Home Sinhala ධනංජයගේ දඟපන්දුව හමුවේ B-Love Kandy ඇඹරෙයි!

ධනංජයගේ දඟපන්දුව හමුවේ B-Love Kandy ඇඹරෙයි!

LPL 2023

163
LPL 2023

2023 LPL තරගාවලියේ 19 වැනි තරගයෙන් B-Love Kandy කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම අද (14) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය B-Love Kandy නායක වනිඳු හසරංග සතු වූ අතර, ඔහුගේ ආරාධනය පරිදි Dambulla Aura ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම පිටියට පිවිසුණා.

දඹුල්ල ඉනිමට විශිෂ්ට ආරම්භයක්

මෙම තරගයට දඹුල්ල නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකිරීම නිසා සදීර ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසුණා. ඔහු සහ අවිශ්ක විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 61ක් එක් කිරීමට සමත් වූ අතර සදීර ලකුණු 31කට දැවී යාමත් සමඟ එම සබඳතාව නිමාවට පත් වුනා.

එමෙන්ම අවිශ්කගේ ඉනිම ද ලකුණු 41කින් නතර කිරීමට Mujeeb Ur Rahman විසින් සමත් වූ අතර ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස අද දිනයේ LPL වරම් ලද ලක්ශාන් එදිරිසිංහ ද ලකුණු 6කට දැවී ගියා.

එතෙකින් ද දඹුල්ල ඉනිමේ කඩුලු බිඳ වැටීම නතර නොවූ අතර, මුළු ලකුණු සංඛ්‍යාව 104ක් වන විට දඹුල්ල ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළීමට Kandy පන්දු යවන්නන් සමත් වුනා.

McDermottගෙන් නැවතත් ප්‍රහාරාත්මක ඉනිමක්

බිඳ වැටෙමින් තිබූ දඹුල්ල ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ Ben McDermott සහ Hayden Kerr දෙදෙනා විසින් දඹුල්ල ඉනිම නැවතත් ස්ථාවර කිරීමට සමත් වූ අතර මෙහි දී Kerr විසින් ලකුණු 26ක් ලබා ගනිද්දී, අනෙක් අන්තයේ සිටි McDermott විසින් පෙර තරගයේ ක්‍රියාත්මක වූ ලෙස ම ක්‍රියාත්මක වෙමින් පන්දු 23කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් McDermottගේ ඉනිම වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ නිමා වීම නිසා දඹුල්ල ඉනිමේ විශාල ලකුණු සංඛ්‍යාවක් සටහන් කර ගැනීමට තිබූ අවස්ථාව ඔවුන්ට අහිමි වී ගියා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවුණු Dambulla Aura ලකුණු පුවරුවේ ලකුණු 162ක් සටහන් වී තිබුණා.

මෙහි දී Kandy වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නුවන් ප්‍රදීප් විසින් ලකුණු 35කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතර Mujeeb Ur Rahman විසින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

B-Love Kandy ආරම්භය අසාර්ථකයි

දඹුල්ල විසින් ලබා දුන් ලකුණු 163ක ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතුව පිටියට පිවිසි Kandy ආරම්භක පිතිකරු යුගලය වූ Mohammad Haris සහ Fakhar Zaman දෙදෙනාව ම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 12ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දඹුල්ල වැඩ බලන නායක ධනංජය ද සිල්වා විසින් සමත් වුනා.

කෙසේ වෙතත් Kandy ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසුණු දිනේශ් චන්දිමාල් සහ පිතිකරණ අනුපිළිවෙළේ ඉහළට පැමිණෙමින් අංක හතර පිතිකරු ලෙස පිවිසි නායක වනිඳු ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක් එකතු කළා.

මීට පෙර ඉනිම් කිහිපයක දී ම පිත්තෙන් විශිෂ්ට දස්කම් පෙන්වූ වනිඳු හට අද දිනයේ නම් එතරම් සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැහැ. පන්දු 11කින් ලකුණු 19ක් ලබා සිටි වනිඳු සචිත ජයතිලක හමුවේ දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසුණු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 15ක් තුළ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් මැතිව්ස්ගේ ඉනිම ද Kandy ඉනිමට ලකුණු 88ක් එක් වන විට නිමා කිරීමට නැවත ක්‍රියාත්මක වූ ධනංජය විසින් සමත් වුනා.

ධනංජය ද සිල්වා විශිෂ්ට පන්දු යැවීමක

මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමෙන් ද නතර නොවූ ධනංජය විසින් එම පන්දුවාරය තුළ දී ම චතුරංග ද සිල්වාගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුනේ මෙම තරගයේ දී දවා ගත් සිව්වැනි කඩුල්ලත් සමඟින් සිය පෞද්ගලික හොඳම විස්සයි විස්ස පන්දු යැවීම ද සටහන් කර ගනිමිනුයි.

ධනංජයගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ Kandy ඉනිමට නැවත නැගී සිටීමට කිසිදු අවස්ථාවක් හිමි වුනේ නැහැ. දිනේශ් චන්දිමාල් පමණක් එක් අන්තයක් රැක ගනිමින් කඩුල්ලේ රැඳී සිටිමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනත් ඔහුගේ ඉනිම අවශ්‍ය තරම් ප්‍රවේගකාරී එකක් වුනේ නැහැ.

එමෙන්ම ඉනිම අවසාන වීමට ආසන්න මොහොතක ඉසුරු උදාන විසින් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුවත් එයත් ජයග්‍රහණයක් කරා Kandy ඉනිම රැගෙන යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වීමටත් පෙර B-Love Kandy ඉනිම ලකුණු 142කට නිමා වුනේ Dambulla Aura මෙවර LPL ලකුණු සටහනේ ස්ථිරව ම අංක එකේ ස්ථානයට පත් කරවමිනුයි.

තරගයේ වීරයා සම්මානය මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නෙකු විසින් සිදු කළ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව දැක්වූ ධනංජය ද සිල්වා හට හිමි වුනා.

Result


B-Love Kandy
142/10 (19.4)

Dambulla Aura
162/7 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Wanindu Hasaranga b Mujeeb ur Rahman 41 27 3 3 151.85
Sadeera Samarawickrama c Mohammad Haris b Chaturanga de Silva 31 26 6 0 119.23
Muditha Lakshan b Mujeeb ur Rahman 6 6 1 0 100.00
Ben McDermott c Ashen Bandara b Wanindu Hasaranga 37 23 3 2 160.87
Dhananjaya de Silva b Nuwan Pradeep  10 16 0 0 62.50
Alex Ross b Nuwan Pradeep  0 2 0 0 0.00
Hayden Kerr c Wanindu Hasaranga b Nuwan Pradeep  26 16 3 1 162.50
Sachitha Jayathilake not out 4 5 0 0 80.00


Extras 7 (b 0 , lb 2 , nb 1, w 4, pen 0)
Total 162/7 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Angelo Mathews 1 0 9 0 9.00
Mujeeb ur Rahman 4 0 32 2 8.00
Isuru Udana 3 0 30 0 10.00
Chaturanga de Silva 4 0 21 1 5.25
Wanindu Hasaranga 4 0 33 1 8.25
Nuwan Pradeep  4 0 35 3 8.75


Batsmen R B 4s 6s SR
Mohammad Haris c & b Dhananjaya de Silva 2 7 0 0 28.57
Fakhar Zaman c Avishka Fernando b Dhananjaya de Silva 8 4 2 0 200.00
Dinesh Chandimal b Hayden Kerr 50 46 6 0 108.70
Wanindu Hasaranga b Sachitha Jayathilake 19 11 2 1 172.73
Angelo Mathews c Dhananjaya de Silva b 26 15 1 1 173.33
Chaturanga de Silva c Dhananjaya de Silva b Chamikara Edirisinghe 1 2 0 0 50.00
Asif Ali run out (Dushan Hemantha) 3 3 0 0 100.00
Ashen Bandara c Sadeera Samarawickrama b Shahnawaz Dahani 0 1 0 0 0.00
Isuru Udana b Pramod Madushan 23 21 2 1 109.52
Mujeeb ur Rahman not out 3 6 0 0 50.00
Nuwan Pradeep  b Pramod Madushan 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 4 , nb 0, w 3, pen 0)
Total 142/10 (19.4 Overs, RR: 7.22)
Bowling O M R W Econ
Pramod Madushan 3.4 0 27 2 7.94
Dhananjaya de Silva 2 0 6 4 3.00
Shahnawaz Dahani 4 1 25 1 6.25
Hayden Kerr 4 0 35 1 8.75
Sachitha Jayathilake 4 0 22 1 5.50
Dushan Hemantha 2 0 23 0 11.50



මේ අතර B-Love Kandy මේ වන විට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියත් මෙවර තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස හෙට (15) දිනයේ Galle Titans සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගයේ තීරණය අනුව මෙම ස්ථානවල වෙනසක් සිදු වීමට යම් ඉඩක් ඉතිරිව පවතිනවා.

එමෙන්ම හෙට තරගය ජයග්‍රහණය කරනා කණ්ඩායමට Play-Off තරග වටය වෙත පිවිසීමට අවස්ථාව හිමි වන අතරම, හෙට තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවුනහොත් Jaffna Kings කණ්ඩායමට ද Play-Off වෙත පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇත.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස හෙට අතිශය තීරණාත්මක තරගයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි.

එමෙන්ම එම තරගය පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<