ලංකාවට එරෙහි වන ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ඉන්දීය තරග සංචාරය 2022

2483

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (19) නම් කෙරුණා. එහි දී විස්සයි විස්ස සහ ටෙස්ට් නායකත්වය Rohit Sharma හට හිමිව තිබෙනවා.

ටෙස්ට් සංචිතයේ උපනායකත්වය Jasprit Bumrah හට හිමිව තිබෙන අතර නම් කළ සංචිතය සඳහා Cheteshwar Pujara සහ Ajinkya Rahane ඇතුළත් වන්නේ නැහැ.

Cheteshwar Pujara සහ Ajinkya Rahane වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයන් දෙදෙනෙක් වන නමුත් පසුගිය මාස කීපය තුළ ඔවුන් දිගින් දිගටම අසාර්ථක වීම කැපී පෙනුණා.

ටෙස්ට් සංචිතය සඳහා දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ද නම් කර තිබෙන නමුත් ඔහුගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතාවය මත තීරණය වන බව ඉන්දීය ක්‍රික‍ට් ආයතනය නිවේදනය කර තිබුණා.

සිය ශාරීරික යෝග්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja සහ පිතිකරු Shubman Gill සංචිතයට එක්ව තිබෙනවා. දඟපන්දු යවන ක්‍රීඩක Saurabh Kumar ද මෙම සංචිතය සඳහා නම් කර තිබෙනවා. කෙසේ වෙතත් ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලු හේතුවෙන් KL Rahul ද මෙම තරගාවලිය සඳහා නම් කර නැහැ.

Jasprit Bumrah ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. පසුගිය දා නිමා වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ දී ද ඔහු උපනායකයා ලෙස කටයුතු කර තිබුණා.

විස්සයි විස්ස තරගාවලිය සඳහා Virat Kohli සහ Rishabh Pant විවේක ගන්වා ඇති අතර Ravindra Jadeja කණ්ඩායමට යලි එක්ව තිබෙනවා. Virat Kohli සහ Rishabh Pant සහ KL Rahul තරගාවලියට සහභාගී නොවීම නිසා Sanju Samson සංචිතය සඳහා එක්කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ වන අතර එය පෙබරවාරි 27 වැනිදා දක්වා Lucknow සහ Dharmsala හි පැවැත්වීමට නියමිතයි. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු 4 වැනිදා සිට 16 වැනිදා දක්වා Mohali සහ Bengaluru හිදී පැවැත්වෙනු ඇත.

ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Mayank Agarwal, Priyank Panchal, Virat Kohli, Shreyas Iyer, Hanuma Vihari, Shubman Gill, Rishabh Pant (කඩුලු රකින ක්‍රීඩක), KS Bharat (කඩුලු රකින ක්‍රීඩක), R Ashwin (ශාරීරික යෝග්‍යතාවය මත), Ravindra Jadeja, Jayant Yadav, Kuldeep Yadav, Jasprit Bumrah (උපනායක), Mohammed Shami, Mohammed Siraj, Umesh Yadav, Saurabh Kumar.

විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Ruturaj Gaikwad, Ishan Kishan, Suryakumar Yadav, Shreyas Iyer, Venkatesh Iyer, Deepak Hooda Jasprit Bumrah (උපනායක), Bhuvneshwar Kumar, Deepak Chahar, Harshal Patel, Mohammed Siraj, Sanju Samson, Ravindra Jadeja, Yuzvendra Chahal, Ravi Bishnoi, Kuldeep Yadav, Avesh Khan.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය

දිනය තරගය ක්‍රීඩාංගණය
පෙබරවාරි 24 පළමු විස්සයි විස්ස තරගය  Lucknow
පෙබරවාරි 26 දෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
පෙබරවාරි 27 තෙවැනි විස්සයි විස්ස තරගය Dharamsala
මාර්තු 4 සිට 8 දක්වා පළමු ටෙස්ට් තරගය Mohali
මාර්තු 12 සිට 16 දක්වා දෙවැනි ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) Bengaluru

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<