Shakib නැවත වතාවක් විනය නීති කඩයි

8129
UNB

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අනුශූරතාවය දිනූ Fortune Barishal කණ්ඩායමේ නායක Shakib Al Hasan BPL අවසන් මහා තරගයට පෙර ජෛව ආරක්‍ෂිත පරිසරයේ නීති කැඩීම ගැන දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

වෙළඳ දැන්වීමක් රූගත කිරීම සඳහා ඔහු එලෙස බුබුළෙන් ඉවතට ගොස් තිබෙන අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය Fortune Barishal කණ්ඩායමෙන් නිදහසට කරුණු විමසා නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

අවසන් තරගයට පෙර Shere Bangla ක්‍රීඩාංගණයේ පැවති නායකයින්ගේ ඡායාරුප ගැනීමේ අවස්ථාවකට Shakib සහභාගී නොවී තිබුණු අතර එහි දී කණ්ඩායමේ බලධාරීන් පවසා තිබුණේ Shakibට උදරාබාධයක් ඇතිව තිබෙන බවයි.

කෙසේ වෙතත් Shakib රූගත කිරීමක් සඳහා බුබුළෙන් ඉවතට ගොස් තිබුණු බව පසුව හෙළි වුණු අතර අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට පෙර ඔහුට COVID-19 පරීක්ෂණයක් කිරීම අනිවාර්ය කෙරුණා.

BCB සභාපති Nazmul Hassan පවසා සිටියේ ක්‍රීඩකයින් ජෛව ආරක්‍ෂිත බුබුළ බිඳීම කණ්ඩායමේ වරදක් බවයි.

මේ තරගාවලිය ක්‍රියාත්මක වෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ. එම නිසා අපි තද නීති රීති අනුගමනය කරනවා”, Hassan පවසා සිටියා. “නමුත් ජෛව ආරක්ෂක බුබුළේ වගකීම හිමිවෙන්නේ කණ්ඩායමට. Shakib බුබුළෙන් පිටව යෑම ගැන අපි කණ්ඩායමෙන් හේතු විමසලා (show-cause) නිවේදනයක් නිකුත් කළා “

Cricinfo ඇසුරින්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<