Shafiqueගේ ඉනිම ගැන Babarගෙන් පැසසුම්

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

191
Babar impressed with Shafique

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගන්නට සංචාරක පාකිස්තානය ඊයේ (20) සමත් වුනා.

එහි දී ශ්‍රී ලංකාවට එරෙහිව සුපිරි ශතකයක් වාර්තා කරමින් පාකිස්තානයේ ජයග්‍රහණයට මහඟු දායකත්වයක් ලබා දුන් Abdullah Shafique, පස්වැනි දිනය දඟපන්දු යවන්නන්ට තරමක් වාසිදායක බව පෙනී ගිය බවත්, දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් අනතුරුව පන්දුවේ ඉපිලීම තවත් වැඩි වූ බවත් පවසා සිටියා.

Babar සමඟ පිතිකරණයේ නිරත වීම විනෝදාත්මක බවත් Shafique වැඩිදුරටත් පවසා සිටි අතර Shafique සහ Babar එක්ව ලකුණු 101ක දැවැන්ත සබඳතාවයක් ද ගොඩනඟන්නට සමත් වුනා.

“මට සතුටුයි ඉලක්කය හඹා යන්නට සමත් වීම ගැන. මම කණ්ඩායමටම සුබ පතනවා මේ වාර්තාගත ලකුණු හඹා යෑමට. අපේ සැලසුම සරලයි. අපිට තිබුණේ ලකුණු රැස් කරගන්න එක. මුලින් පිතිකරණයේ නිරත වෙන්න අපහසු වුනත් පසුව එය ලේසි වුනා.

නව පන්දුවත් එක්ක දඟපන්දු යවන්නන්ට ක්‍රීඩා කරන්න අපහසු වුනා. Babar ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක්. අපි ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම රසවින්දා ඔහුත් එක්ක පිතිකරණයේ නිරත වීම”.

Babar පළමු ඉනිමේ දී ද ලකුණු 119ක් රැස් කරන්නට සමත් වුනා. පාකිස්තාන පළමු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 104-7ක් වෙද්දී Babar අවසන් පිතිකරුවන් සමඟ එක්ව ලකුණු පුවරුව ඉහළ දැමූ අතර අවසන් කඩුල්ලට Naseem Shah සමඟ ලකුණු 70ක සබඳතාවයක් ගොඩ නැගුවා.

“පළමු ඉනිමේ දී අපි පන්දුවෙන් හොඳින් දස්කම් දැක්වූවා. අපි අවසන් පිතිකරුවන්ට ස්තුති කරන්න ඕනේ ඔවුන් මට දුන් සහයෝගයට. විශේෂයෙන්ම Naseem Shah. අපි දන්නවා දඟපන්දුවට ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපි විශ්වාස කළා. මම සහ Abdullah අපි උත්සහ කළේ සබඳතාවයක් ගොඩ නගන්න. යොවුන් ක්‍රීඩකයෙක් ලෙස ඔහු හොඳ දස්කම් පෙන්වනවා. ඔහු දස්කම් දක්වනවා බලන්නත් සතුටුයි”, Babar පවසා තිබුණා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<