ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B තුන් දින ක්‍රිකට් තරගාවලියේ අද (4) පැවැති තරගවල දී Negombo කණ්ඩායම නියෝජනය කරන දකුණතින් මඳ වේග පන්දු යවන 24 හැවිරිදි වියේ පසුවෙන වරුන් ඉමේෂාන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වෙනවා.
United Southern කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දී ඔහුට බිලි වූයේ ඩිල්ශාන් කාංචන, දෙනුවන් රාජකරුණා සහ පෙසඳු සංජන. ඊට අමතර එම පන්දු වාරයේ දී ම ඊට පන්දුවකට පසුව කවිඳු එදිරිවීර ගේ කඩුල්ල ද දවා ගනිමින් එම පන්දුවාරයේ දී කඩුලු 4ක් දවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.
මේ අතර අද අවසන් වූ තරගවල දී හිරුන් සිගේරා සහ යෙසිත් රූපසිංහ ශතක ලබා ගැනීමට සමත් වූ අතර සුදාර දක්ෂිණ සහ ගයාන් සිරිසෝම ද පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වීමට සමත් වුණා.
Leo කණ්ඩායමේ හිරුන් සිගේරා SL Navy කණ්ඩායමට එරෙහි ව පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත් අතර Colombo Malay කණ්ඩායමේ යෙසිත් රූපසිංහ Galle කණ්ඩායමට එරෙහි ව පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා.
මේ අතර Leo කණ්ඩායමේ සලිඳු පතිරණ (60), SL Navy කණ්ඩායමේ රවීන් තරිඳු (56), Galle කණ්ඩායමේ සුපුන් කාවින්ද (57), Kandy Customs කණ්ඩායමේ අශාන් රන්දික (50) සහ Negombo කණ්ඩායමේ උමේෂ් ලක්ශාන් (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Colombo Malay කණ්ඩායමේ සුදාර දක්ෂිණ Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 128කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවිම වාර්තා කළා. ඔහුට අමතර ව Moratuwa කණ්ඩායමේ ගයාන් සිරිසෝම ද ලකුණු 94කට කඩුලු 6ක් දවා ගන්නවා. ඔහු තරගයේ දී ලකුණු 175කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව United Southern කණ්ඩායමේ ධනෝෂ් ද සිල්වා (5/39) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.
මේ අතර අද නිමා වූ තරගවල දී SSC කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිට 5 වැනි ජයග්‍රහණයත් වාර්තා කළ අතර ඊට අමතර ව Moratuwa කණ්ඩායම් සහ Leo කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
- අභිශේක්, රශ්මික සහ අමිත් ශතක වාර්තා කරයි
- ගයාන් සහ අදීශ දක්ෂතා දක්වයි
- 19න් පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- BCCI උපදෙස් මත Mustafizur Rahman IPL තරගාවලියෙන් ඉවතට!
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
SSC සහ Sebastianites C & AC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Sebastianites C & AC
- Sebastianites C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (45.1) නවිඳු නිර්මාල් 37, කසුන් රාජිත 2/21, ප්‍රමෝද් මදුශාන් 4/30, ප්‍රභාත් ජයසූරිය 2/27
- SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (64.4) අවිශ්ක ප්‍රනාන්දු 57, කෙනුල් ද සොයිසා 70, නුවනිඳු ප්‍රනාන්දු 62, ප්‍රභාත් ජයසූරිය 26, බිශාන් හෙට්ටිආරච්චි 2/31, මිරංග වික්‍රමගේ 6/71
- Sebastianites C & AC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (60.0) මාලිංග මලිගස්පෙ 39, රුසිරු විලෝචන 63, සඳුන් ප්‍රනාන්දු 28, උමයංග සුවාරිස් 20, මනෙල්ක ද සිල්වා 55, ප්‍රභාත් ජයසූරිය 4/71, නිපුන් ධනංජය 4/44
- SSC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 89 (14.0) ෂෙවෝන් ඩැනියෙල් 25, කවිඳු නදීශාන් නොදැවී 28, මිරංග වික්‍රමගේ 3/34
SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Leo CC සහ SL Navy SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – SL Navy SC
- SL Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (66.0) ආසිරි ද සිල්වා 65, තෙවිඳු දික්වැල්ල 50, රවීන් තරිඳු 37, පූර්ණ චාරුක 25, ගිහාන් ද සොයිසා නොදැවී 22, මංගල ප්‍රදීප් 8/83, මල්ශාන් ගුණසිංහ 2/91
- Leo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (53.4) අකීල් ඉන්හාම් 46, රොමේෂ් සුරංග 42, සෙනාශ් ප්‍රනාන්දු 21, ගිහාන් ද සොයිසා 2/37, ඩිලංක අවර්ඩ්ට් 2/23, ඉශාන් අබේසේකර 5/64
- SL Navy SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 192 (78.4) වරුණ මයන්ත 21, තෙවිඳු දික්වැල්ල 22, පූර්ණ චාරුක 38, රවීන් තරිඳු 56, ඉශාන් අබේසේකර 31, මංගල ප්‍රදීප් 2/61, විශ්ව රාජපක්ෂ 2/34, මල්ශාන් ගුණසිංහ 3/48, සෙනාශ් ප්‍රනාන්දු 3/33
- Leo CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 277 (63.3) අයෝන් ප්‍රනාන්දු 27, හිරුන් සිගේරා 130, සලිඳු පතිරණ 60, අකීල් ඉන්හාම් නොදැවී 27, ඉෂාන් අබේසේකර 4/100
Leo කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
Colombo Malay CC සහ Galle CC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colombo Malay CC
- Colombo Malay CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (84.0) වෝෂිත අමරසිංහ 22, බුද්ධික හසරංග 89, තිමිර මල්ශාන් නොදැවී 91, රජීව වීරසිංහ 2/68, හංසමාන ද සිල්වා 2/48, සුභානු රාජපක්ෂ 4/71
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 378 (86.4) රමේෂ් නිමන්ත 42, අමිත් එරන්ද 128, සුපුන් කාවින්ද 25, ලිසුල ලක්ෂාන් 49, චතුර පීරිස් 52, හංසමාන ද සිල්වා 29, සුදාර දක්ෂිණ 7/128
- Colombo Malay CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 233 (61.1) යෙසිත් රූපසිංහ 101, වෝෂිත අමරසිංහ 45, තිමිර මල්ශාන් 37, සුභානු කවීශ රාජපක්ෂ 3/82, රජීව වීරසිංහ 3/111, චතුර රන්දුණු 2/20, කෙවින් කොත්තිගොඩ 2/05
- Galle CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 102 (17.0) සුපුන් කාවින්ද 57, ලිසුල ලක්ෂාන් නොදැවී 24, සුදාර දක්ෂිණ 4/43
තරගයේ විසඳුමක් නෑ. (Galle කණ්ඩායම පළමු ඉනිමේ ජයක්,)
Kandy Customs SC සහ Moratuwa SC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (78.3) අශාන් රන්දික 21, ප්‍රමේශ් මදුභාෂණ 30, ලහිරු අත්තනායක 51, ලක්ශාන් ගමගේ 52, ගයාන් සිරිසෝම 5/81, චානක රුවන්සිරි 2/62
- Moratuwa SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 319 (81.3) අභිශේක් ලියනාරච්චි 136, පුබුදු බණ්ඩාර 48, රශ්මික මෙවන් නොදැවී 100, තිරුඥානම් මොනිශාන් 3/65, අවිඳු තීක්ෂණ 4/57
- Kandy Customs SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 261 (57.2) ප්‍රමේෂ් මදුභාෂණ 44, අශාන් රන්දික 50, මලිඳු මදුරංග 30, මිතුන් ජයවික්‍රම 33, යශෝධ මෙන්ඩිස් 38, කවීෂ ඉඳුවර 32, ගයාන් සිරිසෝම 6/94, චානක රුවන්සිරි 4/72
- Moratuwa SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 154 (34.1) අභිශේක් ලියනාරච්චි 41, සහන් කෞශල්‍ය 22, රශ්මික මෙවන් 49, යශෝධ ලංකා 2/19, කවීෂ ඉඳුවර 4/36
Moratuwa කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
United Southern CC සහ Negombo CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – United Southern CC
- United Southern CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (61.3) කවිඳු එදිරිවීර 44, පෙසඳු සංජන 34, ශෙශාන් ප්‍රනාන්දු 2/37, අමිත් සංදීප පෙරේරා 4/21, දනුශ්ක සඳරුවන් 3/43
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (69.2) කවීන් ප්‍රනාන්දු 37, උමේෂ් ලක්ෂාන් 58, දිමුත් සඳරුවන් 29, හංසජ හිරුන 22, හිමල් රවිහංස 3/83, ධනෝෂ් ද සිල්වා 5/39
- United Southern CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 133 (43.0) ඩිල්ශාන් කාංචන 33, සසංක නිර්මාල් පෙරේරා 25, දනුශ්ක සඳරුවන් 2/30, වරුන් ඉමේෂාන් 4/42, ඇන්ජලෝ ජයසිංහ 4/42
- Negombo CC – කිසිවෙක් නොදැවී 10 (1.0)
Negombo කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 59ක් පිටුපසින්.
මෙම තරගය හෙට (5) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















