහා යන්න පුළුවන්.”

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න – විශේෂාංග පිටුවට  

[a-team-showcase-vc ats_team_id=”2160676″]