Dhaka මැරතන් තරගයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් කැපී පෙනෙන දස්කම්

Sheikh Mujibur Rahman Dhaka Marathon 2022

206
Bangabandhu Sheikh Mujibur Rahman Invitational International Marathon 2022

ඊයේ (11) බංග්ලාදේශයේ Dhaka නුවර පැවති Sheikh Mujibur Rahman Dhaka Marathon 2022 මැරතන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාම පළමු 10 දෙනා ඇතුළත තරගය අවසන් කිරීමට සමත්ව තිබුණා.

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයෙකු වන Sheikh Mujibur Rahma අනුස්මරණය කරමින් සංවිධානය කර තිබුණු මෙම මැරතන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහභාගී වුනා.

එහි පිරිමි කාණ්ඩයේ මැරතන් තරගයට සහභාගී වූ මුත්තුසාමි සිවරාජන් තරගය පැය 2:29.47ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර පැය 2:31.32ක කාලයකින් තරගය නිමා කළ තිස්ස ගුණසේකර හට හිමි වුනේ අටවැනි තැනයි.

එමෙන්ම කාන්තා කාණ්ඩය නියෝජනය කළ වේලු ක්‍රිෂාන්ති තරමක කැපී පෙනෙන දස්කම් දක්වමින් පැය 3:01.16ක කාලයකින් ඉසව්ව සිව්වැන්නා ලෙස අවසන් වූ අතර ඇය සමඟම තරග වැදුණු වත්සලා හේරත් පැය 3:10.53ක කාලයකින් තරගය සිව්වැන්නා ලෙස අවසන් කළා.

ජාතික දිගුදුර පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය ජාතික තරගාවලිවල දී දිගුදුර ඉසව්වන්හී ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ අතර පසුගිය වසරේ පැවති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගත්තේ ද මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.

>>තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<